Saturday, October 28, 2023

අරගලයේ මරගලය (ශනිදා දහයට III)

 අරගලයේ මරගලය




දැන් ජිවත්වෙන්න අමාරු නේද? උද්ධමනය ඉහල ගිහිල්ලාලු.  මේ වෙනකොට මේ අවුරුද්දට  ලයිටි බිල් තුන්පාරක් වැඩිකරා. ජල බිල් ගෑස් වියදම ඉන්ධන වියදම් බස් ගාස්තු ඇතුලු ප්‍රවාහන වියදම් ඔක්කෝම වැඩිවෙලා නේද?  උබලාට ලැබෙන සොච්චම් පඩියෙන් මේ බිල් ගෙව්වාම කන්න බොන්නත් ඉතුරුවක් තියේනවාද?  අපේ දේශපාලුවන් අපිව නොමරා මරනවා නේද?
ඇයි ඒ?
 බොලාට අමතක උනාද?
 තොපිලා ඔක්කෝම එක්කාසුවෙලා රටබේරා ගන්නය කියලා 69 ලක්සයක  චන්දේ දිලා පත්කරගත්තු ජනාධිපති ගොඨා ටික කලකින් එපාවුනා නෙව.  ඊට පස්සේ පොරව එලවන්න ගොල්ෆේස් ගිහින් go home gota කියලා ටැග් ගහන් දැගලුවා.  සමහරු කුඩාරම් ගහගෙන එතැනම ලැග්ගා. අලුත් ගමකුත් හැදුවා. තව සමහරු නොමිලේ බිරියානි කන්න ගියා. නිලියෝ නළුවෝ ඇවිත්ගියා. ගායක ගායිකාවෝ සින්දු කිව්වා. සමහරු චිත්‍ර ඇන්දා.  පුස්තකාල තියන් පොත් කියෙව්වා නිරාහාරව ඉදන් උපවාස කළා. පවුල් පිටින් ගොල්ෆේස් ගිහින් ජාතික කොඩිය වන වන ඉදලා ආවා.  එකි මෙකි නොකි හැමදේම කළා උනුත් අතහැරියේ නෑ, එක එක් දේවල් කොලා.. මයිනා ගමේ කන පැලෙන්න පිරිත් ඇස්සුවා.. තව කඩලවාත් නැති කොන්ඩම් පැකට් ගෝල්ෆේස් පිට්ටනියේ දැම්මා . ඔය අස්සට ඔත්තුකාරයොත් රිංගෙව්වා.

 ඔන්න එක දවසක් ආවා නොන්ඩි ආතාගේ බලලෝභි කම වැඩිපුර ඉස්මතුවෙච්චි. අතා පොඩි රැස්වීමක් තිබ්බා. පොඩි කිව්වාට පොඩිමත් නෑ. ආතගේ හෙංචයියන්ගේ මැර කන්ඩායමට ආතා පොඩි කික් එකක් දුන්නා. ඒකෙන් ෆෝම් වෙච්චි උන් ඇවිත් කුඩාරම් ගලවන්න ගත්තා. එදා තමයි දේශපාලුවන්ට මරබිය දැනුනේ. සෙල්ලම ලෙල්ලම වෙලා ගියා ප්‍රහාරය අනිත් පැත්ත පෙරලුනා හැමේම කුපිතවෙලා උන්ට ගැහැව්වා ගෙවල් ගිනි තිබ්බා. සීන් එක නැගලාම ගියා.රටම කුපිත උනා නෙව.   බයියෝ බේරේ වැවේ නෑවා.. එකෙක් දෙන්නෙක් දිව්‍ය ලෝකේ ඇරියා..ආතා හැංගුනා.. හෙංචයියෝ මිසිං උනා. ජනාධිපති ලේකම් කාර්්‍යාලය ජනපති මැදුර අරලිය ගහ මැදුර අරගල කාරයෝ  අල්ලා ගත්තා ගොඨා රට පැන්නා.
අරගලය ජයගත්තාද?
 උත්තරය නෑ. 
අරහලය අවසන් කළාද?
 ඒත් නෑ.
අරගලය අවසන් කලේ නෑ. මගින් නතරවුනා. නෑ නතරකළා. 
කවුද නතරකළේ?   ඒ උඹලා අතර හිටිය දේශාපාලුවන්ගේ අතකොලු තමයි එක නතර කළේ. 
එදා ගොල්ෆේස් රගපු හිටපු චරිත දැන් කෝ? 
උන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද? කාගේ සාක්කුවේද? හොයලා බලපල්ලා. දහදුරා දේශපාලු හොරුන්ගේ කට්ට කයිරාටිකම් උඹලා අපිවාගේ උන්ට තේරෙන්නේ වැඩේ සිද්දවෙලා ඉවරවෙලා. උන් ගේම ගහන්නේ මකිලියාවෙලිගේ නැත්නම් චානක්‍යගේ තියරියෙන් ඒවාට නැටවෙන උන් දන්නේ නෑ කාටද උන් නටන්නේ කියලා.

 ඔය සෙල්ලම් ගැන විමසිලිමත් දෑසින් බලන් හිටපු කොළොම්පුරයා ඔය ගොල්ෆේස් පාස්කරන් වැඩට ගියා මිසක් ඕකේ ලගින්න ගියේ නෑ. අරගලයට ආවේ නෑ..
අරගලේ දැන් ඉවරයි රගපු චරිත දැන් නෑ. අරුන්ගේ පදයට නැටැවුනු කොහෝවත් හිටපු අහිංසක උන් ටිකකට විතරක් නඩු වැටුනා. එදා හිටපු ලොයර්ලා අද උන් වෙනුවෙන් නොමිලයේ පෙනි ඉන්නවාද?         
චන්දෙන් පැරදිලා හොම්බෙන් ගිහින් හිටපු රනිල් ලොක්කා අහක යන පිං චෑන්ස් පාරක් වැදිලා ජනාදිපති පුටුවේ වාඩිගත්තා.. ආපසු  හැංගුනු දේශපාලුවන් කරලියට ආවා. නැට්ට දෙපරන්ද අස්සේ ගහන් කැලේ පැන්න දේශපාලු නරි සෙට් එක සිංහ වෙස් අරන් අපහු ඇවිල්ලා අපිට හූ කියන්න ගත්තා. පිච්චිලා නැතිවුනු දේපල වල වටිනාකමටත් වැඩියෙන් උන් වන්දිත් ගත්තා. තාවකාලික නවාතැන් වලට කියලා තව වියදමුත්  ආන්ඩුවෙන් අයකරගත්තට  ඒවාටත් බදු විදිහට ගෙවන්නේ අපිම නේද? 

අර කප්පම් අරන් අත්හිටවූ සිරදඩුවම් ලැබුනු බඩ තඩි දේශපාලුවා හැමදාම අරගලකාරයින්ට දෙන්නම් බැටේ කිය කිය ඉන්නවා.

 දැන් උඔලාට තේරෙන්නේ නැද්ද උන් අපිව නොමරා මර මර පලිගන්නවා කියලා.  උන් එක දශමයකින් වත් බදු ගෙවන්නේ නෑ. උන් අපේ බදු මුදලින් යැපෙමින්  බදුමුදල් හොරා කමින්  යෙහෙන් වැජබනවා..  රට බංකොලොත් උනත් උන්ගේ හොරා කෑම නම් අඩුවෙලා නෑ

        වැඩක් පටන් ගත්තාම අවසානයක් තියෙන්න ඕනේ  නැත්නම් නොකර හිටපල්ලා.   

පසුව ලියමි
කොළොම්පුරයා කිසිදු දේශපාලන පක්සයකට ගැතිකම් කරන්නෙකු නොවන බවත් මෙය  කිසිදු දේශපාලන  පක්ෂයකට මඩ ගහන්න හෝ ආවඩන්න ලියූවක් නොවේ..
මාගේ පක්ෂය පුරුෂ පක්ෂය පමණි.. 

31 comments:

  1. වැඩිදෙනෙක් අත ගහන්න කැමති නැති, ඒත් බොහොම හොඳ මාතෘකාවක්. අත ගහන්න කැමති නැත්තෙ, හරියටම හරි උත්තර නැති නිසා වෙන්නත් ඇති.
    ෆැක්ට්ස් සහ හර්‍යටම උත්තැ නැති ප්‍රශ්ණ:
    1. අරගලයට හේතුව - ලංකාව ආර්ථිකව බංකොලොත් වීමද?
    2. බංකොලොත් කලේ කව්ද? ණයට අරං පාටි දාපු අපි හැමෝමද?. පෙට්ටියෙ අන්තිම ඇනේ ගැහැව්වෙ, පොහොට්ටුවොද?
    3. කන්න නැතිවෙන තෙක්. වරායට ආපු බඩු නැව් වලට ගෙවන්න සල්ලි නැති වන තෙක්, අපි අපේ ආතල් ජීවන රටාව වෙනස් කලාද?
    4. ඉතාමත් අකාර්‍යක්ෂම සහ වැඩක් නොකර පඩි ගන්නේ දේශපාලුවෝ විතරමද?
    5. අරගලයේ අවසානය වියයුතුව තිබුනේ කුමක්ද? රජ පුටුවේ අන්‍රයියාව, කුමාර් ගුණරත්නව, පුතාණෝව වාඩි කරවීමද? පොලිටි බියුරෝ, කොමිසාර් වරුන් මගින් පාලනය වෙන, චන්ද නැති සමාජවාදී "යුටෝපියාවක්" තැනීමද?
    6. සමාජවාදීන් තම දූ-දරුවන් රට පටවන්නේ ඇයි?
    7. දැන් සද්දයක් නැත්තෙ, රටේ ප්‍රශ්ණ විසඳිලාද?

    ReplyDelete
    Replies
    1. 8. ගෝටා චූදිතයෙක්ද? දේශපාලන වින්දිතයෙක්ද? අසමත් ජනපති වරයෙක්ද? එසේ නම් වියත්-මඟ, පොහොට්ටුවො ගෝටව කඩේ යැව්වද?

      Delete
    2. ප්‍රශ්න 7 ට හා 8 ට පිලිතුරු..
      7 දැන් සද්ද දාන්න බය කම..දැම්මොත් මෙච්චර දවසක් නිතිපොතට විතරක් සීමාවුනු නිති එළියට අරන් තියෙන්නේ. නිකං නඩු මොකටද කියලා කවුරුත් සද්ද නෑ.
      8 ගෝඨා කරන්න හදපු කරපු දේ පොහොට්ටුවෝ කරන්න දුන්නේ නෑ. මිනිහා give up කරලා දැම්මා. රට අයාලේ ගියා..

      Delete
    3. ගෝටා මොකද්ද කරන්න හැදුවේ? දන්නවනම් අටපට්ටමට . සොරි අපටත් කියන්න

      Delete
  2. ලංකාවේ ඇති උන ආර්ථික ප්‍රශ්නයට දේශපාලුවන් වගකිවයුතූ එක ඇත්ත. එහෙම උනත් මහජන චන්දයෙන් පත්උන ජනාධිපති හෝ ආණ්ඩුව වෙනත් මාර්ග වලින් බලයෙන් පහ කිරීම ලෝකය අනුමත කරන්නේ නෑ (සමහර රටවල් මේ වගේ ඒවාට යටින් උදව් කරනවා) මම ඒ වෙලාවෙත් මේ දෙයම කිව්වා. ප්‍රජාතන්තරය අත ගැහීමේ ඉතා බයානක දෙයක්. 71/88-89 උන දේ වලින් කව්රුත් පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ (එදා තිරය පිටුපස හිටපු සමහර උන් තවම ඉන්නව, අදත් මේවා කරන්නේ උන්)

    ඒ වෙලාවේ ගෝටා අස් උන එක හොඳයි, නැත්නම් ලංකාවත් ඉරාකය ලිබියාව සිරියාව වගේ වෙනවා නැත්නම් ඉන්දියාව හමුදාව එවනවා. 88/89 වගේම මේ වෙලාවේ කරපු වැරදි වලට දඬුවම් දෙන්න ඕන, දැක්කද ඇමරිකාවේ බයිඩන් දිනුවේ නෑ කියලා අරගල කර උන්ට වෙන දේ, අව්රුදු 25 දක්වා හිරේ.

    අනික රට හදන්න දේශපාලුවන්ට බෑ, එක නිලධාරි සහ වැඩකරන/පොදු ජනතාව කරන්න ඕන දෙයක්. අපේ නිලදාරී සහ මිනිස්සු වැඩ කරනවද හොර කරනවද කියල පිටරට රස්සාවක් කරපු කෙනෙක්ගෙන් අහන්න ඕන, රට ඉඳලා ඇවිල්ලා ආණ්ඩුවේ තැනකින් වැඩක් කරගන්න ගියාම දිවිනසා ගන්න හිතෙනවා.

    සමහරුන්ට හොර/බොරු සාමන්‍ය දේවල්, කරාද කියල තමන් දන්නෙත් නෑ, පොලිසියට පගා දීලා වැඩේ ගොඩ දාගන්න අයම පොලිසිය දුශිතයි කියනවා වගේ.

    හුගක් ඉගෙන ගත්ත, සල්ලි තියෙන මිනිස්සුන්ට අරගලය නිසා රට එපා උනා, මේවා කව්රුත් කියන්නේ නෑ, ඉන්දියාවේ බලපෑමෙන් (හොඳට හෝ නරකට) ලංකාව වෙනස් වෙන්න පුළුවන්, නැත්නම් අපිට අබ සරණයි

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. දැන් පට්ට දූෂිතයන් ඉන්නේ.. තව නොබෝ කලකින් අපේ රට සෝමාලියාවක් වෙනවා...

      Delete
  3. මෙම ලිපිය රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණ යටතේ බුද්ධි අංශ වෙත සහ පොලිස් පති මැදිරිය වෙත යොමු කරන ලදි.

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝමහත්තයෝ මං අසරණ දරු පවුල් කාරයා. නිරපරාදේ හිරේවිලංගුවේ දමන්න එපෝ...

      Delete
  4. 'උන් අපේ බදු මුදලින් යැපෙමින් බදුමුදල් හොරා කමින් යෙහෙන් වැජබනවා.'

    මේක වැරදි මතයක්. රාජ්‍ය බදු මුදල් වලින් ජනපති, අගමැති, ඇමති මණ්ඩලය, පාර්ලිමේන්තුව ඇතුළු සියලුම දෙනාගේ සහ කාර්යමණ්ඩල නඩත්තුව සඳහා වැය වන්නේ සියයට දශම පහකි. (0.5)

    ReplyDelete
    Replies
    1. ඔබතුමා නඩත්තුවට අකමැත්තක් නෑවාගේ.. එහෙනම් තව වැඩියෙන් බදු ගෙවමු.

      Delete
    2. අකමැත්තක් කැමැත්තක් ගැන නෙම කිව්වේ. දැන් ඔය හැමෝම රැල්ලට බැන්නට ජනපති, අගමැති, ඇමති මණ්ඩලය, පාර්ලිමේන්තුව ඇතුළු සියලුම දෙනාගේ සහ කාර්යමණ්ඩල නඩත්තුව සඳහා වැය වන්නේ රාජ්‍ය අදායමෙන් සියයට දශම පහක්.

      ඉතින් ඔය දශම පහ අඩු කර ගන්න එක ගැන කතා කර කර ඉන්නවද, ඉතිරි 99.5% ගැන කතා කරලා වියදම අඩු කර ගන්නවද?

      Delete
    3. මේ කතාවේ ඇත්තක් තියෙනවා, ලෝකයේ ඕනෑම ආණ්ඩුවක් පවතින්නේ බදූ මුදල් වලින්, එත් දේශපාලුවන් නඩත්තු කිරීමට කීයක් යනවද? අනෙක් නාස්ති මොනවද කියලා කතා බහක් ඇති වෙන්න ඕන.
      මම විජේබාහු

      Delete
    4. මගේ මාසික වේතනයෙන් විශාල මුදලක් මා සෘජුව ගෙවනවා.තවත් වක්‍ර බදු කොපමණ සංඛ්‍යාවක් අපි ගෙවනවාද? ඒ ගෙවන බදු මුදල් රටේ යහපතට යෙදවෙනවාද? දේශපාලුවන් පිස්සු කෙලින ව්‍යාපෘති ඒවායින් සිදුවන පාඩු ඒවාට ගෙවන්නෙත් අපේ මුදල් නේද? ඉන්ට කෝ දඩුවම්? හෙජින් ගනුදෙනුවෙන් ගූ නැවෙන් සුගතදාස ට්‍රැක් එක හදලා මිග් ගනුදෙනුව එයාර් බස් ගනුදෙනුව තව කොච්චර තියේනවාද? ඒවා කලේ අපි නොවේ අදටත් උන් යහතින් අපි පාඩුව පියවන්න බදු ගෙවනවා නේද? මේ ගෙවිම් වලට අපිට ලැබන රිටන් එකක් තියේනවාද ? වයසය ගියාම ආන්ඩුවේ ඉස්පිරිතාලෙන් හොද බෙහෙතක් වත් ගන්න තියේනවාද ? දියවන්නාවේ මොන්ට්සෝරිය එක විනාඩියක් පවත්වන්න රුපියල් ලක්ෂයකට වඩා වැය වෙනවා. එතැන උන් රැස්වෙලා කෙලින පිස්සු දැක්කාම මොකටද උන්ව නඩත්තු කරන්නේ හිතෙන්නේ නැද්ද ? රටට වැදගත් දේවල් කතාවෙන්නෙම නැති තරම්.
      ස්තූතියි විජේබාහු මහත්තයා මේක මතක් කළාට.

      Delete
    5. 'මගේ මාසික වේතනයෙන් විශාල මුදලක් මා සෘජුව ගෙවනවා.තවත් වක්‍ර බදු කොපමණ සංඛ්‍යාවක් අපි ගෙවනවාද? ඒ ගෙවන බදු මුදල් රටේ යහපතට යෙදවෙනවාද?'

      ඒක ඉතින් ඔබගේ නොදන්නාකම. බදු මුදල් වැයවන්නේ කොහොමද කියලා මහ බැංකු වාර්තාතියෙනවා.වාර්ෂික අයවැය ලේඛනය තියෙනවා.

      රටේ ජනාධිපති අගමැති ඇමතිවරු පළාත් පාලන ආයතන ඇතුළු සියලුම දෙනා සඳහා වැය වන්නේ බදු මුදලින් සියයට දශම පහයි.

      දියවන්නාවට මන්ත්‍රීවරුන් පත් කරන්නේත් රටේ ජනතාව තමයි එතන ඇත්තේ ජනතා නියෝජනයක්.

      එහෙම නැත්තං ඉතිං ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ කරා වගේ තුන්ඩු කෑලි වලින් රට අකර්මණය කරලා මිනී මරන්න ද කියන්නේ?

      Delete
  5. ගොඩක් දෙනෙක් රැස් වී කෙරුවානෙ අරගලේ
    දිනක් නොවේ සති ගනනින් පිටියෙ කළබලේ
    පලක් නොවේ එය කතිකා කෙරුම නිසසලේ
    කවක් ලියා තුටු වෙමු අද රැගෙන මහ බලේ...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. එකතුව ජනබලේ
      කෙරුවත් අරගලේ
      නොපෙරලි මහබලේ
      කෙලවි ඇත බොලේ

      Delete
  6. ක්‍රිස්තියානි පර බල්ලෝ . ගොටබේ මහත්තයට විරුද්ධ උන උන්,

    ReplyDelete
    Replies
    1. පිලාත් වාගේ අත්වල ලේ නොගැවිච්චි කෙනෙක් නේ.

      Delete
  7. යුවර් ටැක්ස් මනි ඇට් වර්ක්.
    හැබැයි ඉතිං මොකටද කියල බදු ගෙවන කවුරුවත් දන්නෙ නෑ.

    ReplyDelete
  8. අජිත් ධර්මකුමාරOctober 29, 2023 at 3:13 PM

    අසංක මේ වගේ අනිත් අයට, සමාජයට වෛර කරන පුද්ගලයෙක් බවට පත්වූයේ නැව්වල රස්සාවට ගියාම පස්සේ තලා පෙළීමට ලක් වූ නිසා නේද?

    නැවේ දී මුහුණ දුන් ලිංගික අතවර,අනෙකුත් තාඩන පීඩන නිසා මානසිකව රෝගී ඇති බව පෙනේ එසේම කායිකවද රෝගීව ඇති බව අපට සිතාගත හැක.

    අසංකගේ බාහිර ලාමක මිටි පෙනුම නිසා හීනමානයෙන් ඇති බවද අපට සිතාගත හැක.

    ඔබගේ, ඔබ මුහුණ දෙන ගැටලු වලට වගකිව යුත්තේ ඔබම මිස වෙන දේශපාලනයක් හෝ අන් අයෙක් නොවේ.

    සමාජයට දේශපාලනයට වෛර කිරීමෙන් ඔබට ලැබෙන්නේ තවත් මෙම ගැටලුවේ ගිලීමම පමණකි.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි උහතුන්ගේ ඇසුරක් නොතිබිම වෙන්නැති. ස්තූතියි ...

      Delete
  9. ඊලඟ සෙනසුරාදා පෝස්ට් එකකින්ම උත්තරයක් දෙන්නම්

    ReplyDelete
  10. මේ වගේ කතා අරගලය ගැන අපි කිව්වහම රනිල් ගේ අතකොලු කියල කට්ටිය බනින්න එනවා. අපේම එවුන්. ඒ නිසා මම නම් සද්ද නැතිව ඉන්නව කියලා හිතා ගත්තේ

    ReplyDelete
  11. අජිත් පීOctober 30, 2023 at 7:31 AM

    අසංක මල්ලිලා ගෝල්පේස් එකේ කුඩාරං ගහගෙන එකම ලංකට් එක ඇදගෙන දවස් 11 ක් පිකට් කරලා ප්‍රීති කසානා ඇරෙන්න වෙන මොනවද ලබා ගත්තේ?

    ReplyDelete
  12. අරගලය සිද්ද උන එක ගැනවත්, අන්තිමට දියාරැ වෙච්ච එක ගැනවත්...මටනං මහලොකු කම්පාවක් නැ.
    එකතුවක් මොනතරම් බලවත්ද කියල හරි බලාගන්ට ඇහැක උනේ අරගය නිසා.

    ReplyDelete
  13. මේ
    පිළිබඳව මගේ සත දෙක පෝස්ටුවකින් බලාපොරොත්තුවන්න!

    ReplyDelete
  14. හරි දැන් මෙච්චරයි...

    ඊළඟ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා 80% ක ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරන බව ජවිපේ බුද්ධි අංශ කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා..

    එතකොට ජවිපේ ජනාධිපතිවරයෙක් පත්වීම ගැන අපිට සැකයක් නෑ..

    ඊළඟට අපිට ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ ජවිපෙන් රට බාරගෙන රට ගොඩ නගන ආකාරය සහ ණය පියවන ආකාරය පිළිබඳවයි.

    මෙවර අනුර සහෝදරයාගෙ ඇමෙරිකානු සංචාරයේදී ඒ ප්‍රශ්ණ දෙකටත් උත්තර ලැබුණා.

    ඒ අනුව ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් බව එතුමා කියා සිටියා .

    ( ලෝකෙ කිසි තැනක ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හදන්නේ නැහැ කියනෙකවත් දැනට ලොව පුරා ග්‍රැපීන් නිපදවන්නේ කෘතිමව බවත්, ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ හදපු නැනෝ ආයතනයෙ පරීක්ෂණ කරන බවත්, ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවීමට යන වියදම අධික වීම හේතුවෙන් ඉන් ලාබ ලැබීමට ඇති හැකියාව අවම බවත් පැත්තකින් තියන්න, ඒවා මඩ වෙන්ඩැති 🙂 )

    ට්‍රිලියන 30 ක ණයක් ගෙවන්න තියෙනවා අපිට. ඒකට පිළියමක් විදියට ISB ඩොලර් බිලියන 12 නොගෙවා සිටීමට අනුර දිසානායක සහෝදරයා තීරණය කරලා තියෙනවා.

    ඒ පිළිබඳව චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න එතුමා පියවර ගන්නා බව එතුමන් ඇමරිකානු සංචාරය අතරතුර පැවති ජනහමුවේදී පක්ෂ සාමාජිකයෙක් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් කියා සිටියා..
    සාකච්ඡා කරාම ණය කපා හරියි. 🙂👍

    එතකොට ණය ප්‍රශ්නෙත් අහවරයි.

    ඊට අමතරව ලොස් ඇන්ජලීස් නුවර පවා දේපල පවරා ගන්න ක්‍රියා කරන බව පාක්ෂිකයන් හමුවේදී එතුමන් ප්‍රකාශ කර සිටියා.

    ඒ අනුව අනුර ජනපති යටතේ විදේශීය දේපල හිමි දූපතක් බවට ලංකාව පත් වීමට නියමිතයි . ❤️

    දැන් ඡන්දය තියෙන ප්‍රමාදය විතරයි තියෙන්නේ...

    තියව්!! තියව්!! ඡන්දෙ තියව්!!! කියලා කෝච්චි වලින් කොලඹට ආවනම් ඒ ප්‍රශ්ණෙටත් විසඳුමක් ගන්න තිබ්බා..

    ReplyDelete
  15. ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

    ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

    මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

    ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

    මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

    ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

    ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

    මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්‍රස්‌තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

    අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

    ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

    ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

    දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

    ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

    ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

    වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

    ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...