ඊයේ අපේ Endoscopy දවස. Endoscopy පරීක්ෂණය ගැන හැමෝම දන්නවා ඇති කියලා හිතනවා.
අවුරුදු 40 ක විතර තරුණයෙකුගේ endoscopy එකක් කරන්න තිබුනා. එයා සිසරෝසිස් ලෙඩෙක්. Endoscope එක උගුරෙන් පහලට යනකොටම ඔය photo එකේ වගේ තිබුනේ.
ඉතින් අපි අද කතා කරන්න හිතුවා ගලනාලයේ නහර ගැට ගැසීම (Esophageal Varices) ගැන. (ගලනාලය කියන්නේ උගුරේ ඉදන් ආමාශයට කෑම ගෙනියන නාලයට)
අපි කන කෑම බඩවැලේ දි ජීර්ණය වෙනවා. ඊට පස්සේ ඒ කෑම වලට මොකද වන්නේ කියලා දන්නවද?
ඒවා අපේ ලේ වලට එකතු වෙනවා කියලා තමයි අපි දන්නේ. ඒත් එහෙම නිකන්ම ඇග පුරාම දුවන ලේ (systemic circulation) වලට එකතු කරලා බෑ. අපි කන කෑම වල එක එක එක විෂ වර්ග, පෝෂ්‍ය පදාර්ථ එක එක ප්‍රමාණ වලින් තියෙන්නේ. ඒවා එක පාරම අපේ ඇග පුරාම දුවන ලේ වලට එකතු උනොත් ගැටලු ගොඩක් ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා අපේ කෑම ජීර්ණය වෙන දේවල් උරාගන්නේ වෙන රුධිර නාල පද්ධතියකට (portal vein - යාකෘතික ප්‍රතිහාර ශිරාව).
ඒක අපේ ආහාර මාර්ගයෙන් පටන් අරන් අක්මාවට ලේ අරන් එනවා. අක්මාව තමයි මේ ලේ පිරිසිදු කරන්නේ. ඒ වැඩ ටික ඉවර උනාම තමයි ලේ ටික heart එක යවන්නේ. Heart එකෙන් තමයි ලේ ඇග පුරාම pump කරන්නේ.
(දෙවෙනි comment එකේ portal vein එකේ photo එකක් තියෙනවා.)
තේරුනාද මන්දා. ටිකක් සංකීර්ණ වැඩක්.
සිරෝසිස් වලදි මොකද වෙන්නේ?
සිරෝසිස් වලදි අක්මාවේ සෛල විනාශ වෙනවා. ඒ නිසා ආහාර මාර්ගයේ ඉදන් ලේ අරන් එන portal vein එකේ තියෙන ලේ වලට යන්න තැනක් නැති වෙනවා. එතකොට portal vein එකේ pressure එක වැඩි වෙනවා. (Portal hypertension)
මේ බාධාව නිසා ලේ අක්මාව හරහා යන්න බැරිව, වෙනත් නහරවලට ගලා යනවා. ඒක හොදද? හොද උනත් නරක උනත් ඒක තමා විසදුම. Portal vein එකෙන් එන ලේ ගලනාලයේ නහර වලට තමයි දැන් යන්නේ. ඒ නිසා ගලනාලයේ නහර ගැට ගැහෙනවා. ඒවා තමයි esophageal varices. මේ නහරවල බිත්ති තුනී නිසා, ඒවා ඉරී යන්න ලේසියි.
සිරෝසිස් තියෙන අයට ලේ වමනය යන්නේ මේ නහර ඉරිලා හරි, හිල් වෙලා හරි. මේක මාරාන්තික වෙන්න පුලුවන්.
මේ නහර ගැට ගැසීම් මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ පෙන්නන්නේ නෑ.
රෝග ලක්ෂණ විදියට ලේ වමනය, කළු පාට මලපහ පිට වීම එනවා.
Endoscopy කරලා ගලනාලයේ ලේ නහර බලලා තමයි Diagnose කරන්නේ.
✅️ප්‍රතිකාර මොනවද?
1. Portal vein එකේ pressure එක අඩු වෙන්න බෙහෙත් දෙනවා
2. Endoscopic banding - ලේ නහරවලට රබර් බෑන්ඩ් එකක් දාලා ගුලි වෙන්න සලස්වනවා.
CLCD ඇතිවෙන්න හේතු ගොඩක් තියෙනවා.
- බීමත්කම (excessive alcohol consumption)
- Hepatitis B/C ආසාදන
- Fatty liver disease (අක්මාවේ තෙල්)
🔴🔴🔴වැඩි වැඩියෙන් බීලා සිරෝසිස් හදාගනිල්ලා..🔴🔴🔴
📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 26k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
#DrGayan, #MedicalCare #HealthyLifestyle #healthtips #EsophagealVarices_Gayan
මේක කොළොම්පුරයා විසින් සලක බ්ලොග්වාසින්ගේ හිතසුව නීරෝගි සුව පිණිස මුහුණු පොතෙන් උපුටාගෙන පලකරන ලදී..
අරක්කු බිව්වම සිරෝසීස් හැදෙනවනම් නැව්කාරයෝ ඔක්කොටම හැදෙන්න එපැයි.
ReplyDeleteමම දන්න නැව්කාරයෝ නම් ඔක්කොම අරක්කු බොනවා.
කොලොම්පුරේ නාවිකයා අධික මත්පැන් පානය කරන්න.
අනික නෑවුකාරයෝ සමරිසි ඇසුරට කාන්තා ඇසුරට එහෙමත් ලොල්.
ඒවායින් වැලකී සිටීම තමයි ගැලපෙන්නෙ නේද.
ඔයා හැන්දවට අත පය වෙව්ලනවාට අරක්කු බාගයක් ගැහුවට කමක් නෑ.
උදේ නැගිට්ටම ටිකක් ඔය ඇගේ පතේ අමාරුවට භාගයක් ගැහුවට කමක් නෑ.
ඒවාට ඇබ්බැහි වෙන්න හොඳ නෑ.
අන්න ඒකයි කියන්නේ.
කවුරු කවුරුත් ඒවා තේරුම් ඇරගෙන සිටින්න. බත් කෑවම් පස්සේ සිගරට් එකක් බිව්වට කමක් නෑ.
දැන් බොහෝ නැව් වල Hard liquor බොන්න දෙන්නේ නෑ ධර්මකුමාර මහත්තයෝ..
Deleteඕනෑම දෙයක් නොකර ඉන්නත් හොද නෑ වැඩියෙන් කරන්නත් හොද නෑ.මද පමනින් කරාම හොදටම ඇති නේද ධර්මකුමාර මහත්තයෝ..
හුම්: ඉඳල ඉඳල ලියා තියෙන්නෙ. ආයෙ එඤ්ඤං 😁
ReplyDeleteපොඩ්ඩක් හිටු බත් ඩිංගක් කාලා හවස් අතේ යන්න....
Deleteපොඩි එකක් දාල, නාල කරල එහෙම කන්න පටංගන්න ඕන.
Deleteනරි නෑව්වත් නයි නාවන්න බෑ..
Deleteයකඩෝ! සැදැහැතින් කියවගෙන ආහම අන්තිමේ තියෙනව... වෙන කෙනෙක්ගෙ කියල. නයාම කාපි කොළොම්පුරයව 🐍
Delete😁😁
නාවන කතාවක් ඇහිලයි ආවෙ. මස් කටු නැද්ද?
Deleteදැං හැම ඒකාම පේස්පුක් එකේ තියන ඒව කොපි කරල බ්ලොග් වල දාන්න පටං අරංද?
ReplyDeleteමාත් ලොකු උනාම බ්ලොග් එකක් හදල එහෙම කරල බලන්න ඕන ඉඳගෙන.
ඉස්සර බ්ලොග් එකේ ඒවා කොපිකරලා බුකියේ දැම්මා ... දැන් බුකියේ ඒවා කොපි කරලා බ්ලොග් එකේ දානවා.. කාලය මැව් වෙනසක අරුමය..
Deleteබොගේ ලොකුවෙන්න තව මොනාද ඉතිරිවෙලා තියෙන්නේ???
හ්ම්... කාලය මැව් වෙනසක අරුමේ x 2. 🤔
Deleteකමක් නෑ වටිනා කියන දේවල්, දැණුම කොහෙන් කොහාට බෙදා ගත්තත් මොකද?🙏
උදේ ඇවිත් පොටෝව දක්කම ආයෙ හැරිල ගියා 🙃 දැන් හිමිහිට කියෙව්ව දැනගෙන ඉන්න එක වටිනවනෙ කොයිකත්
ReplyDeleteඒ තාත්තාත්, මේ තාත්තාත් හැර තවත් තාත්තලා සිටී ද?
ReplyDelete