Saturday, January 21, 2017

පාර පනින කොළොම්පුරේ මී හරක්





කොළොම්පුරේදි පාර පනින මීහරක් දැකලා නැද්ද? හැමදාම කොළොම්පුරයට රැකියාවට එන යන මට නම් මේ මීහරක් රැල දිනපතාම හමුවෙනවා. දන්නවාද මේ මිහරක් වැඩියෙන් ඉන්නේ වැල්ලවත්තේ කියලා? ඔව් වැල්ලවත්තේ තමයි. ආ තවත් එකක් දැන් ගොල්ෆෙස් එක ලගිනුත් චිනෙන් ඉල්ලංකාවට ආපු චින මීහරක් පාර පනිනවා. උදේට ගියොත් බලාගන්න පූලුවනි. උනුත් දැන් මේ අම්මටසිරි ඉල්ලංකාවේ ශ්‍රේෂ්ඨ පුරුදුවලට ඉක්මනටම පුරුදුවෙලා.  


 හැබැයි මේ මීහරක් මඩ ගාගෙන උඹ්බෑ කියාගෙන ඉන්නේ නෑ. ලස්සනට ඇදලා පැලදලා අපුරුවට සිංහල දෙමළ ඉංග‍්‍රිසි කතා කොරනවා. මිනිස් වේශයෙන් ඉන්න මී හරක්ට මීහරක් කියලා ඇමතුවාට ගෝ කුලයේ ගව මහිෂ ආදි සතුන් මට විරුද්ධව නඩුදායිද  දන්නේ නෑ. ගෝ කුලයේ සතුන්ටත් මේ අවේලාවේ පාර පනිනා මීහරක්ට වඩා මොලේ තියෙනවා. 


දෙහිවල පාලමෙන් එහා සිට කොළොම්පුරේට එනකම් ගාලුපාරට තාරදාලා පදික වේදිකාවල් ලස්සනට අලංකාරෙට හදලා විතරක් නොවෙයි පාරමාරුවෙන්න පහසුවෙන්න කහ ඉරි (සමාවෙන්න දැන් සුදු ඉරි) තියෙන තැන්වලටත් වර්ණ විදුලි සංඥා සවිකරලා දුන්නා.  ඉතිං ආන්ඩුවේ රට කරවන ඇත්තෝ (ගිය ආන්ඩුවේ ඇත්තෝ) අපේ බදු සල්ලි උන්ගේ සුඛ විහරනයට විතරක්ම පාවිච්චියට නොගෙන මිලියන ගානක් වියදම් කලේ මහාමාර්ගය පාවිච්චි කරනා මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරුකරන්න තමයි. එත් දෙයියනේ පාරමාරුවෙන්න කොල එළිය වැටිලා තියෙද්දි පාර පනින්න එකෙක් වත් නෑ. බැලින්නම් මුන් ඔක්කෝම පාර පැනලා තියෙන්නේ පාර මාරුවෙන්න එපා කියලා රතු එළිය නැත්නම් වාහන ධාවනය වෙන්න කොල පාට එළිය වැටුන වේලාවටයි. මුන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගාල කඩාගෙන යන
මීහරක් රංචුවක් වාගේ පාර පනින අපුරුව බලාගෙන ඉන්න හරිම ආසා හිතෙනවා. ඒ වේලාවට තමයි හිතෙන්නේ ඉතිං මේ මීහරක්ගේ වැදු අම්මලා, පුංචි අම්මලා, ආච්චිලා, අත්තම්මලා, කිරිඅත්තම්මලා විතරක් නොවෙයි ගෙවල්වල ඉන්න හා  උපදින්න ඉන්න ගෑනු දැරිවියන්ටත් වික්ටොරියා සීක‍්‍රට් එකෙන් අර මොකකද්ද ජාති එවා අරන් දෙන්න. 

වාහන වලට යන්න මාර්ග සංඥාවේ කොළ එළිය වැටුන වේලාවටම පාර පැනපු මිහරකෙක්ගේ ඇගේ වාහනයක් එහෙම හැපුනොත් ඉතිං අඹ සරණයි තමයි. වැරද්ද පාර පැනපු එකාගේ උනත් වටේ පිටේ උන් විතරක් නොවෙයි අපේ පොලීස් උත්තමයොත් පොරියල් එක දෙන්නේ වාහනය එලවපු එකාට තමයි. ඔය පාර පනින මීහරක් දිහාවත් ඇහැක් ඇරලා බලන්නේ නැතිව ඇස් පිය නොහෙලා අපේ ට‍්‍රැපික් පොලීස් උත්තමයොත් බලා ඉන්නේ වාහනයක් වැරදියට යයිද කියලා විතරයි. දන්නවානේ උන්ගෙන් විතරයි දඩයක් එහෙම කඩාගන්න පුළුවන් වෙන්නේ කියලා. 


නීතිය නමලා තමනුත් නැමිලා විතරක්නොවේ අඩලා ලෝක පූජිත වෙච්චි පොලීසියේ ලොකු මහතැන් මේ ලිපිය දැක්කොත් හරි එයා දන්න කියනා කවුරුහරි දැක්කොත් එයාට කියන්න යුනිෆොම් ඇදපුනැති පොලීසියේ (නිර්වස්තරෙන් නොවෙයි) එක්නෙක් දෙන්නෙක් ඔය පාර මාරුවෙන තැන් වල තියලා අවේලාවේ පාර මාරුවෙන මීහරක් ටික එක තැනකොට ගාල් කොරන්න කියලා. පුළුවන්න නම් උන් ටික මස්කඩේට දක්කන්න කියලා. එහෙම බැරිනම් එවෙලේම දඩයක් ගහලා උනත් උන්ව රිලිස් කොලොත් මීට පස්සේ අවේලාවේ පාර පනින එකත් නැතිවෙයි. පාන්ඩුව හැදිච්ච ආන්ඩුවටත් ගුල්ලෝ ගහපු මහා භාන්ඩාගාරයටත් කීයක් හරි හොයාගන්න මෙන්න හොද පොටක්. මේ මීහරක් දඩ ගහනවා කියලා බස් කාරයෝ වගේ ස්ට‍්‍රයික් කොරන්න යන එකක් නෑ. 


වාහන පදවන්නන්ටත් විතරක් නොවෙයි පදිකයන්ටත් විනයක් ඇතුව මහාමාර්ගය පාවිච්චි කොරන්නයි කියලා කොළොම්පුරේ ඉල්ලන්නේ. 

12 comments:

  1. දැන් කුඹුරු මඩ කරන්න ගන්නේ මොක්කුන්වද.....

    ආකල්ප සහ විනය පිලිබඳ උඩ ඉඳන් යටටම ප්‍රශ්න..

    ReplyDelete
    Replies
    1. ඇයි දේශපාලුවෝ ඉන්නේ. උන්ට හොදට මඩ නාලා මඩකාලා පුරුදුයි.

      Delete
  2. පාර හැම තැනින්ම පයිනවා මදිවට ....කහ ඉරෙන් පනින්නේ ...පුටුවෙං නැගිටල සාලේ මැද්දෙං ටීවි රිමොට් එක ගන්ඩ යනවා වාගේ

    ReplyDelete
  3. එක ඇත්ත. කහ ඉර උන්ට ලියලා දුන්න බුදලයක් කියලා හිතාගෙන.

    ReplyDelete
  4. පනින්න ඉඩ දුන්නාම පුක නටෝ නටෝ යන එකනේ බං මලම පනින්නේ..

    ReplyDelete
  5. දෙහිවල ඉදන් ගෝල්ෆේස් යනකම් කලර් ලයිට් වලට නේද පාර පයින්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව්. වැඩියෙන්ම වැල්ලවත්තේ පොලීසිය ලගින්

      Delete
  6. ඇත්ත.. දෙගොල්ලොන්ම හොඳ විනයක් ඇතුව මහාමාර්ගය පාවිච්චි භාවිතා කරන්න ඕනෙ.

    ReplyDelete
  7. ඔය කහ ඉරි තමංගෙ බූදලයක් කියල හිතාගෙන පුක වන වන යන එවුවොයි, වාහනයක් නවත්තගන්න වෙලාවක් නෑ කියල දැන දැනම කහ ඉරට පනින එවුවො තමයි මටනං ‍පේන්න බැරි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමම තමයි. මේ ලිපිය ලියන්න බොහෝම කාලයක් හිත හිත හිටියා. අන්තිමේ නොලියා ඉන්නත් හිතලා අඩුම තරමේ එකෙක් දෙන්නෙක් වත් මේක කියවලා හරි හැදෙයි කියලයි ලිව්වේ.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...