Friday, January 27, 2017

අමනකම




විදමින් දහදුක් දරුවන් තිදෙනෙකු හැදුවා තුටින්
කුසයට ආවනේ සිව්වෙනියෙකුත් නොදනිම ඉතින්
ඇතුල්වුනෙමි කෑගලූ රෝහලට පෙරදිම ලෙසින්
කොල්ලෙකු වැදුවා හතරවෙනියාට මගේ කුසින්

දරුවා මගේ තනක එල්ලිගෙන බොයි කිරි නිරතුරු
වාට්ටුවේ මිසී නෝනලා දක්වයි කරුනාව පියකරු
තවදරුවන් හදන්නට එපා අම්මාට වෙයිනේ අනතුරු
වදන්නට නෙවෙයි වඳ සැත්කමක් කෙරුවොත් නිරතුරු

දොස්තර හදයි එල් ආර් ටි බලයෙන් කරන්නට
මම කැමති නෑ මහත්තයෝ එවැනි දේ හිතන්නට
වැලේ ගෙඩි බර වැලට වැඩි නෑ තව දරුවන් හදන්නට
දුප්පත් උනත් නොකරමි උන් මහමග දමන්නට

කෝ දරුවන්ගේ පියා දොස්තර මහතාට පැනයකි එන්නේ
පොතක ලියපු කාසදක් මිනිහෙක් ඇයට නෑ ඉන්නේ
අනාචාරේ යන ගැහැණියක් නොවෙද මේ ඉන්නේ
පැමිණිල්ලක් දැම්මා දැන් පොලීස් මහතුනුත් එන්නේ

බැලූවේ පොලීසියෙන් ඇවිදිල්ලා  ඕ අයි සි මහත්තයා
එකතුවෙලා පැමිනිලිකාර  දොස්තර මහත්තයා
පරික්ෂන කරන්නට  ඕනේලූ කෝ තමුන්ගේ මහත්තයා
දරුවන් වදන්නට බැරිද නැතුවට කසාද මනුස්සයා

දරුවන් උපන්නට මම උන් අතරමං කරලායි නැත්තේ
ඔබලා උගතුන්වුවාට මොලේ කලඳක් ඇතුවයි නැත්තේ
මමත් ගැහැනියෙක් වෙමි සිරුරෙ ලේ මස් නහරයි ඇත්තේ
මනුස්සයා මගේ මලාට මම මැරිලා නැත්තේ

නිමිත්ත
තිදරු මවට සිව්වැනි දරුවා ලැබීම දොස්තර ප‍්‍රශ්නයක් කරගෙන.
මව්බිම පුවත්පත 26 ජනවාරි 2017

12 comments:

  1. ඇත්තනේ යකෝ මිනිහ මලාට ගෑනි මලායැ ....ඔහොම පුරස්න එන හන්දා වෙනිට ඇති ඉන්දියාවේ සති පුජා පවත්වන්නෙ

    ReplyDelete
  2. ඇත්තනෙ බන් ගෑනි මැරිලා නෑනෙ

    ReplyDelete
    Replies
    1. මට පත්තරේ බැලුවාම හිතුනේ ඒ අහිංසක ගෑනි ගැන පොලිසියට දන්නවන්න තරම් මේක මාරම මෝඩ සමාජයක් කියලා.

      Delete
  3. හොඳ කවි ටිකක් අසංක.

    ජයවේවා!!!

    ReplyDelete
  4. අහවල්දේ කරන්නත් ලයිසන් ගන්න වෙයි වගේ......දරුවෝ හදනවද නැද්ද තීරනය කරන්නේ දොස්තරයද කොන්දොස්තරයද කියලා ව්‍යවස්තාවට දාන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් එක වෙයි වාගේ ( සමරිසි වුනාම දරුවන් හදන්න බෑනේ)

      Delete
  5. සති පූජාව තාමත් ජීවමානයි අපේ ගෝත්‍රික සමාජ ක්‍රමය ඇතුලේ.. ඉස්සර මිනිහ මළාම ගෑනිත් දර සෑයට දැම්ම..දැන් මිනිහ මළාම ගෑනි ජීවත් වෙද්දීම මරල දානවා..ඕකට උගත් නූගත් බේදයක් නැහැ.. මිනිහෙක් නැති ගෑනියෙකුට දරුවෙක් ලැබුනොත් ඒක අපේ මිනිස්සුන්ට බරපතල ගැටළුවක්.. ඒ මිනිහ නැති ගෑනි කෑවද බිව්වද හොයන්නේ නැති එවුන් දරුවා බඩට ආපු හැටි ගැන පස්චාත් පරීක්ෂණ පවත්වන්න ඉදිරිපත්වෙන්නේ ස්වේච්චාවෙන්ම..

    අද තමා මේ බ්ලොග් එක ඇහැගැටුනේ..

    ReplyDelete
  6. ඔබගේ කතාවට සම්පුර්නයෙන්ම එකගයි.
    අම්බලන්ගොඩින් කොළොම්පුරේට ගොඩවුනාට බොහෝම ස්තූතියි

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...