Saturday, October 14, 2023

මාංසයේ ගුණ (ශනිදා දහයට II )

 


1 අජමාංස " මේෂමාංසං ගුරුසනිග්ධං බල පිත්ත කළුප්‍රදම්"  එළුමස් බරවෙයි, සිනිදු වෙයි,  සිරුර බලවඩයි,වාහණං මාංස වැඩීම කරයි.

2 ජාගමාංස (බැටලුමස්) සැහැල්ලු වෙයි, සිනිදු වෙයි , සීතල නොවෙයි , රුචිබල පුෂ්ටිය දෙයි, වාපිත් නසයි, ශුක්‍ර ධාතු වඩයි, මාංස වැඩීම කරයි, ප්‍රතිශ්යාය නෙවෙයි, ප්‍රමෙහ නසයි, විශේෂයෙන් වාත රෝගයට හිතවෙයි.,"වාහත් ජාගලාදි ඝාතය" බලනු. 

3 මහිස මාංස (මීහරක් මස්) පිණවයි, බලවඩයි , සිනිදු හා උෂ්ණ වෙයි, දිරිමේ බරවෙයි , නිදාජනනය කෙරෙයි, ශුක්‍ර ධාතු වඩයි , පුරුෂ වීර්යය ඇතිකෙරෙයි, මාංශ පේශීන් දැඩි කරයි, තනකිරි වඩයි 

වරාහ මාංස ( වක්‍ර වක්ත්‍ර මාංසාං)- ඌරුමස් වනාහි ශරීරය තරකරයි, වාතය නසයි, බල වඩයි, ධාතු වැඩිම කෙරෙයි, දිරිමේ ඉතා බරයි, අශීසට හිතවෙයි, වනවරාහමාංශ (වල් ඌරුමස් ) බරවෙයි , මෙදස්, බල, විර්ය වැඩීම කරයි, අශිස් නසයි.

4 හරිණ මාංස - මුවමස් සහැල්ලු වෙයි, තර කෙරෙයි , තුන්දෙස් නසයි, රුචි කෙරෙයි , සෙම්පිත් නසයි, මලමු බදියි, ශොථාතිසාර දුරුකෙරෙයි, රත් පිත් උවදුරු දුරු කෙරෙයි, 

5 ගොධාමාංස ( තලගොයි මස්)  පැසීමෙයි මිහිරිවෙයි, කසට හා කුළුරසද වන්නීය, වා පිත් නසන්නීය, ශුක්‍ර ධාතු වඩයි , ස්ථුල කෙරෙයි, ශරීර බල වඩන්නීය.

6 ග්‍රාමය කක්කුට මාංස (ගම් කූකුලු මස්)  සිනිදු වෙයි, සැහැල්ලු වෙයි ,තර කෙරෙයි , මිහිරිවෙයි , ධාතු පෝෂණය කෙරෙයි , වා නසයි, ගිනි වඩයි, උෂ්ණවෙයි , බලවඩයි , ක්ෂය නසයි , ඇසට හිතවෙයි , ශුක්‍ර හා සෙම් වඩයි

7 අරණ්‍ය කුක්කට මාංස( වන සැවුල් මස් හෙවත් වලි කුකුල් මස්) ශෙලෂ්ම රෝග නසයි , රළු වෙයි, කසට වෙයි,ශීතල වෙයි .

8 ශශක මාංස ( හාමස්)  දිරවීමේ හි පහසුයි , ශීතලයි, තුන්දොස් නසයි , ගිනිවඩයි, සවාස කාස නසයි, රළු වෙයි, මිහිරිවෙයි , සදාකලම පථ්‍යයි.

ඩී,එච්. ඇස් . අභයරත්න මහතා විසින් සංස්කරනය කරන ලද ස්ත්‍රි චිකිත්සාවලිය නැමැති පැරැණි පොතෙන්  උපුටා ගන්නා ලදී...


19 comments:

  1. ඉතිං බලාංකො! ඔය එක මසක් වත් මිනිස්සුන්ට කිසිම අගුණයක් නැතිව ඇයි බං මේ වෙජිටේරියංලා බිහි උනේ?
    මටනං හිතා ගන්නවත් බෑ උන් මිනිස්සුන්මද කියලා!

    දැං උඹ මේවයිං පන්නලා කන්නේ මොන මසද කියාපං; ඉස්ත්‍රී චිකිත්සාවටත් එක්ක!?

    ReplyDelete
    Replies
    1. වෙජි උන් බහුතරයක් කුකුල් මස් රසට සේයාමීට් කන උදවිය.
      ස්ත්‍රි චිකිත්සාවට ඕනෑ මාංසයක් ඔට්ටුයි නෙව ඉතිං කොළොම්පුරයා .මිනිමස් හැර ඕනෑම මාංසයක් බුදින්නෙක්.

      Delete
    2. කකුල් හතර තියෙන ඇඳ පුටු මේස ඇරෙන්න ඕන එකක්! එහෙමද?

      Delete
  2. ආහ්. වටිනා පෝස්ට් එකක් කොළොම්පුරේ....
    ජයවේවා ....
    ඔන්න දුමීගෙ කවියත් හරි ශනිදා දහයට.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ජංගමයාගෙන් බ්ලොග් ලිවිල්ල කොතරම් අමාරුද කියලා මේ දිනවල අත්විදිමින් ඉන්නේ. කොහේද මේ තට්ස් ලොක්කා ශනිදා රෑ අටට අහනවා දහයට දාන පොස්ටුව හරිද කියලා..

      දුමි ස්තූතියි ඉල්ලීම ඉටුකරාට...
      ගොඩවැදිලා ආවා...

      Delete
  3. පස්වෙනි මාංසේ වැරදියට කියවුනා..ආයෙ පාරක් හරියට කියවලා ආවා 🤗.

    ReplyDelete
    Replies
    1. අපොයි නොදන්නා දේශපාලනයකට බෙල්ල තියපු අහිංසකයා ඒ මාංස නම් අනුභවය ට සුදුසු නෑ..

      Delete
  4. තොරතුරු හොඳයි, (ඒත් රජෝ),
    මිල වැඩියිනෙ ගන්නෙ කෙසේ
    සේරම බිල් ඩබල් වී වැය අහස උසේ
    රොඩුවලින්ය පිරවෙන්නේ අපේ කුසේ
    හෙට මක් වෙයිද? සංකාවකි මගේ හිසේ

    ReplyDelete
  5. එල හරක් මස් නොකෑවට මී හරක් මස් ප්‍රශ්නයක් නැද්ද හින්දු ආගමේ?

    ReplyDelete
  6. අඩේ ඕව ඒ ඒ ගුණ බිදෙන්නැතුව හදන රෙසිපිත් තියේ... සංස්කෘත ස්ලෝක වලින්ම.
    කෝ බොල ඒ ටික

    ReplyDelete
  7. ඔන්න බලන්න ඉතිං, අපි නොදන්න කොච්චර දේ තියේද කියලා? අර නම් සෙට් එක මරු. හෙහ්, හෙහ් ග්‍රාම කුක්කුට.....

    ReplyDelete
  8. අපි මස් කන එක සාධාරණිය කරණය කරාට පිං. අර තලගොයි මස් වල නම මුලින් දැක්කේ ගෝඨා මාංස කියලනේ. හොඳ වෙලාවට කාලා නැහැ

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මකීර්ති මහතා සෝවියට් රුසියාවේ විශ්ව විද්‍යාලය ඉගෙනුම සදහා යවන ලද්දේ එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ පිළිබඳව සත්‍යය බොදු බල සේනාවේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් දැනගත හැක.

      අජිත් මහතා ලබා ගත්තේ මොණරාගල ප්‍රදේශයේ විසු දක්ෂ සිසුවියකට ලැබී තිබුණු ශිෂ්‍යත්වයක් බව කියවෙ.
      එම සිසුවිය කලකිරීමට පත්ව මාර්ගයේ ගමන් කරනා විට රිය අනතුරකට ලක්ව දුක් විඳ පසුව මිය ගියාය.

      රනිල් වික්‍රමසිංහ ඇමතිවරයාගේ අනුහසින් රුසියාවට ගිය අජිත් ධර්මා මහතා සිදුකලේ තරුණ ගැටවුන් සමග කම්සැප විඳිමින් විනෝද වීමය.
      විනාශ කලේ රටේ මුදල්ය.

      මේවාට කවදා හරි වන්දි ගෙවීමට අජිත් ධර්මා මහතාට සිදුවනු ඇත.

      Delete
    2. කරුණාකර මෙවැනි අපහාසාත්මක බොරු ඔබේ බ්ලොග් අඩවියෙන් ඉවත් කරන්න.

      Delete
    3. Ajith Dharmakeerthi's mission was a high-stakes endeavor, one that would test the limits of his expertise, education, and his dedication to his country. With a foundational degree in nuclear engineering from the Soviet Union, he possessed a wealth of knowledge in a field critical to national security. His work experience included not only academic excellence but practical expertise in the design and operation of nuclear submarines, a skill set that was far from ordinary.

      As an undercover intelligence agent, Ajith's career took a dramatic turn, thrusting him into the precarious world of safeguarding nuclear assets and maintaining the delicate balance of national security. His academic and professional background made him a prime candidate for the covert operations and sensitive missions that lay ahead.

      The gravity of his mission weighed heavily on him, but it was his unflinching loyalty to Cabinet Minister Ranil Wickramasingha, who later became the President of Sri Lanka, that fueled his resolve. Ajith's life had transformed into a relentless pursuit of protecting his homeland's interests, often in the shadows, and his unwavering commitment to this mission, combined with his exceptional education and working experience, would shape the destiny of a nation hanging in the balance.

      Delete
  9. ඇයි මේ ගොඩක් මාංස ධාතු වඩ්ඩවන්නෙ.

    ReplyDelete
  10. ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.

    වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

    මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට වේසි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

    එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

    රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

    වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

    වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

    වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

    වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

    ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

    වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

    කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.

    -රසික සුරියරච්චි-

    ReplyDelete
  11. අජිත් ධර්මකීර්ති කියන්නේ ආවොත් සෙන්ට් ගියොත් ඕඩීකොලොන් ජාතියේ පොරක්. යකෙකුටවත් බය නෑ. මෑන් ගාව මරනෙත් පදිරිවෙලා තියෙනව. ගහනව කිව්වොත් ගැහුවා. මරනව කිව්වොත් මැරුව. මීට පෙරත් ඒවගේ ගේම් ගහපු සුපිරි චරිතයක්. අනික් අටදෙනාම ගියත් නොමැරුනොත් මෙයා තනියම හරි ගේම් එක ප්ලේ කරනව. මීට පෙරත් 88/89 භීෂණ සමයේ රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවේ ලංකාවට ඇවිත් ඒ ගමන්ම තුන්දෙනෙක් එක්ක මාතර ගිහින් කැරලිකරුවන් පිරිසක් පස්සෙන් පන්නල බාවපු සුපිරි චරිතයක්.

    ඒ කාලේ ජේආර් ජනාධිපති. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමති. ජේආර්ගේ පුතා රවී තමයි ජනපති ඇතුළු ප්‍රභූ ආරක්ෂාව භාරව හිටියේ. එයා ඒකටනේ විශේෂ කාර්ය බලකාය හැදුවෙත්. ඉතින් ඔය කාලේ ජේවීපී ත්‍රස්තවාදය තදටම තියෙනවා. රජයේ දේපල මංකොල්ල කනවා, ගිනි තියනවා, මිනිස්සු මරනවා. එකම අවුලයි.

    ඔය කාලේ මාතර පැත්තේ ගමට ජේවීපී ටෙරාලා සංවිධානය වෙමින් ඉදලා ලොකු ප්‍රහාරයකට. ප්‍රාණ ඇපකරුවන් විදියට ඇමතිවරු දෙදෙනෙකුත් අල්ලා ගෙන. ඕක විසදා ගන්න එක ජේආර් භාර දීලා රවී ජයවර්ධනට සහ රනිල්ට. රනිල් ඒ වෙලේ හිටියේ බියගම බටලන්දේ.

    රනිල්ට එක පාරටම ඔලුවට ඇවිත් තියෙන්නේ මේකට සුදුස්සා නං අජිත් ධර්මකීර්ති කියලා. රනිල් ඒ වෙලේම මොස්කව් වල ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලට රහසිගත කේබල් පණිවිඩ දෙකක් යවලා. එකක් තානාතිපති කාර්යාලය හරහා අජිත් ධර්මකීර්තිට යවලා තියෙන්නේ. අනික එවකට රුසියාවේ ජනාධිපති ගොර්බවෙච්ට.

    රුසියන් ජනාධිපතිට ඉල්ලලා තියෙන්නේ රනිල්ට මේ වෙලේ ලංකාවට ගෙන්න ගන්න අවශ්‍යම කෙනෙක් ඉන්නවා, ඒ අජිත් ධර්මකීර්ති. ඔහුව ගෙන්වා දෙන්න කියලා. අජිත්ගේ පණිවිඩය ලබා දෙන්න අජිත් කොහෙද කියලා කෙජිබි එක දාලා හොයලත් හොයාගන්න බැරි වෙලා.

    පස්සේ බලද්දී අජිත් ඒ වෙලේ කේජිබි ලොක්කා ගැන ඔත්තු බල බලා ඉදලා තියෙන්නේ.

    ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අජිත්ට පණිවිඩේ දීලා. අජිතුත් කම්මැලි කමේ ඉදලා තියෙන්නේ. ඒ නිසා එක පාරම කැමති වෙලා මාතර ඇවිත් ජේවීපී ටෙරාලා එක්ක සටන් කරන්න.

    රුසියන් ජනාධිපති විසින් රනිල්ගේ ඉල්ලීමට ඇති පදම් ඉන්ධන පුරවපු ඇන්ටනෝව් ගුවන්යානයක් ලබා දීලා අජිත්ට අමතර ඉන්ධන බැරලුත් එක්කම. ඒ පාර අජිත් සහයට තව ගුවන් නියමුව්ක් ඉල්ලාගෙන අජිත්ම යානය අරගෙන ඇවිත් කොග්ගලට.

    එතනින් යානය නවත්තවපු ගමන් පළාත් සභා පැජරෝවක් අරගෙන අජිත් කෙලින්ම ගියේ මාතරට. අජිත්ට තව සෙබළු තුන්දෙනෙක් රනිල් දීලා තිබ්බා.
    අජිත් ධර්මා මාතර ගිහින් ත්‍රස්තයන් බාවලා ඇමතිවරු බේරාගත්තා. අජිත්ට හිරීමක් වත් නැහැ. එක සෙබලෙක් නං එනගමන් ගහක මුලක කකුල පැටලවිල වැටිලා කකුල දෙරි ගහගෙන තිබ්බා. එච්චරයි.

    එකපාරක් තිහගොඩ අපේ කට්ටියක් ජේවීපී ත්‍රස්තයන්ට කොටුවෙලා පන පිටින් අල්ලගන්න කිට්ටුම වෙනකොට තුන්දෙනෙක් එක්ක ගේමට බැහැල ජේවීපී ටෙරාව නන්නත්තාර කරල පොකුරු පිටින් එලොව යවල ටැට්ටරේකුත් අල්ලල අපේ කොටුවුන ටීම් එකත් සීරීමක්වත් නැතුව බේරාගත්තු ජාත්‍යන්තර පොරක්.

    එයාට යුධ පුහුණුව ලබා දීමට රුසියාවෙ කෙජිබි බුද්ධි අංශයට යැව්වේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාගේ උවමනාවට.

    ඊට පස්සේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය, ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, බ්‍රිතානයේ බුද්ධි අංශ මගින් පුහුණුව ලබා දුන්නා.

    අජිත් ධර්මකීර්ති මහතා කොතරම් දක්ෂයෙක් දැයි කිවහොත් කොටි සංවිදානයේ ටොසි බුද්ධි අංශයෙනුත් පුහුණුව ලබා ගැනීමට ඔහු සමත් උන.
    බුද්ධි අංශ නායක කර්නල් සුසෙයිගේ අභ්‍යන්තර කවයේත් හිටියා. ඒ ආණ්ඩුවේ උවමනාවට.

    ReplyDelete
    Replies
    1. 1) අජිත් ධර්මකීර්ති මහත්තයා රාජකීය විද්‍යාලයේ පන්ති නායක කම ගත්තේ හම්බුනේ නැති නිසා නෙමේ. උදේම ඇවිත් පන්තිය අතුගාන්න වෙන නිසා.

      2) අජිත්ගේ ඔලුවේ එක කොන්ඩේ ගහක් වත් නැහැ. මොකද අජිත්ගේ ඔලුවට උඩින් කොන්ඩේ වත් ඉන්නේ නෑ, බයට.

      3) එක පාරක් ඇෆ්ගන් යුධ බිමේදී අජිත් ධර්මාගේ මාරයාගේ ගෙදර දොරකඩට ගිහින් ආවා. ඊට පස්සේ අජිත් මාරයාගේ ගෙදර අල්ලා ගත්තා. දැන් මාරයාට ඉන්න තැනක් නැ.

      4) අජිත් කොච්චර අරක්කු බිව්වත් අජිත්ට වෙරි වෙන්නේ නැහැ. ඒ වෙනුවට බෝතලේ වෙරි වෙනවා.

      5) ටයිටනික් චිත්‍රපටියේ ජැක් ගේ චරිතෙට අජිත් ධර්මාකීර්ති තමයි කැමරන් තෝරා ගත්තේ. ඒත් රෝස් ලස්සන මදි කියලා අජිත් බෑ කිව්වා.

      6) කේජිබි එකේ ලොක්කා ගැන ඔත්තු බලන්න දාලා හිටියේ අජිත්ලු.

      7) ජේආර් ව්‍යවස්ථාව හැදුවෙත් අජිත් ධර්මාගේ උපදෙස් අරං

      8) අජිත් ඉපදෙනකොට අජිත් ලෑ තාත්තා ආච්චිගේ බඩේ. අජිත් තමයි තාත්තට නම දාලාත් තියෙන්නේ.

      9) මහින්ද මහත්තයා උඩු රවුල වවන්නේ අජිත් කිව්ව නිසාලු.

      10) අජිත් කොට නිසා ඉස්සර ඉස්කෝලේ බුලි වෙලා, ඒ නිසා අජිත් එයාගේ ළමයි අජිත්ට වඩා උසට හැදුවලු.

      11) අජිත් කවදාවත් අව්ව තපින්නේ නෑ. ඒ වෙනුවට අව්ව අජිත්ව තපිනවාලු.

      12) කොටි එක්ක යුද්දෙදි ඕමන්තෙයි ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගන්න බැරුව හමුදාව මාස තුනක් විතර බලං ඉද්දි අජිත් ඇවිත් ඒක විනාඩියෙන් කඩලා දුන්නලු.

      13) අජිත් කෝච්චි පාරේ ඇවිදන් යනකොට කෝච්චි අයින් වෙලා යනවලු.

      14) අජිත් ධර්මා හුස්ම අරං එලියට දාන්නේ නැල්ලු. මොකද කාබන්ඩයොක්සයිඩ් හොද නැති නිසා. වෙනුවට අජිත් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් එලියට දානවලු.

      15) අජිත්ගේ ඔළුවට උඩින් ඉර උනත් පායන්නේ නැල්ලු, බයට.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...