Tuesday, February 14, 2017

අ සම්මත වැලැන්ටයින්


 

සුසුමක් සේ සමුගෙන
පැතු රුව ගියදිනේ
රිදවයිද විරහව
සැඟවි හදවත කොනේ
එක්කර බැඳුනේ
දෑඟිලි රන්හුයෙන්
නිවිය හැකිද හද ගිනි
අත වත්කල පැනින්
සිත් බැඳි ආලය
කෙලෙසක සැඟවන්නට
ඔබ මා හමුවන දිනකදී
යළි අප අද
හදවත අයදි සෙනෙහස
පුබුදාලන්නට ආලනුරාවන්
දෙනෙත් වසා
මුලූ ලොවට හොරෙන්

12 comments:

  1. හිතක් පිරෙන්නට මා පෙම් කෙරුව ඔයා
    දිනක් මගෙන් සමුඅරගෙන යන්න ගියා
    පිනක් නැතත් එක්වෙන්නට මටද ඔයා
    හිතක් මගෙන් අහනව කෝ කොහෙද කියා......

    අසංගගේ කවිය හොදටම දැණුනා. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උපන්නත් පෙම් හැගුමන් ගලමින් හදවත පුරා
      දෙතැනක බැදිලා උන්නත් අප මේ දිවිය සරා
      සිහිකරමින් ලියන්නෙමි කවක් පත්ඉරුව පුරා
      විරහව නැතිව යළි එක්වෙමද අප මේ සසර සරා

      ස්තූතියි දුම්

      Delete
    2. කවි ගලනවනේ. නියමයි.

      Delete
    3. ඔබතුමාත් කවියකින්ම දැම්මානම් නරකද

      Delete
  2. අවැලන්ටයින් :D

    ReplyDelete
  3. අසංගයෝ..!! ඔබටත් ප්‍රිති වැලන්ටයින් වේවා..!! 👍🏽

    ReplyDelete
  4. හප්පා ... බුට් එකක් කෑව නම් මීට සැපයි !

    ReplyDelete
  5. හම්මෝ වැලන්ටයින්... මතක් කරන්න එපා... අහෝ දුකකි ඉරකි තිතකි තමා...

    ReplyDelete
    Replies
    1. ආලයෙන් පැරදීමත් ජීවිතේට ශක්තියත් එකතුකරනවා මිතිල

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...