Tuesday, March 7, 2017

ඔට්ටුයි ඔයාලට පුලුවනි.........



ඔන්න කොළොම්පුරේට පරන පින්තූරට ටිකක් ලැබුනා. අපේ කොළොම්පුරේට  ගොඩවදින නෝනලා මහත්තුරුන්ට පොඩි අභියෝගයක් දෙනවා පුළුවන්නම් කියමු මේ කොහේද කියලා. තම තමන්ගේ මතක ශක්තිය ඉතිහාසය ගැන තියෙන උනන්දුව එහෙම උරගාලා බලමු. මේ පින්තූර ටික බලලා මේ කොහේද කියන්න ලේසියෙන් පුළුවනි. එහෙනම් ඔන්න මොළේ වටේ බැදිලා තියෙන දුවිලි මකුණු දැල් එහෙම කඩලා පරන අතීතේ අවුස්සලා මේ කොහේද  කියලා කෙමෙන්ටුවක් විදිහට දාන්න. ඔට්ටුයි ඔයාලට පුලුවනි.........

1        



2        




3    





4     



5     



6        

26 comments:

  1. 1 කොලඹ වරාය

    2ගාලුමුවදොර

    3කැලනිගංතොට

    4ප්‍රධාන වීදිය ටයිටස් ගොඩනැගිල්ල

    5ගැස්පහන හන්දිය

    6 ගලුමුවදොර හෝටලය

    ReplyDelete
  2. හිතාගන්න අමාරුයි. තුන්වෙනි පින්තූරෙනම් කැළණි ගඟ වෙන්න ඇති. වටිනා පින්තූර ටිකක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එක හරි නමුත් මොකක්ද විශේෂත්වේ?

      Delete
    2. එවකට ආණ්ඩුකාර ධූරය හෙබවූ සර් එඩ්වර්ඩ් බාන්ස්ගේ සැලසුමකට අනුව සම්පූර්ණයෙන්ම ලීයෙන් තැනූ බෝට්ටු 21 ක් එකට ගැට ගසා නිර්මානය කර ඇති අඩි 500 ක් දිගැති පාලම් පාරුව. මෙය 1822 වර්ෂයේ නිර්මාණය කෙරුණු අතර 1895 රැජිණ පාලම ඉදිවනතෙක් පැවතුණි. මෙමගින් කොලඹ සිට කදුකරයට භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය කිරීමට පහසු වුණා.

      Delete
  3. 5.කොලඹ කොටුව පාර - ට්‍රෑම් කාර් සේවාව

    ReplyDelete
    Replies
    1. පැරණි නගරසභා ශාලාව වම් පැත්තේ තියෙන්නේ.

      Delete
    2. Kotuwe ctb bus stand eka ehapatte rail parawal thiyenawa... ( mage helakuru app eka pissu natanawa appa)

      Delete
    3. දැන් දවස් කිහිපයකට කලින් කොටුවේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව ඉදිරිපිට යොර්ක් ස්ටි‍්‍රට් එකේ පාර හැරුවා මම දැක්කා රේල් පීලි මතුවෙලා තියේනවා. එවා ට‍්‍රෑම් කාර් ගිය රේල් පීලි.

      Delete
  4. ටොප්! දෙවෙනි ෆොටෝ එකේ ලෑන්ඩ් සයිඩ් එකේ තියෙන්නේ ඉස්සර සමුද්‍රා හෝටලය කියලා තිබුන එක නේද...දැන් ටාජ් සමුද්‍රා.

    පස්වෙනි ෆොටෝ එකේ තියන වහල කහපාට මයිනර් ටැක්සි මතකද..එක කාලයක් ටැක්සිවල වහල කහපාටින් තිබිය යුතු වුනා. නම්බර් ප්ලේට් එකේ ඉල්ලක්ම් රතුයි.

    ReplyDelete
    Replies
    1. සමුද්‍රා හෝටලය පිටි පස්සේ තිබුනේ ලොකු පොල් වත්තක් නේද? මැනික් කුරකුලසූරියයි තව දෙමල නළුවෙකුයි රගපෑ ආදරකතාව චිත‍්‍රපටය පටන් ගන්න නම් දාද්දි පෙන්වනවා. කහ පාට වහලේ තිබුන මයිනර් ටැක්සි වලට වඩා තිබුනේ කලුපාට මයිනර් ටැක්සි පැත්තෙන් තිබුන අතක් තිබුන මිටරේ මතකයි අරුන අයියේ.

      Delete
  5. වටිනා පින්තූර සෙට් එකක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොච්චි. තව ගොඩාක් පින්තූර තියේනවා එත් දැම්මා මදියි කියලා පස්සේ හිතුනේ.

      Delete
  6. අභියෝගයක්ම තමයි ඉතින්....

    ReplyDelete
    Replies
    1. දැන් අභියෝගයක් නම් නෑ උත්තර ලැබිලා තියෙන්නේ. එත් මේ එක්කම තියෙන සුන්දර අතිතයක් දකින්නට නම් ලැබෙනවා.

      Delete
  7. Kolompureta godawenna goda dawasak giya... lassana blog akak. වටිනා ලිපියක් ...

    මම galu hotalei
    Kelani gan totupalae විතරයි අඳුරගත්තෙ

    ReplyDelete
  8. ස්තූතියි තරිදු. මේ ගැන වෙනම විස්තරයක් එක්ක පොස්ට් එකක් පසුව දානවා.

    ReplyDelete
  9. මේ ෆොටෝස් සංරක්ෂණය කරන්න වටිනවා... නියමයි ෆොටෝස් ටික නම්....

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා ගොඩාක් අරු
      මේ ටිකයි දැම්මේ.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...