Friday, January 27, 2017
අමනකම
විදමින් දහදුක් දරුවන් තිදෙනෙකු හැදුවා තුටින්
කුසයට ආවනේ සිව්වෙනියෙකුත් නොදනිම ඉතින්
ඇතුල්වුනෙමි කෑගලූ රෝහලට පෙරදිම ලෙසින්
කොල්ලෙකු වැදුවා හතරවෙනියාට මගේ කුසින්
දරුවා මගේ තනක එල්ලිගෙන බොයි කිරි නිරතුරු
වාට්ටුවේ මිසී නෝනලා දක්වයි කරුනාව පියකරු
තවදරුවන් හදන්නට එපා අම්මාට වෙයිනේ අනතුරු
වදන්නට නෙවෙයි වඳ සැත්කමක් කෙරුවොත් නිරතුරු
දොස්තර හදයි එල් ආර් ටි බලයෙන් කරන්නට
මම කැමති නෑ මහත්තයෝ එවැනි දේ හිතන්නට
වැලේ ගෙඩි බර වැලට වැඩි නෑ තව දරුවන් හදන්නට
දුප්පත් උනත් නොකරමි උන් මහමග දමන්නට
කෝ දරුවන්ගේ පියා දොස්තර මහතාට පැනයකි එන්නේ
පොතක ලියපු කාසදක් මිනිහෙක් ඇයට නෑ ඉන්නේ
අනාචාරේ යන ගැහැණියක් නොවෙද මේ ඉන්නේ
පැමිණිල්ලක් දැම්මා දැන් පොලීස් මහතුනුත් එන්නේ
බැලූවේ පොලීසියෙන් ඇවිදිල්ලා ඕ අයි සි මහත්තයා
එකතුවෙලා පැමිනිලිකාර දොස්තර මහත්තයා
පරික්ෂන කරන්නට ඕනේලූ කෝ තමුන්ගේ මහත්තයා
දරුවන් වදන්නට බැරිද නැතුවට කසාද මනුස්සයා
දරුවන් උපන්නට මම උන් අතරමං කරලායි නැත්තේ
ඔබලා උගතුන්වුවාට මොලේ කලඳක් ඇතුවයි නැත්තේ
මමත් ගැහැනියෙක් වෙමි සිරුරෙ ලේ මස් නහරයි ඇත්තේ
මනුස්සයා මගේ මලාට මම මැරිලා නැත්තේ
නිමිත්ත
තිදරු මවට සිව්වැනි දරුවා ලැබීම දොස්තර ප්‍රශ්නයක් කරගෙන.
මව්බිම පුවත්පත 26 ජනවාරි 2017
Subscribe to:
Post Comments (Atom)
නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?
නාවික සැතපුමක් යනු සමුද්‍ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූග...
-
අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. ත...
-
නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා, ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළ...
-
2022 වසර ලබද්දී ජනවාරි පළමුවෙනිදා බ්ලොග්වාසි සනුහරේට සුභපතා දමන ලද පොස්ටුව සින්ඩිවලට නොවැටී පළ නොවී කිසිවෙකුගේ ඇස ගැටුනේ නැත. ලැබුනු එකම කො...
ඇත්තනේ යකෝ මිනිහ මලාට ගෑනි මලායැ ....ඔහොම පුරස්න එන හන්දා වෙනිට ඇති ඉන්දියාවේ සති පුජා පවත්වන්නෙ
ReplyDeleteඋගත්තුන්ගේ නූගත් වැඩනේ
Deleteඇත්තනෙ බන් ගෑනි මැරිලා නෑනෙ
ReplyDeleteමට පත්තරේ බැලුවාම හිතුනේ ඒ අහිංසක ගෑනි ගැන පොලිසියට දන්නවන්න තරම් මේක මාරම මෝඩ සමාජයක් කියලා.
Deleteහොඳ කවි ටිකක් අසංක.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමි
Deleteඅහවල්දේ කරන්නත් ලයිසන් ගන්න වෙයි වගේ......දරුවෝ හදනවද නැද්ද තීරනය කරන්නේ දොස්තරයද කොන්දොස්තරයද කියලා ව්‍යවස්තාවට දාන්න වෙනවා.
ReplyDeleteදැන් නම් එක වෙයි වාගේ ( සමරිසි වුනාම දරුවන් හදන්න බෑනේ)
Deleteසති පූජාව තාමත් ජීවමානයි අපේ ගෝත්‍රික සමාජ ක්‍රමය ඇතුලේ.. ඉස්සර මිනිහ මළාම ගෑනිත් දර සෑයට දැම්ම..දැන් මිනිහ මළාම ගෑනි ජීවත් වෙද්දීම මරල දානවා..ඕකට උගත් නූගත් බේදයක් නැහැ.. මිනිහෙක් නැති ගෑනියෙකුට දරුවෙක් ලැබුනොත් ඒක අපේ මිනිස්සුන්ට බරපතල ගැටළුවක්.. ඒ මිනිහ නැති ගෑනි කෑවද බිව්වද හොයන්නේ නැති එවුන් දරුවා බඩට ආපු හැටි ගැන පස්චාත් පරීක්ෂණ පවත්වන්න ඉදිරිපත්වෙන්නේ ස්වේච්චාවෙන්ම..
ReplyDeleteඅද තමා මේ බ්ලොග් එක ඇහැගැටුනේ..
ඔබගේ කතාවට සම්පුර්නයෙන්ම එකගයි.
ReplyDeleteඅම්බලන්ගොඩින් කොළොම්පුරේට ගොඩවුනාට බොහෝම ස්තූතියි
ගොන් යක්කු..
ReplyDeleteනියමෙට ලියලා තියෙනවා අයියේ...
ReplyDelete