ශ්රී ලාංකික අපිට නම් ලොයර් කෙනෙක් නැත්නම් නීතිඥ මහත්තයෙක් ගැන කිව්ව සැනින් මතක්වෙන්නේ කළු කොට් බෑයයි උසාවියයි නඩුවට යන වියදමයි තමයි. නඩු කියලා ප‍්‍රසිද්ධ වෙච්චි ලෝයර්ලා ලංකාවේ කොපමණ හිටියත් නුර්තියෙන් කීර්තිමත් වෙච්චි ලොයර් කෙනෙක් ගැන අහලා තියෙනවාද? එ් තමයි සිංහල නාට්‍යයේ පියා, ලංකා කාලිදාස නැත්නම් ශ්‍රී ලංකාවේ ෂෙක්ස්පියර් යන විරුදාවලීයන් ගෙන් පුදනු ලැබු හා හැඳින්වුනු නීතිඥ ජෝන් ද සිල්වා මහත්තයා.
ජෝන් ද සිල්වා මහතා උපන්නේ 1857 ජනවාරි 13 වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ තෙලෙඹුගහවත්ත ගමේ විසු සම්භාවනීය මාකලන්ද පවුලේ. එතුමාගේ පියා මාකලන්දගේ දොන් බැස්ටියන් ද සිල්වා. අම්මාගේ නම නාවල දොන් මනුවෙල්ගේ දෝන ඉසබෙලා හාමිනේ. කුඩා කාලේ කෝට්ටේ කි‍්‍රස්තියානි පාසලෙන් අධාපනය ඇරඹු එ් මහතා ශිෂ්‍යත්වයක් ලබාගෙන වැඩිදුර ඉගෙන ගන්න කොළඹ ඇකඩමිය කියලා එ් කාලේ කිව්ව රාජකීය විද්‍යාලයට ඇතුල්වූනා. මේ කාලේදි දොන් අන්දිරිස් සිල්වා බටුවන්තුඩාවේ නැත්නම් බටුවන්තුඩාවේ පඬිතුමාගෙන් හා හෙන්රි පෙරේරා මහත්තුරුන්ගෙන් සිංහල, පාලි, සංස්කෘත භාෂා හදාරන්න ගත්තා. එ් ලැබුණු භාෂා ඥාණය නිසා වෙන්න ඕනේ අපිට විශිෂ්ට සිංහල නාට්‍ය බිහිවුනේ.
පාසල් ගමනින් පස්සේ ගුරු වෘත්තියට අවුරුදු විසිපහේදි එකතුවුනා. එ් කාලේ කොළඹ ශාන්ත ජෝශප් හා වෙස්ලි විද්‍යාලවල ගුරුවරයෙකු වෙලා හිටියා. ගුරුකමේ ඉන්න අතරේදි ලක්මිණි පහන, කවට තිලක පත්තරවලටත් ලිපි යන්න පටන්ගත්තා. පාඨශාලා පරික්ශක ඇස්. වෙලායුදන් මහත්තයාගේ මග පෙන්විම හින්දා ගුරුකම අතහැරිය ජෝන් ද සිල්වා මහත්තයා නීති විද්‍යාලයට බැදුනේ නීතිඥවරයෙකු වෙන්නයි. නීති විභාගයට පෙනි සිටි දොලොස්දෙනාගෙන් පළමුවෙනියා වෙන්න එ් මහතාට පුළුවන්වූනා. එ් අධ්‍යාපනයෙන් පස්සේ නීතිඥවරයෙකු විදිහට වැඩ කරද්දි මනස නම් වැඩ කලේ නාට්‍ය යා කාව්‍ය රචනා කරන්න තමයි.
ජෝන් ද සිල්වා මහත්තයා අවුරුදු විසිතුනේදි කොටහේනේ කතෝලික පවුලකින් කසාදයක් එහෙම කරගත්තා. සෙලෙස්තිනා පෙරේරා මෙනවිය බැන්දාට පස්සේ එයාලට පිටර් ද සිල්වා, ඇලිස් ද සිල්වා, ජෝසප් ද සිල්වා නම් තිබ්බ දරුවෝ තුන්දෙනෙක් ලැබුණා. සෙලෙස්තිනා පෙරේරා මියගියාට පස්සේ දෙවන වරටත් ජෙනට් පි‍්‍රසිලා ගුණතිලක මෙනවිය සමගින් විවාහ වුනා. එයාගෙන් ගැලැඩිස් ද සිල්වා නම් දියණිය උපන්නා. දෙවන බිරිඳත් මිය ගිය හින්දා අපේ නීතිඥතුමා තුන්වන සැරේටත් කසාදයක් එහෙම කරගත්තා. ජෙරි එ්කනායක මෙනවිය කරකාර බැන්දාට පස්සේ එයාලට තවත් දියණියන් දෙදෙනෙක් උපන්නා කියලා සඳහන් වෙනවා.
සි. දොන් බස්තියන් ජයවිරගේ නුර්ති ශෙලියේ නාට්‍ය වලට පි‍්‍රය කෙරුව මිනිස්සු ඒවා බලන්නට එන්න පටන්ගත්තා. ජෝන් ද සිල්වා මහත්තයා තමන්ගේ යාළුවන් එකතු කරගෙන පිහිටුවා ගත් සිමාසහිත ලංකා පුර්ව දිග නාට්‍ය සමාගම මගින් 1886 ජුනි 05 දවසේ පිටකොටුවේ මල්වත්ත පාරට යාබඳ රැකට්කොට් එකේ තිබුණ පූෂ්ප ශාලාවේ (Floral Hall) තමන්ගේ පළමු වේදිකා නාට්‍ය වු "රාමායණය "වේදිකාගත කෙරුවා. මේ නාට්‍යයේ ජෝන් ද සිල්වා මහත්තයා විශේෂ රංග උපක‍්‍රම භාවිතා කෙරුවා. මේ රාමායණය නාට්‍ය ප‍්‍රසිද්ධ වෙයි කියලා බය වෙච්චි සතුරෝ පුෂ්ප ශාලාවට ගිනිතිබ්බා. ශාලාව දැවි ගිහිල්ලා නාට්‍ය පෙන්විම නතරවුනා. මේ නාට්‍ය පසුව ප‍්‍රසිද්ධවුනේ "ගිනිගත් රාමායණය" කියලා තමයි. මේ ලංකා පුර්ව දිග නාට්‍ය සමාගම වෙනුවෙන් එතුමා "පරාක‍්‍රමබාහු", "ගිනිගත් හටන හෙවත් හනුමා", "නලාගිරිචරිතය", "සීතාහරණ හෙවත් ගිනිගත් රාමායණය" හා "දස්කොන්" නාට්‍ය රචනා කළා.
ගිනිගත් රාමායණය නාට්‍යයෙන් පස්සේ ටික කලක් නිහඬව හිටිය ජෝන් ද සිල්වා මහත්තයා 1092 දි ආර්්‍ය සුබෝධ නාට්‍ය සභාව පිහිටුවා ගත්තා. පියදාස සිරිසේන වැනි ලේඛකයින් ගෙනගිය ජාතික ව්‍යාපාරය හා අමද්‍යප ව්‍යාපාරයට ආර්්‍ය සුබෝධ නාට්‍ය සභාවෙන් මහත් රුකුලක් ලැබුණා. "සිංහල පරාභව නාටකය" (සුරා කාණ්ඩය) (1901), "සිංහල පරාභව නාටකය" (සිරිත් කාණ්ඩය) (1902), "සියබස් ලියගේ විලාපය" (1906), "ශ‍්‍රී වික‍්‍රමසිංහ රාජසිංහ - අපේ අන්තිම රජ" (1906) නාට්‍ය ආර්්‍ය සුබෝධ නාට්‍ය සභාව සඳහා රචනා කෙරුවා. ජාතික අමද්‍යප ව්‍යාපාරය බෙලහින විමත් එක්කම මේ නාට්‍ය සභාවද අවසන්වුනා.
1913 දි ජොන් ද සිල්වා මහත්තයාගේ කලා ජිවිතය තවත් එක් පියවරක් ඉදිරියට තිබ්බේ විජය රංග සභාව පිහිටුවා ගනිමින්. ඔහු මේ රංග සභාවට "අලකේශ්වර චරිතය" (1913) "මහනාම චරිතය" (1913) "දේවානම් පියතිස්ස චරිතය", (1914) "කැප්පොටිපොළ" (1916) නාට්‍ය රචනා කළා. ටික කාලයකින් මේ රංග සභාවේ නම ශ‍්‍රී ලංකා නාට්‍ය සභාව විදිහට වෙනස් කරගෙන "කුස ජාතක දෘශ්‍ය කාව්‍ය" (1916) රචනා කළා.
ජෝන් ද සින්වා මහත්තයා නාට්‍ය රචකයෙක් නිෂ්පාදකයෙක් විතරක් නොවෙයි දක්ෂ කවියෙක් හා කථිකයෙක්ද වුනා. එතුමා 1912 දි රචනා කරපු කවි 100 කින් යුක්ත "ශ‍්‍රීපාද ශතකය" කොතරම් ජනප‍්‍රියවුනා කිව්වොත් එකේ මුද්‍රණ පිටපත් 10,000 වඩා විකුනුනා.
1915 දි ඇතිවු සිංහල මුස්ලිම් කෝලාහලය නිසා රාජදෝහි චොදනාව යටතේ සිරභාරයට ගෙන වැලිකඩ බෝඩිමේ සිටින්නටත් ඔහුට සිද්ධවුනා. බත්තරමුල්ලේ සුභූති නාහිමියන් බොතලේ වලව්වේ දොන් චාල්ස් ෆ්‍රෙඞ්රික් රිචඞ්, දොන් ස්ටිවන් සේනානායක සහෝදරවරුන් හා අනගාරික ධර්මපාලතුමන්ගේ සහෝදරයන්වු එඞ්මන්ඞ් හේවාවිතාරණ දොස්තර චාල්ස් හේවාවිතාරණ,අධිනීතිඥ ඩි. බි. ජයතිලක, දොස්තර ඩබ්ලිව්.ආතර් ද සිල්වා, ඒ.ඊ. ගුණසිංහ, ආතර් වි. දියෙස් හා ගත්කතුවර පියදාස සිරිසේනයන්ද ජෝන් ද සිල්වා එක්ක හිරේ ඉන්න සිද්ධවුනා.
මුහුදේ නාන්න ගිය අවස්ථාවකදි ගලක් උඩ ලිස්සා වැටිමෙන් වු තුවාල නිසා අසනිපවෙච්චි ජෝන් ද සිල්වා මහත්තයා තමන්ගේ හැටපස්වෙනි උපන් දිනයත් පසුකරලා 1922 ජනවාරි 21 වෙනිදා කොළඹ බුලස් පාරේ (බෞද්ධාලෝක මාවත) ස්පිට්ල් දොස්තර මහත්තයාගේ විචර්ලි ආරෝග්‍ය ශාලාවේ දි අභාවප‍්‍රාප්තවූනා. දැන් එ් දොස්තර ස්පිට්ල් මහත්තයාගේ බෞද්ධාලෝක මාවතේ විචර්ලි ගෙදර තමයි විචර්ලි ජාත්‍යන්තර පාසල තියෙන්නේ.
අප රටේ නූර්ති කලාව වෙනුවෙන් කල සේවය අගයන්නට එතුමාගේ නමින් ජෝන් ද සිල්වා සමරු රඟහලක්ද ඉදිකෙරුවා. එකසිය තිස්වැනි ජන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තුමෙන්තුව විසින් ජෝන් ද සිල්වා මහත්තයාගේ රූපය තියෙන සමරු මුද්දරයක්ද 1987 ජනවාරි 31 වෙනිදා නිකුත් කළා.
ජෝන් ද සිල්වා මහත්තයා ලිව්ව අදටත් ජනප‍්‍රිය ගීත රාශියක් තියෙනවා.
අඹ දඹ නාරං කෙසෙල් දෙල් - රමායණය නාටකය
දන්නෝ බුදුන්ගේ - සිරිසඟබෝ චරිතය නාටකය
සුවඳ පත්ම ඕලූ ආදී නොයෙක් පුෂ්පයෙන් සැදී - දුටුගැමුණු චරිතය නාටකය
දන්න වම්හුම් අප කන්නසාමි රාජධූරයේ - ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ චරිතය නාටකය
අද වෙස්සන්තර රාජ පුතා - වෙස්සන්තර නාටකය
වාසනා දිනේක මේක පාමූ තුටින් සිතේ - රත්නාවලී නාටකය
පිනවන්නට සවන් ඇසුවන්ගේ සොඳින් - ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නාටකය
මගේ මද්‍රි නම් බිසෝගේ - වෙස්සන්තර නාටකය
බෝ දොස් කියා මාගේ බෝ දොස් කියා - වෙස්සන්තර නාටකය
ආදි බොහෝ ගීත හා නාට්‍ය රාශියක් එතුමා රචනා කරලා තියෙනවා.
Write about Spittel too.
ReplyDeleteහොද විස්තරයක්.
ReplyDeleteThank you for the information. I will write a new post about Dr.R.L.Spittel.
ReplyDeleteඅපි ආසාවෙන් අහපු නුර්ති ගීත බොහොමයක් මේ මහත්තැන් ලියාපුවා ... මන් හිතන්නේ 60-90 කාලයේත් මේ වැඩේ හොඳ නිර්මාන් තිබුණ, අද කාලයේ නම් එහෙම ගීත ජනප්‍රිය වෙන ව බොහොම අඩුයි !
ReplyDeleteඑක ඇත්ත. දැන් කාලේ නුර්ති නාට්‍ය හදන්නේ නෑ. මිනිස්සුන්ට බලන්න වේලාවක් නෑ. දැන් වෙන්නේ මේ මහතාගේ ගීත අමුඅම්වේ කොල්ල කන්න හදන එක.
DeleteThaanks for this blog post
ReplyDeleteYou are welcome. Thank you for commenting
Delete