Monday, July 28, 2025

ඔබේ කක්කා මොන පාටද? Poop Color


 අයියා GI surgery MO නේද? 

ඔව් නංගි.

මම ...... ward එකේ HO. අයියා referral එකක් තියෙනවා. patient කෙනෙක්ට malena තියෙනවා...

මම ඇවිත් බලන්නම්. 


දැන් පලයන්කො කක්කා බලන්න. 

Malena කියන්නේ කලුපාටට තාර වගේ මලපහ පිටවෙනවට. ඒක රෝගයක් නෙවෙයි. රෝග ලක්ෂණයක්. 


අවුරුදු 60 ක විතර තාත්තා කෙනෙක්. ඇවිත් තියෙන්නේ හුස්ම ගන්න අමාරුවෙලා. වාට්ටුවට ආවට පස්සේ කරපු රුධිර පරීක්ෂණයේ හිමොග්ලොබින් මට්ටම 4.8 යි. (සාමාන්‍යයෙන් ලේ වල හිමොග්ලොබින් 11 වැඩියෙන් තියෙන්න ඕනේ. හිමොග්ලොබින් තමයි අපි හුස්ම ගන්නකොට පෙනහලු වලින් ගන්න ඔක්සිජන් ශරීරය පුරා අරන් යන්නේ හිමෝග්ලොබින් වලින්. 

හුස්ම ගන්න අමාරු වෙන්නේ හිමෝග්ලොබින් අඩුවෙලා නිසා. 

දැන් හොයන්න ඕනේ හිමෝග්ලොබින් අඩුවෙන්න හේතුව. 


තාත්ත ඇඟේ කොහින් හරි ලේ පිටවෙනවද? මූත්‍රා කරද්දී, මලපහ කරද්දි එහෙම. 

නෑ මහත්තයෝ. 

එතකොට කලු පාටට මලපහ යනවද? 

ඔව් එහෙමනම් තියෙනවා දැන් දවස් හට අටක ඉදලා .


තව විස්තර අහල ඉවර උනාට පස්සේ ඔන්න පරීක්ෂා කරලා බලන්න හදන්නේ. 

ගුද මාර්ගයට ඇඟිල්ලක් දාලා බැලුවා. ඇඟිල්ල අරන් බලනකොට කලු පාටට දිලිසි දිලිසි තාර වගේ කක්කා තියෙනවා. 


කක්කා, කක්කි, මලපහ stool වල පාට, ස්වභාවය, පිටවන වාර ගණන වැදගත්ද?

ඔව් සමහර රෝග වල රෝග ලක්ෂණයක් විදියට මලපහ වල ස්වභාවය වෙනස් වෙනවා. 


ඒ තාත්තට දවස් ගාණක් කලු පාටට මලපහ ගියත් ගණන් අරන් නෑ. ඇත්තටම ඒ තාත්තට ඒ ගැන අවබෝධයක් තිබිලා නෑ. අන්තිමට ලේ පයින්ට් දෙක තුනකුත් දීලා තමයි නතර උනේ. 


මලපහ ගැන කතා කරන්න ටිකක් ලැජ්ජා හිතුනත්, ඒක අපේ අසනීපයක් ගැන ඉඟියක් දෙනවා වෙන්න පුළුවන්.

ඉතින්, අපි බලමු මලපහ වල වර්ණය ගැන දැනගන්න ඕනේ මොනවද කියලා.


🟤 දුඹුරු (Brown) - තමයි හොඳම.

පිත් යුෂයේ තියෙන බිලිරුබින් (bilirubin) නිසා මලපහ දුඹුරු පාට වෙනවා. ඒක ඔයාගේ ආහාර ජීර්ණයේ සාමාන්‍ය ක්‍රියාවලිය. අපේ ආහාර හින්දා මලපහ වල පාට ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒක ලොකු ගැටලුවක් නෙමෙයි.


🟢 කොළ පාට (Green) 

බිලිරුබින් බඩවැල් තුලින් ඉක්මනට ගියොත්, මලපහ කොළ පාට වෙනවා. එහෙමත් නැත්නම් කොළ පාට එළවලු ජීරණය වෙන්නේ නැතුව පිට වෙනකොට එහෙම වෙන්න පුළුවන් ( IBS වගේ තත්ත්ව වලදි). 


⚪ සුදු හෝ මැටි පාට (Pale/Clay-colored)

පිත් යුෂයේ තමයි බිලිරුබීන් තියෙන්නේ. මලපහ වලට කහ/ දුඹුරු වර්ණය එන්නේ බිලිරුබින් නිසා. පිත් යුෂය ආහාර මාර්ගයට එන්නේ නැති උනොත් මලපහ මැටි වගේ පාටකට හැරෙන්න පුළුවන්. මේක අක්මාවේ හරි පිත්තාශයේ හරි පිත්ත නාලයක හරි ගැටලුවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. බැරෑරුම් තත්වයක් වෙන්න පුළුවන්. 


⚠️ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. පිත්තාශයේ ගල්, හෙපටයිටිස්, හෝ වෙනත් අක්මාවේ ලෙඩ, පිත්ත නාලයේ පිළිකා ගැන බලන්න ඕන.


🔴 රතු හෝ රෝස පාට (Red/Pink)

ලේ තමයි මේකට හේතුව. බඩවැල් වල ලේ ගැලීමකින්, අර්ශස් වලින් හරි බඩවැල් වල ගැටලුවකින් (විශේෂයෙන් පහල බඩවැලේ) වෙන්න පුළුවන්. 

බීට් ගොඩක් කෑවත් මෙහෙම වෙන්න පුළුවන්! 😄 

බීට් නම් ගැටලුවක් නැහැ. ඒත් හේතුව ලේ ගැලීමක් නම් නොසලකා ඉන්න බෑ. රතු පාට එක දිගටම තියෙනවනම් හරි බඩේ කැක්කුම එක්ක තියෙනවනම් ඉක්මනින් ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න.


⚫ කළු (Black)

බඩවැලේ ඉහල කොටසේ ලේ ගැලීමක්(oesophageal varices,  gastric ulcer) නිසා හරි යකඩ පෙති නිසා මෙහෙම වෙන්න පුළුවන්. යකඩ පෙති හින්දා නම් ලොකු ගැටලුවක් නැහැ. ඒත් ලේ ගැලීමක් නිසා නම් බරපතල වෙන්න පුලුවන්.


⚠️කළු, තාර වගේ (tarry) පාටට මලපහ යනව නම්, ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ඒක බඩවැලේ ලේ ගැලීමක ලක්ෂණයක්.


🟡 කහ (Yellow)

ආහාරවල මේදය හරියට ජීර්ණය උනේ නැති උනොත් මලපහ තෙල් සහිත, කහ පාටකට හැරෙන්න පුළුවන්. අග්න්‍යාශයේ ගැටලු, පිත්තාශයේ ගැටලු වගේ තත්ව එක්ක මෙහෙම වෙන්න පුළුවන්.

⚠️මලපහ එක දිගටම කහ, තෙල් සහිත, ගඳ ගහනවා නම් ඩොක්ටර් හම්බෙන්න.


🚨 කවදද ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න ඕන

- මලපහ වල වර්ණය එක දිගටම අසාමාන්‍යය නම්

- බඩේ වේදනාව, උණ, බර අඩුවීම, රුධිර හිඟකම (anemia) වගේ ලක්ෂණ තියෙනවා.

- කෑම / බෙහෙත් එක්ක මලපහ වල පාට වෙනස් වෙන්නේ නෑ කියලා හිතෙනවා නම්.


📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.  මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 22k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න..

සකල බ්ලොග් වාසින්ගේ හිතසුව නීරෝගිසුව පිණිස බුකියෙන් උපුටා මෙහි පලකරණ ලදි....

9 comments:

  1. හය්යූ සංසාරේ මං යනවා යන්න 🙃

    ReplyDelete
  2. අජිත් ධර්මකුමාර - මග්ගොනJuly 28, 2025 at 1:01 PM

    මහත්තයා නගර සභාවේ පොදු වැසිකිලියේ මුදල් එකතු කරන කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. නගර සභා පොදු වැසිකිලියේ මුදල් එකතුකරන්නාත් වැසිකිලි පිරිසිදු කරන්නාත් කරන්නේ රස්සාවක් ... ඒකෙන් ලැබෙන මුදලින් දරුපවුලක් නඩත්තු කරනවා ඇති.. ඔයාලා වැනි උගතුන් නොකරන රස්සාවකට ඇයි ඔය මහත්තයා අයතා අයුරින් මුදල් උපයන්නේ නැති එහෙම පුද්ගලයින්ට අපහාස කරන්නේ???

      Delete
  3. ගූ කේස් එකක්නෙ මේක.

    බ්ලොග් වල පඩ, ගූ කතාවලට ප්‍රසිද්ද වෙලා හිටියෙ කතන්දරකාරය (රසික) තමයි.

    ReplyDelete
    Replies
    1. ලගකදි එයාගෙන් ගූ කතාවක් ආවේ නෑ

      Delete
    2. KAKKA BUWA LIYANNEMA CHOO / JEE / PADA/ JOKKU/ SU KRA/ KAI PADA ETC. WAGE TOPICS MA NE. DAN MAN CIVILIZED WELA. MAMATH KALEKIN COMMENT KALA BUWAGE ANTHIMA POST EKATA

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

ඔබේ කක්කා මොන පාටද? Poop Color

 අයියා GI surgery MO නේද?  ඔව් නංගි. මම ...... ward එකේ HO. අයියා referral එකක් තියෙනවා. patient කෙනෙක්ට malena තියෙනවා... මම ඇවිත් බලන්නම්....