Saturday, October 7, 2023

පච්චයක් කොටුමුද? (ශනිදා දහයට)



පච්ච කොටනවා කිව්වාම සිහියට එන්නේ අත්වල කොටි මුණ පපුවේ "අම්මා බුදුවේවා"  පිටේ "මරුවා සමග වාසේ" කියලා ගහපු මරදානේ චොප්පේ වැනි මදාවි චන්ඩි තමයි. හැබැයි "අම්මා සමග වාසේ" කියලා "මරුවා බුදුවේවා" කියලා වරද්දගෙන ගහපු ඩයලුත් ඒකාලේ හිටියලු. මොකද ගැහුවට පස්සේ මකන්න කියලාද? පච්ච ගහපු උන් මදාවි චන්ඩි කියලා ලේබල් වැදිලා සමාජයෙන් කොන්වෙලා ගියා.  නිකං හිටියත් පොලිසියෙන් දාගෙන යන සීන් එකක් ඇවිල්ලා කාලයක් පච්ච ගැහිල්ලත් ගහපු උනුත් නැතිවෙලා ගිහිල්ලා තිබ්බත් ආපහු ඉහල සමාජයට අලුත් විලාසිතාවක් සේ ඇවිල්ලා පහල ස්තරවලටත් ඉක්මණින් පැතිරිලා ගියා.  දැන් අලුත් පරම්පරාව ටැටූ ගැහිම (Tattoo) කියලා පොෂ් වචනයක් දාගත්තත් ගහන්නේ පච්චම තමයි. දැන් බලමු පච්ච කෙටිමේ ඉතිහාසය ගැන පොඩ්ඩක්.
 

පච්ච කෙටීම අවම වශයෙන් නව ශිලා යුගයේ සිට ලොව පුරා ක්‍රියාවට නංවා  තියේනවා. මේවා මමීකරණය කරන ලද සංරක්ෂිත සම, පුරාණ කලාව සහ පුරාවිද්යාත්මක වාර්තා මගින් සාක්ෂි දරනවා. පුරාණ කලා සහ පුරාවිද්යාත්මක සොයාගැනීම් වලින් පෙනී යන්නේ පච්ච කෙටීමේ මෙවලම් යුරෝපයේ ඉහළ පැලියොලිතික් යුගයේදී සිදු කර ඇති බවයි. කෙසේ වෙතත්, මමීකෘත මිනිස් සම මත පච්ච කොටා ගැනීම සඳහා සෘජු සාක්ෂි විහිදෙන්නේ ක්රි.පූ 4 වැනි සහස්‍රය දක්වා පමණයි. මේ දක්වා පච්ච කෙටූ මිනිස් සම පිළිබඳ පැරණිතම සොයාගැනීම  එය Otzi the iceman ගේ සිරුරෙන් හමුවී ඇති අතර එය ක්‍රිස්තු පූර්ව 3370 සහ 3100 අතර කාලයට අයත් වෙනවා කියනවා. ග්‍රීන්ලන්තය, ඇලස්කාව, සයිබීරියාව,  මොංගෝලියාව, බටහිර චීනය, ඊජිප්තුව, සුඩානය, පිලිපීනය සහ ඇන්ඩීස් යන ප්‍රදේශවල ස්ථාන ඇතුළුව, අවම වශයෙන් පුරාවිද්යාත්මක ස්ථාන 49කින් වෙනත් පච්ච කොටා ඇති මමී සොයා ගෙන තිබෙනවා. මේවාට Amunet, පුරාණ ඊජිප්තුවේ ( 2134-1991 BC), රුසියාවේ Pazyryk සංස්කෘතිය සහ පූර්ව කොලොම්බියානු දකුණු ඇමරිකාව පුරා සංස්කෘතීන් කිහිපයක් ඇතුළුව සයිබීරියාවේ බහුවිධ මමීවරුන් ඇතුළත් වෙනවා.
Pazyryk ටැටූවක්



පැරණි මමීකෘත මානව අවශේෂ මත සංරක්ෂණය කර ඇති පච්ච වලින් හෙළි වන්නේ පච්ච කෙටීම ලොව පුරා සහස්‍ර ගණනාවක් තිස්සේ භාවිතා කර ඇති බවයි. 2015 දී, පැරණිතම පච්ච කොටා ගත් මමි දෙකෙහි වයස විද්යාත්මකව නැවත තක්සේරු කිරීම කළා, එවකට දන්නා පැරණිතම උදාහරණය ලෙස Otzi හඳුනා ගන්නා ලදී. පච්ච 61ක් සහිත මෙම සිරුර ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියර අයිස් වල තැන්පත් වී තිබී සොයා ගන්නා ලද අතර එය ක්‍රි.පූ. 3250ට අයත් වෙනවා. ලොව පැරණිතම රූපමය පච්ච කොටා ඇත්තේ ඊජිප්තුවේ  ක්‍රි.පූ. 3351 සහ 3017 අතර කාල නිර්ණය කරන ලද මමී දෙකක් මත ය.

පුරාණ පච්ච කෙටීම ඔස්ට්රොනීසියානු ජනතාව අතර බහුලව භාවිතා උනා. එය ඉන්දු පැසිෆික් දූපත් වෙත ඔස්ට්රොනීසියානු ව්්‍යාප්තියට පෙර අවම වශයෙන් ක්‍රි.පූ. 1500 ට පෙර තායිවානයේ සහ වෙරළබඩ දකුණු චීනයේ ප්‍රා ඔස්ට්රොනීසියානුවන් විසින් දියුණු කරන ලද මුල් තාක්ෂණයන්ගෙන් එකක් විය.

මුහුණේ පච්ච කෙටීම ඇතුළුව පච්ච කෙටීමේ සම්ප්‍රදායන්, තායිවාන ආදිවාසීන්, දූපත්වාසී අග්නිදිග ආසියාතිකයන්, මයික්රොනීසියානුවන්, පොලිනීසියානුවන් සහ මැලගසි ජනයා ඇතුළු සියලුම ඔස්ට්රොනීසියානු උප කණ්ඩායම් අතර සොයාගත හැකිවේ. බොහෝ දුරට ඔස්ට්රොනීසියානුවන් පච්ච කෙටීමේ කටුව සම තුළට තල්ලු කිරීම සඳහා ලාක්ෂණික ලම්බකව අඳින ලද පච්ච කෙටීමේ කටු භාවිතා කළහ. මිට සාමාන්යයෙන් ලී වලින් සාදන ලද අතර තනි, සමූහගත හෝ පනාවක් සෑදීමට සකසන ලද කටු පැඟිරි කටු, මාළු ඇට, අස්ථි, දත් සහ කැස්බෑ සහ බෙල්ලන් කටු වලින් සාදන ලදී.

පුරාණ පච්ච කෙටීමේ සම්ප්රදායන් පැපුවන් සහ මෙලනේසියානුවන් අතර ද ලේඛනගත කර ඇති අතර, ඔවුන්ගේ සුවිශේෂී දඉිසාස්බ සම සිදුරු කිරිමට භාවිතා කරයි.
උතුරු ඇමරිකාවේ ආදිවාසීන්ට පච්ච කෙටීමේ දිගු ඉතිහාසයක් ඇත. පච්ච කෙටීම සම මත සරල සලකුණු කිරීමක් නොවීය. එය ස්වදේශික ලෝකය දැනගැනීමේ සහ බැලීමේ ක්‍රමවලට මෙන්ම පවුලට, සමාජයට සහ ස්ථානයට ඇති සම්බන්ධතාවලට සංස්කෘතික සම්බන්ධතා ඉස්මතු කරන ක්‍රියාවලියක්වේ.

උතුරු ඇමරිකාවට ගිය මුල් ගවේෂකයෝ තමන්ට හමුවූ ආදිවාසීන් ගැන බොහෝ වාර්ගික 
නිරීක්ෂණ සිදු කළහ. මුලදී, ඔවුන් පච්ච කෙටීම සඳහා වචනයක් නොතිබූ අතර ඒ වෙනුවට සම වෙනස් කිරීම් විස්තර කළේ ”Pounce, prick, List, Mark, and Rase" to "Samp, Paint,Burn, and embroider” ලෙසයි.

ජපානයේ ආධ්යාත්මික හා විසිතුරු අරමුණු සඳහා පච්ච කිරීම අවම වශයෙන් jomon  හෝ paleolithic  යුගය දක්වා විහිදෙන බව සැලකෙන අතර Yamto සහ ස්වදේශික jomon කණ්ඩායම් සඳහා විවිධ කාල පරිච්ඡේදවලදී එය ව්්‍යාප්ත වුනා. ජපන් ජාතිකයින් පච්ච කෙටීම සහ අනෙකුත් ශරීර සලකුණු මගින් පෙන්නුම් කෙරේ. එකල චීන ග්‍රන්ථවල ද සෑම වයස් කාණ්ඩයකම සිටින ජපන් පිරිමින් ඔවුන්ගේ මුහුණු සහ සිරුර පච්ච කොටා ගන්නා ආකාරය විස්තර කර ඇත.

1603 සහ 1868 අතර, ජපන් පච්ච කෙටීම උකියෝ උප සංස්කෘතිය විසින් පමණක් සිදු කරන ලදී. සාමාන්යයෙන් ගිනි නිවන භටයන්, සේවකයන් සහ ගණිකාවන් තම තත්ත්වය සන්නිවේදනය කිරීම සඳහා පච්ච කොටා ගත්හ.

1868 දී පිහිටුවන ලද Meiji ජපානයේ රජය, පච්ච කෙටීමේ කලාව සම්පූර්ණයෙන්ම තහනම් කළේ, එය ම්ලේච්ඡ ලෙස සලකමින් සහ ගෞරවනීය බවක් නොමැති බවය. මෙය පසුව අපරාධකරුවන්ගේ සහ පිටමං වූවන්ගේ උප සංස්කෘතියක් නිර්මාණය කලා. මෙම මිනිසුන්ට ”විනීත සමාජය” තුළ තැනක් නොතිබූ අතර ඔවුන් ගැන කෝපයට පත් වුනා. ඔවුන්ගේ පැහැදිලිව පෙනෙන පච්ච කොටා ගැනීම නිසා ඔවුන්ට ප්‍රධාන ධාරාවේ සමාජයට සරලව ඒකාබද්ධ වීමට නොහැකි වූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අපරාධ ක්රියාකාරකම්වලට බල කරමින්, අවසානයේ ජපානයේ පච්ච කොටා ගැනීම බොහෝ දුරට සමාන පදයක් වී ඇති නවීන ජපන් මාෆියාව වන යකුසා සඳහා මූලාරම්භය වෙලා තියෙනවා.

අපේ රටේ නව රැල්ලක් වෙලා තිබුනත් මේක ඉතා පැරණි එකක් බව දැන් තේරෙන්න ඇති නේ. අපේ රටේ ආරක්ෂක සේවයට ඒ කියන්නේ ආමි නේවි ගුවන් වාගේම පොලීසියේ රස්සාවටත් ටැටූ හහපු අයව බදවාගන්නේ නෑ.ඒවාගේම ජපානයේ උණුවතුර ස්නානය කරන Onsen Springs and babathing facilities වලට ඇතුල්වීමට දෙන්නේ නෑ.

  ගැහැවුවෙත් මකන්න කියන තරම් ලේසි නොවන නිසා පනින්න පෙර සිතා බලනු කියමන මොළේට අරන් මාරාන්තික ලෙඩ බෝ නොකරගෙන සෞඛ්‍ය ආරක්ෂිත ලෙසට ගහන පච්චයක් ගසාගන්නා ලෙසත් කොළොම්පුරයා මතක් කරන්නට කැමැත්තෙමි.

Otzi ගේ පච්ච කොටපු තැන්


41 comments:

  1. මටත් හිතෙනව කොටාගන්නට ලස්සනම එක පච්චයක්
    මෙයත් බැලුවේ ඒ නිසාමයි මේක රසබර සටහනක්....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගහන්නට පෙර සිතා බලනු..
      බැරිය යස්සේ වෙනස් කරනු

      දුමියත් ශනිදා අහයට එක්වෙමු ද?

      Delete
    2. අනිවා එන සතියේ රෑ 10ට කවියක් ඕනේ! - තට්ටයා

      Delete
    3. අනිවාර්යයෙන්ම කොළොම්පූර් සහ තට්ටයා. දුමී ගෙන් කවියක් නැතුව අඩුවක් වගේනේ. මමත් එනවා ශනිදා දහයට.
      ජයවේවා

      Delete
  2. උඹ කොහේ තිබ්බ එකක්ද බං ඔය කියන පරක්කුවට දැම්මේ?

    ඉස්සර කථාවක් තියෙනවා "පච්ච කොටන එකයි, බට්න් හෝල් ගහන එකයි කසාද බැඳිල්ලයි හොඳට හිතල මතලා කරණ්න ඕන එකක්!" කියලා.
    පච්චෙයි කසාදෙයි ගැන කියන්න ඕනේ නෑ නේ.
    බෞට්ටොන් හෝල් කියන්නේ බොත්තං කාස හෙවත් බොත්තම දාන් හිලට. ඔය ගාමන්ට් වල තියෙනවා වරිග දෙකක්. අපේ අටමා නං මේ ගැන ඉංතේරුවටම දන්නවා ඇති. එකක් සාමාන්ය හෙවත් නෝමල් බට්න් හෝල් මැෂිම. අනික රීස් හෝල් මැෂිම!.
    රීස් හෝල් කියන්නේ ඒක හදපු කොම්පැනියේ නම . ඒකෙන් කපෙන්නේ යතුරු හිලක් වගේ එකක්. දැං ඒක කිව්වාම යතුරු හිල් වලට ඇහැ තියලා බලනවා එහෙම නෙවෙයි ඔන්න!
    මේක කියවන අය ජීවිතේ එක දවසක හරි අනුංගේ ඩෙනිම් කලිසමක් හරි ඇඳලා තියේ නම් ඒකේ තියෙන ලොකු බොත්තම දාන්න තියෙන්නේ රීස් හෝල් එකකට!
    ඉතින් කොහොම හරි මැෂිම ගානට මිම්මට සකස් කරලා කකුලින් පාගුවාම ක්‍රීඊඊඊඊඊස් ගාලා වටේම මැහිලා සටස් ගාලා තලයක් උඩින් වැටිලා හොල හැදිලා හමාරයි.
    ඉතිං මේ වඩේ උනාට පස්සේ ආයේ ඒක වැරදියි කියලා වෙන තැනකින් කාස මහනවා බොරු!

    පච්ච ගැන සුපිරිම කථාව මම් හිතන්නේ හැමෝන දන්නවා! ඒ කතමයි ඇඟ පුරා පච්ච කොටපු චිත්‍රපටි පිස්සාගේ කතාව! අන්තිමට "සජම ඔසන්" කියලා දැක්කාම තමයි මේක සිංහල චිත්‍රපටියක් නම් වෙන්න බෑ කියලා තර්ක කරලා තියෙන්නේ. පස්සෙන් පහු තමයි තේරුම් ගිහින් තියෙන්නේ මේ "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා!" කියන චිත්‍ර පටිය බව.
    මගේ දුරින් නෑ වෙන බුවෙක් උන්නා සුනිල් කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න හොයලා බලන්න එයාගේ නම සුනිල් අල්විස්. හිටියේ වැලිපැන්නේ ගජේරු වලව්වේ.
    මේ යකාගේ කකු දෙකේම කලව දෙකේ ඇතු පැත්තට වෙන්න ස්ත්‍රී රූප දෙකක් පච්ච කොටලා තිබ්බා වඩ කට්ටලයට වැඳ ගෙන ඉන්න!
    එක කපු මහත්තයෙක් හමුවෙන්න ආපු කොල්ලෙක් කිව්වාලු මට "සමන් මලී" කියලා නම තියෙන කෙල්ලක් හොයලා දෙන්න කියලා!
    කපුවා කිව්වලු යකෝ ඕන තරං උඹට ගෑනු හොයලා දෙන්නං ඒත් මං කොහෙන්ද හොයන්නේ සමන් මලී ලා! කියලා.
    මූ සමන් මලියෙක්ම හොයනවාලු!
    පස්සෙ බැරිම තැන කපුවා ඇහුවලු මොකද බං සමන් මලියෙක්ම හොයන්නේ කියලා!
    කොල්ලා කමිසෙ බොත්තං ටික ඇරලා මේන්න මේ හින්දයි කියලා ලැජ්ජාවෙන් පෙන්නුවලු.
    බලන කොට මූ පපුවේ කොටා ගෙනලු"සමන් මලී" කියලා!
    කපුවා ඇහුවලු කෝ ඉතිං බං පේ සමන් මලී කියලා!
    "අනේ කපු උන්නැහැ පේ වගේම පපුවෙ "සිරිපාල" කියලා කොටා ගන්න ගිය තැන එකා එක්ක ඒකි පැනලා ගියා . . .!'" කියලා මූ කපුවව බදා ගෙන මී හරකා වගේ අඬන්න ගත්තලු!

    ඔය සමහරු තමන්ගේ ඇඟේ තියෙන පිහි ඇනුං පාරවල් එහෙම වැහෙන්නත් පච්ච කොටා ගන්නවාලු!

    ReplyDelete
    Replies
    1. යකඩෝ මේක කොමෙන්ට් එකක් නොවේ තනිකරම බ්ලොග් පොස්ට් එකක් නේ..මේකට කොහොමද උත්තර ලියන්නේ හිතලා මොලේ ටැපලිලා.. ඔය කුට්ටමට වැදන් ඉන්න පච්චය ගැන අහලා තියේනවා..
      මතකද පහුගිය කාලේ පොහොට්ටු රැල්ලට ගොටාගේ මයින්දගේ මූන පපුවේ කොටාගත්තු මොඩයොත් හිටියා. අන්තිමට ඒවා මකන්න බැරිව ඒක උනින් වෙන๬ ඒවා ඇදලා උන් ටැටූවත් චාටර් කරගත්තා...
      මේ කොළොම්පුරයා නම් ටැටූ වලින් කැලැල් මකන්නේ නෑ.. ඒවා නිසයි නේ ගල්කිස්ස රන් කරන්නේ...😅

      Delete
    2. අඩෝ ඒක මතක් කරගෙනම හිටියා ඔතනම ලියන්න! මිස් උනානේ!- තට්ටයා

      Delete
    3. ෆෝන් එකෙන් කෙටුවේ!

      Delete
  3. අල්ලපු ගෙදර කෙල්ලෙක් ඉන්නවා ඉන්ගා කියල. කකුල් දෙකේ පච්ච කොටාගෙන ඉන්නේ artwork එකක් ඒක . ඒක ලෝකෙට පේනවනං ඕනේ නිසා කොටම කොට පොඩිම පොඩි ජංගි කොටයක් ඇඳන් ගාඩ්න් එකට ඉන්නේ. බැරිම තැන මම කිව්වා උඹේ කකුල් හරි ලස්සනයි නේ. පට්ට artwork එක. කෙලින්ම ඇවිල්ල මාව බදා ගත්ත කියහන්කෝ. "උඹ විතරයි ඒක හොඳයි කීවේ . මම බයේ හිටියේ පච්චේ කැතයි කියල. "
    😀

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහාගෙදර කෙල්ලවත් ලයින් කොලා...
      මටනම් ඔය ඇගපුරාම ටැටූ ගහපු එක අල්ලන්නේ නෑ. ඒක දැක්කාම පොඩි අප්‍රසන්න සීන් එකක් හිතට එනවා.

      Delete
    2. ඔය කෙල්ල ලංකාවට එන්නේ නැතෙයි? ගිහිං හොඳයි කියන්න!? - තට්ටයා

      Delete
    3. එයා කියලා තියෙන්නේ ටැටූ එක ගැන නෙමෙයි කකුල් දෙක ලස්සනයි කියලා...

      Delete
    4. අපි ඔය ලයින් කෙරිලි නැහැනේ. ඔන්න ප්‍රා ජේ නං ආපු වෙලාවක ලයින් කලාද කොහෙද? කෙල්ල යන හදන්නේ ආපහු ලිතුවේනියාවට මෙහෙ ඉන්න බැහැ කියල.

      Delete
    5. හැදිච්ච ගෑනු ලමයි වලත්තයන්ගේ ඇසුරෙන් විස්ථාපනය වේ - ආකිමිඩීස් (රෙද්ද නැතුව )

      Delete
    6. ටැටූ ගහනවා කියන්නේ සමහර ආගම් වල භයානකයි - https://www.hindustantimes.com/world-news/israelhamas-war-woman-paraded-naked-by-militants-identified-as-german-tattoo-artist-101696752176453.html

      Delete
  4. ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව පරදවමු. සන්නද්ධ අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැති බව තහවුරුය.

    පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින් ලෙයින් යකඩින් මර්ධනය කිරීම ආරම්භ කර ඇත.

    පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය සමග ඊශ්‍රායිල ව්‍යප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින්ගේ රහසිගත හමුවක් පැවැත්වුණි. ඒ අනුව පක්ෂ සන්නද්ධ කාඩර්වරුන් ගාසා තීරය වෙත නික්ම යෑම ආරම්භ කොට ඇත. හමාස් විමුක්ති සටන්කාමින් සමග එක්කාසුව සටන් වදිනු ඇත. අප හිතවත් හිස්බුල්ලා සංවිධානයද සිය සන්නද්ධ කාඩර්වරුන් ඊශ්‍රායිලයට එරෙහිව සටන් කිරීමට ඒවා ඇත.

    'ඉන්දීයානු ව්‍යාප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්' ගේ රහසිගත හමුවක්ද ඒ සමග පැවැත්වුණි. ඔවුන්ද සිය කාඩර්වරුන් ගාසා තීරයට එවමින් පවතී. එසේම චෙච්නියානු ගරිල්ලන්ගේ සහයද, අයර්ලන්ත ගරිල්ලා සංවිධානයේ සහයද හමාස් විමුක්ති සංවිධානයට ලැබීමට නියමිතය.

    විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් මුල සිටම අප පක්ෂ සන්නද්ධ අංශය සමග වැඩ කරයි. එම කාඩර්වරුන්ද ඔවුන් සමග හිතවත් හිස්බුල්ලා සංවිධානයේ සහයද ලබා ගැනීමට නියමිතයි.

    ඒ අනුව හමාස් සංවිධානය සමග පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය, හිස්බුල්ලා සංවිධානය, කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්, චෙච්නියානු ගරිල්ලා සංවිධානය, අයර්ලන්ත ගරිල්ලා සංවිධානය, විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් එකතුව ඊශ්‍රායිල කුලී හමුදාවට පහර දී ගාසා තීරයේ සියලු මරමස්ථාන නැවත අල්වා ගැනීමට නියමිතය.

    සියලුම ඊශ්‍රායිල ද්‍රෝහීන්ට ඔවුන්ට ලැබිය යුතු දඩුවම අනුකම්පා විරහිතව ලබා දෙනු ලැබේ.

    ඒකාධිපති ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව සන්නද්ධ අරගලයකින් පරදවමු. හිරු නැගෙනා විට බලය අල්වා ගමු.

    සටනේදී අරමුණ වෙනුවෙන් දිවි දෙන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

    ReplyDelete
    Replies
    1. ඔව් යුද්ධයකින් ජයක් හෝ පරාජයක් ලැබුවන් නොමැත.. මියගිය සියල්ලන් සිහිපත් කරමු.

      Delete
  5. දැං ඉතිං රෑ දහයට පච්ච කොටන එකෙක් අල්ලගනිංකො ඉඳගෙන.

    ReplyDelete
  6. ස්තූතියි. දැන් ආයෙ දෙයියනේ කියල කියවන්න පෝස්ට් ටිකක් තියනවා. කියවලා ආයෙ කමෙන්ට් කරන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. තට්ටයාගේ ශනිදා දහයට හොද ආරාම්භයක් වෙයි.

      Delete
  7. මටත් දැන් අවුරුද්දක හමාරක ඉදලා අතේ මැණික්කටුව ළඟ ටැටූවක් කොටාගන්න පුදුම ආසාවක් තියෙනවා.කොහෙද ආසවට වඩා තාම බය වැඩී..ඒ මදිවට පවුලෙ එකෙක්වත් නෑ ඒක වෙන තැනට දිරිමත් කොරන.දැන් මේ පෝස්ටුවේ අවසානෙ උනත් එහෙමනෙ..😊

    ReplyDelete
    Replies
    1. ඔන්නොහෙ දාගන්න එකක්. පස්සේ අපටත් ෆොටෝ එකක් දාන්න බලන්න

      Delete
    2. @සොඳුරු සඳවතී අනේ මම නම් කාන්තාවන් ටැටූ ගැහිල්ලට එච්චර මනාපයක් නෑ...ඒ සුන්දරත්වය එහෙම්පිටින්ම නැතිවෙනවා..

      Delete
  8. දැන් කාලෙක ඉදල ටැටූ රිමුව් කරන තාක්සනේ ඇවිත් තියෙන්නෙ. ඒ නැතත් ටෙම්පරරි ටැටූ ඉසටිකර් තියේ.

    ReplyDelete
    Replies
    1. ටැටූ මකන්න පුලුවන් උනාට සම්පූර්ණයෙන්ම ඉවත්කරන්න බෑ. ලාවට හරි පේනවා.. ස්ටිකර් වැඩේ නම් හොදයි කාලෙන් කාලෙට වෙනස් විලාසිතාවක් යොදන්න පුලුවන්.

      Delete
  9. ඔය උඩ කියල තියෙන ඔට්සි ගැන මට මතකයි සමුදුර පත්තරේ තිබුණා...

    https://www.youtube.com/watch?v=m5oXjYMY2pM&pp=ygUPb3R6aSB0aGUgaWNlbWFu

    ReplyDelete
  10. මට මතක හැටියට, චීනඩි චීනා අල්ලපු අන්ඩ කවර් පොලිස් නිලධාරියා, චීනඩි චීනා ළඟ දි තමන්ගෙ කමිසෙ ගැලෙව්වෙ නෑ, එයාගෙ පපුවෙ "ලංකා පොලිසිය" කියලා පච්චයක් කොටලා තිබුණු නිසා.

    ReplyDelete
    Replies
    1. එහෙමත් පච්ච ගහනවද? පච්ච ගහපු උන්ව ඒ රස්සාවල් වලට ගන්නේ නෑ.

      Delete
    2. එහෙම අදහසක් තියෙන නිසා තමයි මං අර සඳහන දැම්මේ. පොලිස් පණතෙත්, යුධ හමුදා පණතෙත් එහෙම විධිවිධානයක් නෑ මං දන්න විදිහට.

      Delete
  11. අපි ඉතිං පච්ච ගැහුවොත් ඉතිං බවුත් එකට පිච්චිලා පච්චයක් වැදුනොත් තමයි අසංග අයියෙ හැක් !

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...