Monday, January 31, 2022

දෙකෙන් තුනට - සයුරේ දසවසක්

  පළමු නෞකාව වූ උහන නෞකාවේ අති දුෂ්කර කාලයක් ගතකර අනුනමය වසරේ අගොස්තු මසඅගදී එහි සේවයෙන් ඉන් ඉවත්වන්නට හැකිවිය. දෙවන නෞකාව ලෙසින් මාගේ අඛණ්ඩ මුදාහැරිමේ සහතිකයේ ලියවුනේ හැඳල නෞකාවයි. දෙවන නැව ලෙසින් ලියවෙන හැඳලහි ගතකළේ දින කිහිපයක් පමණි. ඒ කොළඹ වරායේ නවතා තැබුනු දින කිහිපයක සිදුවු හදිසි අලුත්වැඩියාවන් කිහිපයකට සහභාගිත්වය දෙනු වස්ය. මා වැඩිම වාරගනනක් සේවය කර ඇත්තේ මේ නෞකාවෙය. හැඳල හි වාර තුනක් එහි කළ සේවය ගැන පසුව ලියන්නෙමි. 

කුමණ නෞකාව


ඊළගට කුමණට 

කුමණ නෞකාවට එක්වන්නට ලැබෙන්නේ වසර 1999 නෙවැම්බර් මසදීය. අප සමාගම සතුව එකහා සමාන සහෝදර නෞකා ද්විත්වයක් කුමණ හා කෝමාරි නමින් තිබුනි. කෝමාරි නෞකාව දිගින් දිගටම හමුදාව අවශ්‍ය අවි ආයුධ හා අනෙකුත් දෑ උතුරට ප්‍රවාහනය කළාය. මේ නෞකාවේ වැඩි පඩියක් ලැබුනේ එහි තිබූ අනතුරුදායක තත්වය මතයි. වැඩි වේතනයක් ලැබෙන මෙයට එක්වන්නට බොහෝ නාවියන් පොරකෑවේ එයට එල්ලවූ ත්‍රස්තවාදී තර්ජන ගැන බිය හා ජිවිත ආසාව අලුයම ලු කෙල තැබ්බක් සේ ඉවතලමින්ය. කුමණ ආන්ඩුවේ අත්‍යාවශය කොමසාරිස් යටතේ උතුරට හාල් රැගෙනයන කටයුත්තක් කරමින් සිටියාය.

 සමාගමේ කාර්්‍යාලයෙන් මා මෙම නෞකාවට අනුයුක්ත කිරීමෙදි සිදුවු අත්වැරද්දකින් මාහට ලොකු වාසියක් අත්වුනි. ඒ කනිෂ්ඨ ආධුනිකයෙක් වශයෙන් අනුයුක්ත විය යුතු මා ජෙෂ්ඨ ආධුනිකයෙක් වශයෙන් එහි යැවිමයි. එහි වාසිය වූයේ වේතනය සුළු ගනනකින් වැඩිවීමයි.  මාගේ බැජ්මේට් මාපලගමයා ලෙසින් හැදින්වූ දැනට දෙවන ඉංජිනේරුවරයෙකු සේ නෞකාවල සේවය කරනා අරුණ ක්‍රිශාන්ත කුමණහි ඒවන විටත් කනිෂ්ඨ ආධුනිකයෙක් ලෙසින් එක්ව සිටියේය. අරුණයාට මේ විත්තිය නොදන්වා සිටියත් ප්‍රධාන ඉංජිනේරුවරයා මාගේ පත්විමේ ලිපිය දැක එක බැජ් එකේනම් මෙයා කොහොමද සීනියර් වෙන්නේ කියා ඇසීමෙන් සියල්ල හෙලිවුනි. අරුණයාගේ සිත් රිදිමක්වූවාද කියා නොදන්නා නමුත් ඔහු මේ ගැන ලෙඩක් ඇද්දේ නැත.

 කුමණ පැරණිවුවත් උහන තරම්ම පැරණි නෞකාවක් නොවිය. එහි සේවයේ හුන් ආධුනකත්වයෙන් මිදුනු අපගේ ජෙෂ්ඨයිනුත් ඉතාමත් හොඳ පිරිසක් විය. කොළඹ වරායෙ බණ්ඩාරනායක ජැටියේ දිනකිහිපයක් නවත්වා තිබූ එයට හාල් පටවා අවසන්ව කන්කසන්තුරේ වරාය බලා පිටත්වුනි. මාගේ ප්‍රථම නෞකාවේදි දින කිහිපයකට හමුවු ඔයිලර් ඉන්දිකද මෙහි සේවය කළ බැවින් ඉක්මණින් ඔහු හා මිතුරුවන්නට හැකිවිය. ආධුනිකයින්ගේ කැඹින් කාමර ප්‍රධාන තට්ටුවට යටින් එංජින් කාමරය දෙපසින් තිබුන අතර එබි හා ඔයිලර් අයගේ කාමර ප්‍රධාන තට්ටුවේ පිහිටා තිබුනි. යම් තරමකට සිසිලසක් ගෙනදෙන වායුසමිකරණ පද්ධතියක් එහි තිබුනත් අපට හිමි කැබින් කාමරවලට ඒ පහසුකම තිබුනේ නැත. අරුණ සමඟින් සිටි අනෙක් ආධුනිකයා වෙනුවට නැවට ආ මාහට ඔහු නැවෙන් බැස යන තෙක් නිදාගැන්මට තැනක් තිබුනේ නැත. ඔයිලර් ඉන්දික තමාගේ කැබිනයේ සෝපාවේ නිදා ගන්නට ඉඩ දුනි. තරමක් හොඳ තත්වයක තිබුනු මාහට ලැබෙන්නට තිබූ කැබින් කාමරය වෙනෙකෙකු අත්පත් කරගත්තේ මා ඉන්දිකගේ කැබිනයේ රැදී ඉන්නා අතරතුරය. දැන් මාහට ලැබුනේ අන්තිම ජරා හොඳ තත්වයක නොතිබුනු කැබින් කාමරයකි. එහි පදිංචියට නොගිය මා ඉන්දිකගේ කැබිනයේ සේපාවේ තවදුරටත් නිදාගැනීමට යොදාගත්තෙමි. ඔහුගෙන් විරුද්ධතාවයක් නොතිබුනත් මා බලහත්කාරයෙන් එය ලබාගත්තා සේය. මාගේ කැබිනයේ මාසතු දෙයකට තිබුනේ රෙදි සෝදාගන්නට බාල්දියකුත් තුවායකුත් පමණි. වැඩ නිමවි ඔවරෝලය හා ආරක්ෂිත පාවහන්යුගලය එහි ගලවාදමා එන්නට එය යොදාගතිමි. 

කොළඹින් පිටත්වෙන්නට ඔන්න මෙන්න තිබියදී ඒ ඉන්නා දෙවන ඉංජිනේරුවරයාට වෙනුවට තවත් දෙවන ඉංජිනේරුවරයෙකුද සේවයට එක්විය. වැඩි කතාබහක් නැති ඉතා නිහඬ කෙනෙකුවූ ඔහු හැඩිදැඩි සිරුරක් ඇත්තෙක් විය. අප කොළඹ වරායෙන් පිටත්ව කන්කසන්තුරය බලා යාත්‍රා කිරීම ඇරඹිය. වැඩ රාජකාරි ගෙන්නක් අස්සේ විහිලු තහලුවෙන් දවස ගෙවියන්නට විය. දෙවන ඉංජිනේරුවරයා ඇත්තෙම්ම හොඳ වැඩකාරයෙක් විය. අපට අනවශ්‍ය විදිහට වැඩ නොපවරවා අවශ්‍ය වැඩය පමණක් ගන්නට කාරුණික වුනි. දිනක් ඔහුගේ වැඩකට මාහට උදව්වන්නට සිදුවුයේ හැන්ඩ් ලැම්ප් එකක් අල්ලාගෙන සිටිමට පමණි. එහෙත් ඔහු කරනා විදිහට එය කළ නොහැකිබව මාහට තේරුම් ගියේය. හැන්ඩ් ලෑම්ප් එක ඔහු අත දී එතැනට රිංගා එය සැකසු අයුරු දැක යම් තරමකට ඔහු මාගැන පැහැදීමක් ඇති ගත් බව දැනගතිමි. ඉන් අනතුරුව කිසියම් වැඩක් ඇත්නම් මාහට කතාකර වැඩයට උදව්කරගන්නට ඔහු පෙළඹුනි. ඇත්තෙන්ම කාරුණික මහත්මා ගුණයෙන් යුක්තවූ ඔහු ගේ නම වසර විසිදෙකකට පසුව මතකයෙන් ගිලිහීගොසිනි. 

ගෙන ගිය හාල් වලින් කන්කසන්තුරයෙ කොටසක්ද අනෙක් කොටස පේදුරුතුඩුවේ ගොඩබෑමට සිදුවිය. ඉන්පසුව සිදුවූයේ කාටත් ආසා හිතෙන පැටවීමකි. ඒ යාපනයේ නිපදවූ තල් අරක්කු තොගයක් නැවට පැටවීමයි. තල් අරක්කු පැටවූ බව නැවේහුන් සියළුදෙනා දැනගත්තේ විදුලිවේගයකින්ය. නෞකාවක් පුරවන්නට තරම් අරක්කු තොගයක් එහි පැටවුයේ නැත. පැටවූ අරක්කු පැලට් මතට රතුලූණුද පැටවුනි. නැවේ කාර්්‍යමන්ඩලය අරක්කු සොරකම් කර පානය කරයි සිතූ කපිතාන් ජයතිස්ස එම කාගෝ හොල්ඩ් එකට බැසීමට තිබූ සියළු ප්‍රවේශ මාර්ග අගුලුදමා වැසීමට අණ ලැබුනි. නමුත් එබි ජයවර්ධන ඇතුලු ඩෙක් අංශයේ අය පටවද්දි බෝතල් දෙකක් පන්නාගන්නට සමත්ව තිබුනි. පන්නාගත් බෝතලය යළි එන අතරේදි තනිව බුක්ති නොවිද ආධුනික අපටත් ආරාධනාකර තොලකට තෙමාගන්නට හැකිවිය. කපිතාන් හා ප්‍රධාන නිලධාරියා එක්ව අගුලු හැර අරක්කු බෝතල් ගත්බවක් කටකතාවක් නැව් පැතිරුනි. 

පේදුරුතුඩුවේ වරායක් නොමැති නිසා බඩු ගොඩබාන්නට සිදුවුයේ බත්තල් මතටය. මේ විශාල බත්තල් කිහිපයක් එහි තිබූ අතර තවත් කිහිපයක් යටින් දිරාපත්ව ගොඩබිම අසළ ගිලි තිබුනි. මේවා නැව අසළට රැගන ආවේ ට්‍රොලර් වඩා කුඩා ලීයෙන් සැකසූ මාලු බෝට්ටු මගිනි. මුහුද සැර දිනවලට බෝට්ටු දෙක බැගින් යොදා ගනිමින් මේ බත්තල් නැව ප්‍රවාහනය කළෝය. ත්‍රස්තවාදින්ගේ තර්ජන ඇති නිසා සෑම දිනකම හවස 5 වනවිට සියළු ගෙඩබෑම් අවසන් කර ආපසු කන්කසන්තුරය වරාය අසල නැංගුරම් දමන්නට යායුතුවේ එසේම පාන්දර 5ට කන්කසන්තුරයෙන් පිටත්ව යළි පේදුරුතුඩුවේ නැංගුරමලන්නට එක්කට සිදුවෙි. මෙය අපහට තිබූ විසාලතම කරදරයක් විය. ඒ උදේ පාන්දර නැව පිටත්වීමට හා සවස ආපසු එන්නට ප්‍රධාන එන්ජිම හා එන්ජින් කාමරයේ සියලු යන්ත්‍රසූත්‍ර සුදානම් කරවීමයි. වෙනත් සමාගම්වල නැව්ද උතුරට බඩුබාන්ඩ ගොඩබෑම සිදුකල අතර උදෙන්ම ගොස් හොද තැනක් අල්ලා ගන්නට අප නෞකාවන් අතරේ තරගයක් තිබුනි. 

 නැවේ පැවැත්වූ 1999 ජනාධිපතිවරණය  මීළගට

23 comments:

  1. ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන අසංග මහත්මයාට වරදින්නේ නැහැ. බොහොම හොදයි.

    ReplyDelete
    Replies
    1. //the patron saint of sailors and abdominal pain//

      https://en.wikipedia.org/wiki/Erasmus_of_Formia

      Delete
  2. වඩා කිට්ටු දේවල් ගැන ලියනකොට
    ලියවෙනවා වගෙයි හනිකට; ඉක්මනට
    පමා නොවී ඊළඟ කොටසත් දෙන්ට
    කටයතු යෙදේවා හිතවත් අසංගට

    ReplyDelete
  3. ඔබතුමා නාවුක හමුදාවේද වැඩ කරන්නේ? ඇත්තද නවුකාවල වැඩ කරන අයට කෑමට ගෝට් චීස් එක්ක නොර්වේජියන් සැමන් ෆිලෙට් දෙනවා කියන්නේ?

    -රංග තේනුවර (GTRZ)
    ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්. (ලියාපදිංචි සාමාජිකයන් ලක්ෂ 6 කට වඩා සිටි)

    ReplyDelete
    Replies
    1. ගෝට් චීස් එක්ක නොර්වේජියන් සැමන් ෆිලෙට් මොන ජරාවක්ද.. එවාට වඩා රස ගුණ වටිනාකමින් වැඩි කෑම තමයි නාවුක හමුදාවේ දෙන්නේ..

      Delete
    2. ”මචං මාර බඩගිනියි බං. තාම දවල්ට කාලාත් නෑ.”
      ”දැන් කෑම තියෙයිද දන්නෑ. වරෙන් ගැලියට ගිහිල්ලා බලමු.”
      අප දෙදෙනා තරප්පු පෙළ නැග ඉහළ තට්ටුවේ වූ මුළුතැන්ගෙට පිවිසියෙමු. මුළුතැන්ගෙට එබී බැලූ කඞ්ඩා එහි වූ අරක්කැමියාගෙන් කෑමට යමක් තිබේදැයි විමසීය. ඒ වන විටත් නැවේ සියල්ලන්ම කෑම ගෙන අවසන් වී ඇති බවත් දැනට උයපු භාජන සෝදා දමමින් සිටින බවත් ඔහු පැවසීය. ඉතිරි වූ අලූකෙහෙල් ව්‍යාංජනයක් හා බත් ලැබුනායින් මා ඉක්මනින් කටට දෙකට ගිලදැමුවේ ඉතාමත් කුසගින්නේ සිටි බැවිනි.

      Delete
    3. ආන්න දැක්කනේ අපුරු වටිනාකමින් වැඩි රසගුණයෙන් යුතු කෑමවේල. ඇනෝතුමාට ස්තූතියි පෙන්නලා දුන්නාට

      Delete
  4. යකෝ කොළම ඉඳං කංකසන්තුරේට තරං දිග නෑනෙ පෝස්ට් එක.

    ReplyDelete
    Replies
    1. කොළම නෙමෙයි කොළඹ

      Delete
    2. ආයේ කොමෙන්ටෙකක් දාන්න ඕනි නැහැ දෙමල සර්. මුල් කොමෙන්ටෙක එඩිට්කරැකි.

      Delete
    3. අසංගටනං ඒක කරතහැකි. මටනං දීල තියෙන්නෙ ඔෆ්ෂන් දෙකයි.

      Delete
    4. කොරෝනා ආශ්‍රිතයන් නිවෙස්වල ඉන්න ඕනේ නෑ කියලා ආණ්ඩුවෙන් කිව්ව නිසා ආපහු වැඩට කැදෙව්වා.. ඉක්මණින් දැම්මේ ඒකයි.

      Delete
    5. #Praසන්னJanuary 31, 2022 at 5:39 PM

      'අසංගටනං ඒක කරතහැකි. මටනං දීල තියෙන්නෙ ඔෆ්ෂන් දෙකයි.'

      එහෙනං මේකේ දාලා තියෙන්නේ 'දෙකෙන් තුනට' කියලා? තුනක් නැද්ද දෙමල සර්ට? දෙකයිද තියෙන්නේ? ඔප්ෂන්?

      Delete
  5. කොහොමත් මේ මුහුදු කතන්දර ලස්සනයි. ආයෙත් සිංහල බ්ලොග් ලියවෙන එක අඩුවෙලා තියෙන කාලෙ, මෙහෙම ලියපු එකට ස්තූතියි.

    ReplyDelete
  6. ඉතිරි කොටසත් ඉක්මණට දමාවි කියා බලාපොරොත්තු වෙනවා. තල් අරක්කු කොටස නියමයි. නැව්වල වැඩකරන අයට බොන්න දෙන්නෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ පඩියෙන් කැපෙන්න විස්කි හෝ බ්‍රැන්ඩි බෝතලයක් හා බෙන්සන් සිගරට් කාටුන් එකක් ගන්න පුලුවන්. සමහර කැප්ටන්ලා ආධුනිකයිට බොතල් දුන්නේ නෑ. තල් අරක්කු ගෙනිච්චේ කාගෝ විදිහට නේ ඒවා ගැනීම හොරකමක් වෙනවා.

      Delete
  7. නැවත පටන් ගත් එක හොඳයි. ආසාවෙන් කියවපු අත්දැකීම් පෙළක්

    ReplyDelete
  8. නාවුක අත්දැකීම් ලියන්න ගත්ත එක හොඳයි ආපහු. ඔයිට වඩා නිවී හැනේ ලිව්ව නං තව දාහක් වටිනව.

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

උතුරුකරේ ජනාධිපතිවරණය - සයුරේ දසවසක්

  සිරි ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ජනාධිපතිවරණය 1999 වසරේ දෙසැම්බර් 21 වැනිදා පැවැත්විමට දින යෙදී තිබුනි. අප ඒවනවිටත් අප සිට...