
සුසුමක් සේ සමුගෙන
පැතු රුව ගියදිනේ
රිදවයිද විරහව
සැඟවි හදවත කොනේ
එක්කර බැඳුනේ
දෑඟිලි රන්හුයෙන්
නිවිය හැකිද හද ගිනි
අත වත්කල පැනින්
සිත් බැඳි ආලය
කෙලෙසක සැඟවන්නට
ඔබ මා හමුවන දිනකදී
යළි අප අද
හදවත අයදි සෙනෙහස
පුබුදාලන්නට ආලනුරාවන්
දෙනෙත් වසා
මුලූ ලොවට හොරෙන්
හිතක් පිරෙන්නට මා පෙම් කෙරුව ඔයා
ReplyDeleteදිනක් මගෙන් සමුඅරගෙන යන්න ගියා
පිනක් නැතත් එක්වෙන්නට මටද ඔයා
හිතක් මගෙන් අහනව කෝ කොහෙද කියා......
අසංගගේ කවිය හොදටම දැණුනා. ලස්සනයි.
ජයවේවා!!!
උපන්නත් පෙම් හැගුමන් ගලමින් හදවත පුරා
Deleteදෙතැනක බැදිලා උන්නත් අප මේ දිවිය සරා
සිහිකරමින් ලියන්නෙමි කවක් පත්ඉරුව පුරා
විරහව නැතිව යළි එක්වෙමද අප මේ සසර සරා
ස්තූතියි දුම්
කවි ගලනවනේ. නියමයි.
Deleteඔබතුමාත් කවියකින්ම දැම්මානම් නරකද
Deleteඅවැලන්ටයින් :D
ReplyDeleteදුක විතරයි අන්තිමේදි
Deleteඅසංගයෝ..!! ඔබටත් ප්‍රිති වැලන්ටයින් වේවා..!! 👍🏽
ReplyDeleteඔබටත් ප්රිතිම වේවා.......
Deleteහප්පා ... බුට් එකක් කෑව නම් මීට සැපයි !
ReplyDeleteතාම විදිනවා කන්ඩෝ
Deleteහම්මෝ වැලන්ටයින්... මතක් කරන්න එපා... අහෝ දුකකි ඉරකි තිතකි තමා...
ReplyDeleteආලයෙන් පැරදීමත් ජීවිතේට ශක්තියත් එකතුකරනවා මිතිල
Delete