Monday, November 9, 2020

පළිගු කිරිල්ලී - දහඅටවන කොටස

 


කොලුගැටයා ගිය පසු කාමරයේ දොර වසාදැමූ නිලන්ත විදුලි පංකාව ක්‍රියාත්මක කෙරුවේය. යුගල ඇඳක්ද තුවා දෙකක් දමන ලද ඇඳුම් රැක් එකක් හා කණ්නාඩි මේසයකින් සමන්විතවූ එම කාමරයේ එක් පසෙක කුඩා ප්‍රමාණයේ රුපවාහිනි යන්ත්‍රයක්ද සවිකර තිබුණි. කිසිදු රැල්ලක් ඇති නොවන ලෙසින් ඇඳ මත අතුරා තිබූ සුදු ඇතිරිල්ල දෙස මඳ වේලාවක් බලා සිටි ඈ කාමරයේ කෙළවරකට වන්නට තිබුණු කණ්නාඩි මේසය අසළට ගියා ය. කණ්නාඩියෙන් පෙනෙන තම ප්‍රතිබිම්බය දෙස බලා සිටිද්දී පිටුපසින් පැමිණි නිලන්ත ඇගේ උරහිස මතට තම දෑත තබා ඔහු වෙත නැඹුරු කරගත්තේය. මෙතෙක් වේලා ඇගේ උරහිසේ රැඳුනු හැන්ඞ් බෑගය ඉවත්කරවූ නිලන්ත එය කණ්නාඩි මේසය මත තබා ඉන්දිරාව සයනය මත වාඩිකරවාලීය. නළල් තලය මතට උණුසුම් හාද්දක් දුන් ඔහු ඉන්දිරාට පසෙකින් සයනය මත වාඩිගත්තේ ඇගේ උරය මත අතක් රදවමින්ය. ඔහුගේ උණුසුමට අනුගතවූ ඇය නිලන්තගේ උරය මත හිස රැදෙව්වාය. ගත සිත උණුසුම් කරවන අමුතු සුගන්දයක් ඔහුගේ ගෙල දෙසින් ඇයට දැනිණ. ඉන්දිරාත් නොදැනුවත්වම නිලන්තගේ පහස ඉල්ලා සිත මුරගාන්නට විණි. උරයේ රැඳී තිබූ අතින් ඇගේ හිස තමා ගේ මුහුණ වෙත නැඹුරුකරගත් නිලන්තට තම දෙතොලට ඇගේ දෙතොල් මැදිකර උරාබොන්න ඇවැසි විය. ඇයත් ඔහුගේ අවශ්‍යතාවයට අනුබල දෙමින් තම දෙතොල ඔහුට රිසිදේ කරනු පිණිස පුද දුන්නා ය. දෙතොල් උරාබීමෙන් නොනැවති ගෙල දෙසට ගමන් කළ ඔහු නොරිදෙන ලෙසින් ඇගේ කන්පෙත්තක් හිමිහිට විකිය. ඉන්දිරාගේ මුවින් අනුරාගී කෙඳිරියක් පිටවූයේ ඇයටත් නොදැනීමය.  කන්පෙත්තේ සිට සිපගෙන ආ ඔහු ඇගේ ගෙල මුවින් උරා බොන්නට විය. ගෙල දෙසින් නැඟ ආ විදුලි සැරයක් ඇගේ උකුල් පෙදෙස දක්වා ක්ෂණිකයෙන් විහිදී යනු දැනිණ. අතොරක් නැති රස කැලතීම් වලට ආකාස්මිකව මිහිරෙන් මත්ව අඩවන්ව තිබූ නෙතුපියන්  වසාගත්තා ය. ගෙල පෙදෙස උරාබී සැහිමකට පත්නොවූ නිලන්තගේ දෙතොල් හිමිහිට බ්ලවුසයෙන් වැසී තිබුනු පපු පෙදෙස ආක්‍රමණය කළේ රණතිසරුන් සුවිසල් දැත් යුග්මයට හසුවී තෙරෙපෙද්දීය. උන්මාදනීය මිහිරෙන් මත්වූ ඉන්දිරා තව තවත් නිලන්තට තුරුල් වෙද්දී ඉන් උත්තේජනයට පත්ව ගිය නිලන්ත බ්ලවුසයේ බොත්තම් පන්නා දැමීය. තනපටයේ ගාංචුව විවරවූ සැනෙන් නිදහස්ව ගිය රණහසුන් යුග්මය දෙතොලට අසුවිය. මුවින් පිටවන්නට නොදී ආයාසයෙන් රදවාගත් අනුරාගි කෙඳිරියන් නිලන්තගෙන් ලැබෙන ප්‍රේමාලිංගනයෙන් මන්මත්වූ ඈ තව දුරටත් ඉවසිය නොහැකිව පිටකළා ය. ඉන්දිරා නිලන්තගේ හිසින් අල්ලා තම පපුව දෙසට ඔහුගේ මුහුණ තවත් තදකරගත්තේ හින් හඬින් කෙදිරියක් නංවාලමින්ය. ඇගෙන් ලැබෙන සංවේදනයන් නිසාවෙන් ගිනියම්ව ගිය ගතින් ඇගේ සිරුර මතට නැගගත් ඔහු අනුරාගයේ කූටප්‍රාප්තිය වෙනුවෙන් සැරසුණි. ඔහුට රිසිසේ තම සිරුරට ප්‍රවිෂ්ඨවීමට ඉඩසලසා දුන් ඉන්දිරා නිලන්තව තදින් බදාගත්තා ය. නිමේෂයකින් ඔහු තම උකුල්තලය පහතට හෙලමින් ඇගේ සිරුරට පිවිසීය. තදින් තොල හපාගෙන සිටි ඕ උගුරෙන් නැගුනු ආස්වාදනීය කෙදිරිය පිටකළේ නිලන්තගේ පිටේ මස්පිඩු තදින් මිරිකාලමින්ය. ජවාධික තුරඟෙකු ලෙසින් ඉන්දිරාගේ සිරුර ආක්‍රමණය කරද්දී සම්භෝගයේ උච්චතම අවස්ථාව වන සුරාන්තයට ඇය එවන විටත් කිහිපවරක් පත්ව සිටියා ය. තම වේගය එක්වරම වැඩිකල ඔහු සිහින් හතිලෑමක් සමඟින් කපා හෙලු ගසක් මෙන් තම කර්තව්වය නිම කළේය. මඳ වේලාවක් ඉන්දිරාගේ සිරුර මත සිටි ඔහු ඇයට නොරිදෙන ලෙසින් සයනයේ අනෙක් පසට පෙරලිණ. 

ඔහු ඉවත්වූ වහාම කොට්ටය යට තිබූ පොරෝනාව ඉවතට ගෙන තම නිරුවත වසාගත් ඉන්දිරාට ඇගේ සැමියා විජිතගෙන්  ලැබූ ප්‍රේමාලිංගනයන් නිරායාසයෙන්ම සිහිපත්වීය. විජිතගෙන් වෙන්වූ දින පටන් ඔහුගෙන් නොලද ලිංගික තෘප්තිය යළිත් ඇයට නිලන්තගෙන් ලැබුනු බව දැනුණි. මෙතෙක් දිනක් ආයාසයෙන් සඟවාගත් ආශාවන් නිදහසේ පාකර හරින්නට නිලන්තගේ අනුරාගී පහසින් ඇයට හැකි විය. අනෙක් පසට පෙරලුනු නිලන්ත උඩුබැලි අතට වැතිරි සිවිලිමේ එල්ලී කැරෙකෙන විදුලි පංකාව දෙස බලාගෙන සිටියේ ඉතාමත් තෘප්තිමත් ආකාරයෙනි. තදින් ආශ්වාස ප්‍රශ්වාස කරමින් සිටි ඔහුගේ ළය වේගයෙන්  ඉහල පහළ යනවා ඉන්දිරා දුටුවා ය.  කොට්ටයෙන් මුදවාගත් හිස හිමිහිට ඔහුගේ උරය මත රඳවූ ඈ වමතින් ළය මත නැඟි දහඩිය බිඳු මතින් ඉරි අදින්ට පටන්ගත්තා ය. නිදහස්ව තිබූ වමතින් ඈව තම සිරුරට ළංකරගත්තේය.

“මහන්සිද?”

තම මුහුණ ඇය වෙත හරවා ඔහු ඉන්දිරාගේ නළල සිඹ ඇසීය.

“නෑ.”

ඉන්දිරා මුහුණ ලැජ්ජාවෙන් සඟවාගෙන කීවා ය. ගතේ මහන්සිය පහව යනතෙක් ඔහු ඇයව තුරුළුකරන් සිටින්නට විය. 

“ යන්න ගිහිල්ලා වොෂ් එකක් දාගන්න.”

“ පස්සේ යන්නම්.”

සයනයෙන් නැඟිට නිලන්ත නිරුවතින්ම ඇඳුම් රැක් එක වෙත ඇවිද යන්නට විණි. ඔහුගේ හැඩිදැඬි සිරුර දුටු ඉන්දිරාට සිහිපත්වූයේ පුවත් පතක දුටු මයිකල් ආන්ජලෝ විසින් නිර්මිත දාවිත් ප්‍රතිමාවයි. රැක් එකහි තිබූ තුවායක් හිනවටා දවටාගත් ඔහු අනෙක් තුවාය ඇය වෙතට වීසි කළේය. 

“එන්න ගිහිල්ලා හෝඳගෙන එන්න. මම අපිට බොන්න මුකුත් ගේන්න කියන්නම්.”

පොරවනයෙන් තම නිරුවත මුවාකරගත් ඈ ඇඳෙන් නැඟිට නාන කාමරය වෙත පිය නැගුවාය. සයනය පාමුල බිම වැටී තිබූ ඇඳුම් සියල්ල එකතු කරගත් ඔහු ඒවා එකින් එක රැක් එකහි තැබුවේය. 

තුවායත් රැගෙන නාන කාමරයට වැදුන ඉන්දිරා මෙතෙක් වෙලාවක් සිරුරේ දවටාගෙන සිටි පොරවනය ගලවා කාමරයෙන් ඉවතට දැමීය. කණ්නාඩියෙන් පෙනෙන ප්‍රතිබිම්බයෙන් තම රුව නැරඹූ ඈට පියයුරේ සම රත් පැහැගැන්වූ දත් පහරක් නෙතට අසුවිය. තම අතැඟිලි තුඩු ඒමතට සෙමෙන් ගෙනගියා ය. ඉන් සිහින් දැවිල්ලක් දැනෙන්නට විය. එම සියුම් වේදනාවෙන් නිලන්තගෙන් ඈ ලද කායික සන්තර්පණය සිහිවුණි. ඇගේ ගත යළිත් උණුසුම් වන්නට විය. තම මුහුනේ ඇතිවූ ප්‍රහර්ශය කණ්නාඩිය තුළින්ම ඈට දැක ගන්නට ලැබුණි. නිලන්තගෙන් ලැබුවාවූ වින්දනයන් මීට පෙර වසර ගණනක් එකම සිරියහනේ වැතුරුනු විජිතගෙන් පවා නොලැබුනු බව ඇයට සිතුණි. ඒ උණුසුම ආදරය පහස යළි යළිත් සිරුර විසින් ඉල්ලා සිටින බවක් ඈට දැනෙන්නට විය. ඉන්දිරාට නිලන්ත ගැන ඇතිවූයේ විශාල ආදරයකි. නිලන්ත ගැන සිතමින් වතුර මල යටට ගොස් කරාමය ඇර ජලය ගලා ඒමට සැලැස්සුවා ය. වතුර මලින් වෑස්සෙන සීතල ජල බිඳු ඇගේ නිරුවත් සිරුර පුරා මුතුකැට වරුසාවක් සේ විසිර ගියේය. එම සිහිල් ජල බිඳු වලින් ගිනියම්ව ගිය සිරුරේ ආශාවන් නිවාලන්නට සමත් වූයේ නැත. අහම්බයෙන් මෙන් ඇයට තම ඇඟ සෝදා ගැනිමෙන් පසු ඇඳගැනීමට ඇඳුම් නාන කාමරයට රැගෙන ආවේ නැති බව මතක් විය. වතුර මලින් ජලය වැස්සෙද්දීම තුවාය ගෙන සිරුරේ පටලාගත් ඉන්දිරා දොරේ අගුල පන්නා දැමුවා ය. භාගෙට විවර කළ දොරෙන් අතක් එළියට දමා නිලන්තට කතා කළා ය.             

“ අයියේ මගේ ඇඳුම් දෙනවාද?”

“ ඔය තුවාය ඇඳගෙන එන්න.”

“ අපෝ මට බෑ. අනේ මගේ ඇඳුම් ටික දෙන්නකෝ.”

“ ඉන්න පොඞ්ඩක්.”

කී නිලන්ත නාන කාමරයේ දොර අසළට පැමිණ අඬක් විවර වූ දොර තල්ලූකරමින් ඇතුලට වැදුණි. කුඩා තුවායෙන් මුළු සිරුරම ආවරණය කළ නොහැකි බැවින් ඇගේ කලවා යුග්මයේ අඬකටක් වඩා එළියට නිරාවරණ වී තිබුණි. ඡවිවර්ණ පිරිපුන් සිරුර දෙස නිලන්ත කෑදර බැල්මක් හෙලීය. ඉන්දිරාගේ අඬ නිරුවත් ශරිරය දුටු විගසම වාගේ ඔහුගේ ගත ගිනියම්ව යනවා දැනෙන්නට විය. ඇය තුවායෙන් වැසී නොතිබූ පපුව පෙදෙසත් අනෙක් අතින් තුවාය විවර වීමට නොදී අල්ලාගෙන සිටියා ය. 

“ කෝ ඇඳුම්?”

“ ආ ඒවද? ඒවා ගෙනාවේ නෑ. ” 

නිලන්ත තම කෛරාටික සිනාහව පැවේය.

“ ගෙනාවේ නැත්නම් මොකටද මේක ඇතුළට ආවේ?”

“ මටත් ඇඟ හෝදගන්න.”

“ මම තාම ඇඟ හෝදලා ඉවර නෑ. ඔයා එළියෙන් ඉන්න.”

“ කමක් නෑ අපි දෙන්නාම හෝදගමු.”

“ දෙන්නාම? අනේ බෑ. ඔයා එළියට යන්න.”

“ ඇයි මට බයද?”

“ නෑ.”

“ එහෙනම් මොකටද මට යන්න කියන්නේ? ලැජ්ජාව හින්දද? බොරු කෝලම් කරන්නේ නැති මෙන්න මෙහේ එනවා.”

සිය හැඬි දැඬි ශක්තිමත් බාහුවට ඉන්දිරාව සිරකරගත් ඔහු සිය දෙතොල ඇගේ දෙතොලට තියා මෘදු ලෙසින් උරා බොන්නට පටන් ගත්තේ ඇගේ සිරුර ආශාවෙන් උණුසුම් කරමින්ය. ඔහුගේ පහසට අවනතවූ ඇගේ තුවාය ගැලවී ගියේ නොදැනීමය. වතුරමලින් නොකඩවා ඇද හැලෙන ජලධාරාව යටට ඉන්දිරාව ඇඳගෙන ගොස් තදින් තුරුළු කරගත්තේය. ආසක්තවූ සිරුරු වලින් බුර බුරා නැගෙන කාමග්නිය සිසිල් ජල බිඳු වලින් නිවාලීමට හැකිවූයේ නැත. 

 අඬහෝරාවකට පසු ඔවුන් දෙදෙනා නාන කාමරයෙන් පිටතට පැමිණියේ සන්තෘප්තියෙන් පසුවෙමිනි. ඇඳුම් ඇඳ ගැනීමට සැරසුන ඉන්දිරාව වැලකු නිලන්ත ඇගේ තුවාය ඇඳගෙන සිටින ලෙසින් ඉල්ලා සිටියේ ඇගේ අඬනිරුවත් පිරිපුන් සිරුර දැකීමේ ආශාවෙනි. ඇඳේ කොනකට වන්නට හිදගත් ඉන්දිරා නිලන්තගේ ගෙල බදාගත්තා ය. 

“ඇයි සීතලද?”

“ ටිකක්.”

“ හපුතලේ පැත්තේ අයට සීතල පුරුදුයිනේ.”

“කාලයක් කොළඹ හිටිය නිසා හපුතලේ සීතලට දැන් පුරුදු නෑ. ගොඩක් වෙලා වතුරේ හිටිය නිසා හෙම්බිරිස්සාව හැදෙයිද දන්නේ නෑ.”

“ආ මම තේ ගෙන්න කිව්වා. ”

“කොයි වෙලාවේද?” 

“ඔයා නාන්න බාත් රූම් එකට ගිය වෙලාවේදි.”

“ එහෙනම් තේ අරගෙන අර කොල්ලා තාම දොර ළඟ හිටගෙන ඉන්නවාද දන්නේ නෑ.”

“ දැන්නම් බඩගින්නකුත් දැනේනවා. බලමු ආයෙමත් බෙල් එක ගහලා.”

නිලන්ත යළිත් සීනුව නාද කිරිමට සැරසෙද්දී දොරට තට්ටු කරනා ශබ්දය ඇසෙන්නට විය. ඇයට නාන කාමරයට යන ලෙසින් ඉඟිකළ නිලන්න ඇඳ හුන් තුවාය පිටින්ම ගොස් දොර විවර කළේය. කාමරය පෙන්වීමට ආ තරුණයා තේ කොප්ප දෙකක් රැගෙන දොර ඉදිරිපිට සිටගෙන සිටියේ මඳ සිනාහවක් පාමිණි.

“ආ සර් තේ. මම ඇතුළින් තියන්නද? මම දැන් ටිකකට ඉස්සර තේ අරන් ඇවිත් දොරට තට්ටු කළා සර්ලාට ඇහුනේ නැතිව වෙන්නැති.”

“වෙන්නැති.”

“තේ එක නම් ඇල්වෙලා ද දන්නේ නෑ. අලුතින් එකක් හදන්න කියන්නද?”

“එපා. ඕක තියලා යන්න.”

තේ බන්දේසිය කණ්නාඩි මේසය උඩින් තබන අතරේදී ඔහු ඇසීය. 

“සර් කෑම එහෙම ඕඩර් කරනවානම් දැන්ම කියන්න.”

“මොනවාද තියෙන්නේ?”

“රයිස් ඇන්ඞ් කරි තියෙනවා සර් කැමති නම් ෆ්‍රයිඞ් රයිස් දෙන්න පුළුවනි.”

“එහෙනම් අපිට ෆ්‍රයිඞ් රයිස් ගේන්න.”

“දෙකක්?”

“නෑ ෆුල් එකක් ඇති.”

“සර් කීයට විතර ඕනේද?”

“එකට විතර. මම බෙල් කරන්නම්.”

ඔහු ආපසු යද්දී මුළු කාමරය පුරාම සිය නෙත් දිවයවා බලනවා නිලන්ත දුටුවේය. දොර වැසූ නිලන්ත නාන කාමරයේ සිටි ඉන්දිරාට නාන කාමරයෙන් පිටතට පැමිණෙන ලෙසට දොරට තට්ටු කළේය. ඇය ඒ වන විටත් තුවායට උඩින් බ්ලවුසය ඇඳ සිටියා ය. 

“ආ තේ ගෙනාවා බොමු.”

නිලන්ත තේ කෝප්පයක් ඇයට දිඟු කරන ගමන් පැවසීය.

“බොන්න.”

“අයියෝ මේක නිවිලානේ.”

“නිවෙන්නේ නැතිව තියේද අර කොල්ලා අපිට තේ ගෙනල්ලා තියෙන්නේ දැන් පැය භාගෙකට කලින්නේ.”

“අයියෝ මාර ලැජ්ජාව.”

“ඒකා මෙතනට ඇවිල්ලා බැලුවේ ඔයා ඉන්නේ කොහෙද කියලා. අනික ඌගේ ඇස් මේ පොඩිවෙච්චි ඇඳ දිහාටමයි ගියේ.”

“මට එළියට යන්නත් මොකක්ද වගේ.”

“මොකද ලැජ්ජද? මෙතනට එන්නේ ලව් කරන්න මිසක් පන්සිල් ගන්න නෙමෙයිනේ. ඉතිං මොකට ලැජ්ජ වෙනවාද?”

“ඒවූනාට මං ගැන නරක විදිහට හිතුවොත්. කොහොමත් නරක නාමේ ගෑණුන්ට තමයි.”

“ඔය කතාවලින් වැඩක් නෑ. තේ කෝප්පේ බීලා ඉවර නම් මෙහේට දෙන්න.”

නිලන්ත ඇගේ අතේවූ තේ කොප්පය රැගෙන කණ්නාඩි මේසය උඩින් තැබීය. 

“මෙන්න මෙහෙට එනවා.”

ඇගේ සිරුරට බරවූ නිලන්ත ඉන්දිරාව ඇඳේ පෙරළාගත්තේය. 

“පොඞ්ඩක් ඉන්න. තව ඩිංගෙන් තුවායත් ගැලැවෙනවා.”

“ඉතිං මොකෝ.”

“හොඳට තියෙයි. මට ආයෙමත් ඉන්න දෙන එකක් නෑ.”

ඉන්දිරා නිලන්තගේ මුහුණට බරවෙමින් ඇසුවා ය.

“කවුද දන්නේ නෑ අහිංසක කොල්ලෙක්ට ඉන්න නොදී හිටියේ.”

“අනේ මේ යනවා යන්න මෙතන කරන්න තියෙන ඔක්කෝම දඟවැඩ කරලා දැන් හොඳ මිනිහා වෙන්න එනවා.”

ඇය නිලන්තගේ බාහුවක් කෙනිත්තීය. ඇද විට්ටමට කොට්ටයක් හේත්තු කල නිලන්ත කය මඳක් උස්සා එයට බර දුනි. ඇද විට්ටමට හේත්තුවී සිටින නිලන්තගේ උකුල් තලාවට හිස තබාගත් ඕ ඔහුගේ සිරුරෙන් දැනෙන සුවඳ ආග්‍රහණය කරන්නට විය. ඇගේ කෙහෙරැලි අතරින් අතැඟිලි යැවූ හෙතෙම හිමිහිට හිස පිරිමදින්නට විණි. ඉන් ලැබෙන සනීපයට දෑස් පියවීගෙන එද්දී ඉන්දිරාට නිලන්තගේ ජීවිතයේ තමා නොදන්නා පැතිකඩ අසා දැන ගැනීමේ අවශ්‍යතාව යළි සිහිපත්වූවා ය. 

“අයියේ එයා මට එදා කියන්න තියෙනවා කිව්ව දේ කිව්වේ නෑ නේද? ඔයා මට එවපු මුල්ම ලියුමෙත් තිබුනා ප්‍රේමයෙන් පැරදිලා අනාගතයට බයේ ඉන්නේ කියලා ඒ කතාව මොකක්ද? ”

“ ඔව්. ඉතිං?”

“අදවත් කියන්න.”

“මම කිව්වේ නිවී සැනසිල්ලේ කියන්නම් කියලා.”

“ඉතිං මේ ඉන්නේ නිවී සැනසිල්ලේ නෙමෙයිද?”

“ඔයත් එක්ක ඉන්න මේ ටික වේලාව තමයි මට තියෙන එකම සැනසිල්ල.”

“මට නම් ඔයාට ලොකු ප්‍රශ්න තියෙන කෙනෙක් කියලා පෙන්නේ නෑ.”

“මේ දවස් මට හරිම නරකයි. අනේ මන්දා කවුරු හරි හොඳ සුබ මිනිහෙක් එදා ඉස්සරාට මුණගැහෙන්න ඇති. ඒකයි මට ඔයාව මුණ ගැහුණේ.”

“අනේ කියන්න අයියා ඔයාට මොකක්ද ලබලා තියෙන නරක කාලේ?”

“මට ඔයාට බොරු කරන්න බෑ. මටත් ඔයාට වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා විසදාගෙනම ඔයාට කියන්නම්.”

“මොන ප්‍රශ්නද?”

“මම කිව්වානේ එවා විසදාගෙන කියන්නම් කියලා.”

“ඒත් මට දැන ගන්න ඕනේ ඔයාගේ ප්‍රශ්න මොනවාදැයි කියලා. මටත් පුළුවන් නම් එවාට විසඳුමක් අරගෙන දෙන්න.”

“ඔයාට මේකට විසඳුම් නෑ. මම මගේ ප්‍රශ්න ඉවර කරගෙනම ඔයාට කියන්නම්.”

“මම මගේ ජීවිතේ වෙච්චි හැම එකක්ම ඔයාට කිව්වා. එත් ඇයි අයියේ ඔයාගේ දේවල් මට හංගන්නේ?”

“ඔයා හරිම අවංක කෙනෙක් ඒ නිසයි මට ඔයාගේ විස්තර කිව්වේ. මම කිසිම දෙයක් හංගන්නේ නෑ. ඒත් “මම ඔයා ගැන අම්මාට කියන්නයි ඉන්නේ. ඔයාම නේද කිව්වේ අම්මාගෙන් අහලාම මේ සම්බන්දේ කරමු කියලා. ඔයාට ප්‍රශ්න තියාගෙන කොහොමද අම්මාට කියන්නේ?”

“ඔයාට මාව අවිශ්වාසද? ඒ ගැන පොඞ්ඩක්වත් සැක කරන්න එපා. මාව විශ්වාස නැත්නම් මම ඔයාගේ අම්මාව මුණ ගැහෙන්න යනවා අදම. කියන්න එයා ඉන්න ගෙදර ඇඞ්රස් එක.”

“මට ඔයාව අවිශ්වාස නිසා කිව්වා නොවෙයි අයියේ. මම කොහොමද අම්මා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ?”

“හරි එහෙනම් අහගන්නකෝ. මම බැඳලා දැන් වෙන්වෙලා ඉන්නේ. අපේ ගෙදරින් කැමති නෑ වෙන්වුනාට.”

“ඇයි ඒ?”

“අනේ මන්දා ඒගොල්ලන්ට මානෙල්ව විශ්වාසයි. අන්තිමේදී මමයි වැරදිකාරයාවුනේ.”

“අනේ අයියේ මට මේ මොකවත් තේරෙන්නේ නෑ.”

“ඒක තමයි මම මේවා වෙනින් වේලාවක කියන්නම් කිව්වේ.”

“නෑ දැන් කියන්න.”

“මේවා කියවන්න ගිහිල්ලා දැන් මෙතන ඉන්න ටිකේවත් මට තියෙන සැනසිල්ල නැති කරන්න එපා ඉන්දිරා.”

ඔහු දුබල හඬකින් පැවසීය.

“ඔයා වෙන්වෙලා ඉන්නවා නම් මොකක්ද ඔයාට දැන් තියෙන ප්‍රශ්නේ?”

“අපි වෙනම ජීවත් වූනාට නීතියෙන් වෙන්වෙලා නෑ. ඒකයි අපේ ගෙදරින් එයා එක්ක ආයෙමත් එකතුවෙන්න කියන්නේ.”

“එහෙම කියද්දී අයියලාගේ ගෙදරින් මට කැමති වෙයිද?”

“මම ආයේමත් මානෙල්ව මගේ ළඟට ගන්නේ නෑ. දැන් කොහොමත් අපි දෙන්නා වෙන්වෙලා මාස හයකටත් වඩා වැඩියි. මම ළඟදීම දික්කසාද නඩුවක් දානවා. මට ඕනේ ඔයාව විතරයි සුදු.”

“මට අම්මාට ආයෙමත් බරක්වෙන්න බෑ අයියේ. අම්මාට මල්ලිලා දෙන්නා ගැන බලන්නත් ඕනේ. ඒ නිසා එයා කොහොමත් මට මඟුල් හොයන්න ගන්නවා. මං කොහොමද මේ තත්වයේ ඉන්න අයියා ගැන අම්මාට කියන්නේ?”

“පොඞ්ඩක් ඉන්නකෝ. අපිව මෙහෙන් මාරුකරනවා කිව්වාට තාම යවන කෑම්ප් එක කිව්වේ නෑ. ඔයා මං ගැන අම්මාට කියන්න. ටික දවසක් මට දෙන්න මම එයාව හම්බුවෙන්න එන්නම්.”

 “අම්මා කිව්වා ලොකු මල්ලිත් ආමි එකේ රස්සාවකට දාලා කියලා. අම්මා නම් කැමතීම නෑ. එයා අම්මාට වඩා සුදු නැන්දාට තමයි ආදරේ. සුදු නැන්දා එක්ක තරහාවෙලා තමයි එයා ආමි එකට ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ. මට අම්මා ඔය විස්තරේ කියද්දීම ඔයාව තමයි මතක්වුනේ.”

“කොයි රෙජිමන්ට් එකටද දන්නේ නෑ එයා දාලා තියෙන්නේ? වොලන්ටියර් දන්නේ නෑ එයා ඇප්ලිකේෂන් දැම්මේ.”

“දන්නේ නෑ අයියේ.”

“මේ දවස්වල සාම සාකච්චා හින්දා යුද්දේ දරුණුවට යනවා අඩුයි. එත් අලුතින් ගත්තු කොල්ලන්ව ටේ්‍රනින් එකෙන් පස්සේ දාන්නේ ෆ්‍රන්ට් එකට තමයි.”

“ලොකු මල්ලි බර වාහන එලවන්න ලයිසන් අරගත්තේ රට යන්න කියලා තමයි. තාත්තාත් කළේ ඩ්‍රයිවින් නිසා එයා ආසත් ඩ්‍රයිවින් වලටයි. සුදු නැන්දා කැමති නෑ එයා ශ්‍රියා නැන්දාගේ දුව දිස්නා එක්ක තියෙන යාළුකමට. ඒකට අපේ සුදු නැන්දා එක්ක ගොරියක් දමාගෙන. ”

“එක වෙන්නැති එයා හමුදාවට යන්න හදන්නේ. ඩ්‍රයිවින් කරන්න යනවානම් එච්චර බයවෙන්න ඕනේ නෑ.”

“ඇත්තටමද අයියේ ඔයා මේ කියන්නේ වෙනින් කෑම්ප් එකකට මාරුකරලා කියලා?”

“ඇත්ත.”

“එතකොට ඔයාගේ යාළුවා එයාවත් ඔයත් එක්ක මාරු කරලාද?”

“කවුද ප්‍රසාද් ද? මාර වැඬේනේ මිනිහා එදා නිවාඩු ගිහිල්ලා හිටියේ ඒ නිසා ඒකට එයාව අහුවුනේ නෑ. එයා කොහුවල කෑම්ප් එකේ තමයි.”

“මට පෙන්නේ ඔයා මාව රවට්ටලා මෙතනට ගෙන්න ගත්තා කියලා. මාරු කළා කියනවා ඒත් මාරු කරපු කෑම්ප් එකක් නෑ. හරිම කට්ටයා තමයි. බොරු කියාගෙන මෙතන එනවා.”

ඇය ඔහුගේ නහයෙන් අල්ලා දෙපසට මිරිකා හැරියා ය. නිලන්තගේ නාසයෙන් අත මිඳුන ක්ෂණිකයෙන් ඔහු ඇගේ සිරුර මතට පෙරලී තදින් තෙරපාගත්තේය. 


                                                                      * * * * *


අවසාන හමුවීමෙන් පසුව දින ගණනාවකින් නිලන්තගෙන් කිසිඳු ආරංවියක් නොලැබූ නිසා ඉන්දිරා සිටියේ හේබාගිය හොන්දුමාන්දු ස්වරුපයෙනි. කඳවුර මාරු කරන විත්තිය කී නමුත් ඔවුන් උතුරේ යුද්ධය දරුණු ලෙසින් ඇවිල යන කාල වකවානුවක් වූ බැවින් නිලන්තවත් සටනට කැඳවීදැයි ඈට නිරන්තරව සිතුනි. දිනෙන් දින ගෙවීයමින් ප්‍රමාදවන නිලන්තගේ ලිපි ගැන සිතන්නට වූවායින් ඇගේ ආතතියද වැඩිවූවාය. ෆැක්ටේරියට දුරකථන ඇමතුමක් දීමටවත් නොහැකි උතුරේ සටන් පවතින පෙදෙසක කඳවුරකට යවන්න ඇතැයි දීපිකා කීවා ය.

නිලන්තට මොකදවුනේ... ඉන්දිරා මඟහැර ගියාද? මතුසම්බන්ධයි........


මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  

20 comments:

  1. වරද්දගන්නේ හුඟක්ම කෙල්ලෝ
    විශ්වාසෙට ගෙන එකවර කොල්ලෝ
    රන් භාජනයත් විදීවී ගුල්ලෝ
    හැම කොල්ලාමත් නොවේවි බිල්ලෝ

    ReplyDelete
    Replies
    1. කතන්දරේ නැත මවන්නේ බිල්ලෝ
      නරකම නෑ විස්වාසෙට කොල්ලෝ
      වැඩ්ඩෙක් වෙයිනේ බාල ලීයට ගුල්ලෝ
      ගැලවිජ්ජාවෙන් විඳවන්නේ කොල්ලෝ

      Delete
  2. ගැහැනු ලමයගෙ විවාහය, දරුව, වැඩ කරන/ ඉන්න තැන්, අම්මා, නැන්දාගේ සිට මල්ලි යාලු වෙලා ඉන්න කෙනා දක්වාම විස්තර අය්යා දන්නව දැන්. නමුත් අය්යා ගැන ගැහැනු ලමයා දන්නෙ පලවෙනි නම සහ ආමි කියලා විතරයි. සැබෑ ජීවිතේ, සාමන්ය තත්වය.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් වේලාවට කොල්ලෝ කෙල්ල ගැන දැනගත්තාට (ගෑණු කොහොමත් කච කච ගාලා කියවනවානේ.) කොල්ලෝ තමන් ගැන කියවනවා අඩුයි. ඒ නිසා අවස්ථාවාදින්ට පනින්න හොද පොයින්ට් එහෙමත් ලැබෙනවා.

      Delete
  3. අපි ආමි කිව්වලු,,
    හෙහ් හෙහ් .... මල්ලි සතුරාට පහරදීලා ඇඩ්රස් නැති වෙන්න....
    හැමදාම වෙන්නේ ඕක තමයි......

    ReplyDelete
    Replies
    1. සතුරා ඉල්ලගෙන කාපු ප්‍රහාරයක් නේ......

      Delete
    2. නැහැ පොඩි රැවටීමක් තියනවා

      Delete
    3. අජිත් අයියට තේරුණා,,
      හොදට හිතල පහර දීල දැන් කියනවා ඉල්ලන් කලාලු...හෙහ්..හෙහ්....

      Delete
    4. දැන් කවුද ආමි??????? හැක්... හැක් බොලා හදන්නේ අහක ඉන්න අහිංසකයෙක්ට ලෙඩක් දාන්න නොවැ.

      Delete
  4. ඊළඟ බබාත් හම්බ වෙයි වගේ. සුදු නැන්දට ට්ඨාව බේබි කොට් එකක් ලැහැස්ති කරන්න කිව්වනම්

    ReplyDelete
    Replies
    1. සුදු නැන්දා හැමදාමත් කළේ අනුන්ගේ ළමයි හදාවාඩා ගත්තු එක තමයි.

      Delete
  5. පොඩ්ඩක් X පැත්තට බර වුණාද දන්නෑ. කෝකටත් ආපහු කියවලා බලන්න. මේ වගේ අවස්ථා හෙණ පරිස්සමිං ලියන්න වෙනව. මං ගොඩක්ම ගුරු කර ගන්නෙ ඩී. ඒච්. ලෝරන්ස්. පොර මාර විදිහට කාමයේ තියෙන සුන්දර විඳීම විස්තර කරනව. මං දන්නෑ හැබැයි නූතනවාදයේ ශෛලින් කොහොමද කියල...

    ReplyDelete
    Replies
    1. සැර වැඩිද? හැබැයි මේක මෑතකදි පළවු සමහර සිංහල නවකතා වල තියෙන එවා වාගේ අමුවෙන්ම ලිව්වේ නෑ.

      Delete
    2. මොන පිස්සුද , මේ වැම්පයර් කොලුවට පිස්සු. සැර මදි හොඳටම. මගේ පොත කියෙව්වේ නැත්ද මල්ලිලා , හරිම ඛෙද ජනකයි

      Delete
    3. මං පසුබහිනව. මම ආශ්‍රය කළේ බොහොම පරණ ස්ටෑන්ඩඩ්... හරිම භේද ජනක වෙන්ඩ කලිං මං යනෝ!

      Delete
    4. ලේඩි චැටර්ලි එක මිට වැඩිය උණුසුම් නේ පුතේ. අනික වැම්පයර් මල්ලි කාසල් එකේ ඉඳන් දුන්න ගේම් වලට මේ මොනවාද

      Delete
    5. අජිත් මහතාගේ ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ පොතටත් වඩා සැරට තියෙන ඒවා ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. රංජිත් කුරුප්පු පරිවර්තනය කළ ප්‍රේම සැදෑවෝ පොත උදාහරනයකට ගන්න පුලුවනි. ඩ්‍රැකි කියලා තියෙන විදිහට අපිට මේකේ ශෘගාරය සම්භාව්‍ය විදිහට හෝ ව්‍යාංගාර්ථයෙන් පෙන්නනත් පුලුවනි නැත්නම් පෙර කීවා වාගේ අමුවෙන්ම ලියා දමන්නත් පුලුවනි. මෙහිදි මම කළේ දෙකටම නැති මැද මාවතක් යොදා ගැනිමයි. මාගේ පෙර පළකරන ලද සාපලත් තිළිණය නවකතා පොතටත් තරමක විවේචන ආවා මෙවැනි කොටසක් ඇතුලු කළා කියා. කතා රසයට බාදා නොවන ලෙසින් මෙවැනි දෙයක් අතහැර ලිවිම තරමක් අභියෝගයක්

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

පළිගු කිරිල්ලී - විසි දෙවන කොටස

                    ඉරාකය විසින් කුවේටය ආක්‍රමනය කිරීමෙන් තමාලිගේ මැදපෙරදිග දෙඅවුරුදු සේවා කාලය නොසිතුවිරූ ලෙසින් මාස කිහිපයකට දීර්ඝ විය. ත...