Tuesday, July 4, 2017
කොළොම්පුරේට අවුරුද්දයි.
සියවස් කිහිපයක් පැරණි නගරයක් වුනු කොළොම්පුරේට අවුරුද්දයි? වෙන්න බැරිවැඩක් ? වෙන්න බෑ තමයි එත් වන්ඇන්ඩ් ඔන්ලි කොළොම්පුරේ බ්ලොග් එකට නම් අවුරුද්ද සපිරුනා. වැඩේ කියන්නේ මටත් උපන්දිනේ අමතකවුනා නේ. අවුරුද්දක් ගතවෙනවා කියන්නේ මොනතරම් දේවල් සිද්දවෙලා ඇද්ද? මේ ගෙවුනු අවුරුද්දේ කොළොම්පුරේ නෙළුම්යායෙන් සම්මාන දෙකකින් පුදනු ලැබුවා. ඉතිං සතුටු නැද්ද? ඒවාගෙම අටෝරාෂියක් බ්ලොග්කරුවන් කාරිනියන් අදුනාගන්නත් ලැබුනා. ඉතිං කොළොම්පුරේට ගොඩවැදුනු විචාරක මහතාලා අටංපහුරේ අටංලා ප්රජේලා අජිත් ධර්මලා කන්ඩලා මෙන්ඩලා බන්ඩලා දුමිලා මිතිලලා රොමාන්තික රස්තියාදුකාරයෝ තුශානිලා ඉයන්ලා ඉවාන්ලා රුවන්ලා අරුනලා කාර් පිස්සෝ දෙමළ නයන්නේ Praසන්னයා සුදු පුසෝ අරුලා ටිලාන්ලා හිලාකතේ කමියලා සොදුරු සදවතිලා එකී මෙකී නොකී බ්ලොග් බලන කොමන්ටුවක් කොටන නොකොටන අය කොළොම්පුරේට ශක්තියක් වුනා. කොළොම්පුරේට අතහිත දුන් ඒ ඔක්කෝටමත් කලාවට ලැදි මගේ බොස්ටත් පොඩි බොස්ටත් ස්තූතියි.
එහෙනම් සයිබර් කෙක් කෑල්ලක් කාලා හිටිමු.
Subscribe to:
Post Comments (Atom)
නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?
නාවික සැතපුමක් යනු සමුද්‍ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූග...
-
අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. ත...
-
නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා, ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළ...
-
2022 වසර ලබද්දී ජනවාරි පළමුවෙනිදා බ්ලොග්වාසි සනුහරේට සුභපතා දමන ලද පොස්ටුව සින්ඩිවලට නොවැටී පළ නොවී කිසිවෙකුගේ ඇස ගැටුනේ නැත. ලැබුනු එකම කො...
සුබ පැතුම් අසංග!
ReplyDeleteබ්ලොග් එක පටන්ගත්තු මුල ඉදන් කොමෙන්ට් කරමින් දිරි දුන්නාට ස්තූතියි ප්‍රා
Deleteසුභ පැතුම්. මේක තමයි මම කැමතිම පෝස්ට් එක
ReplyDeleteඅවුරුදු ගනනාවක් හිතේ හිරවෙලා තිබුන දෙයක් අමාරුවෙන් එලියට ඇදලා ලිව්ව පොස්ට් එකක් තමයි ඒ. මමත් කැමතිම එත් ආපහු කියවන්නට බැරි තරම් රිදුම් දෙන පොස්ට් එකක්. ඔබට බොහෝමත් ස්තූතියි.
Deletenice journey !!! all the best bro !!!
ReplyDeleteThank you Machan.
Deleteකොළොම්පුරේ අවුරුද්දට සුබ පැතුම් !!
ReplyDeleteස්තූතියි Praසන්ன
Deleteඅවුරුද්දේ සැමරුමට කොළොම්පුරේට සුභ පැතුම්...
ReplyDeleteස්තූතියි සුදු පුසෝ
Deleteසුභ පැතුම් එහෙනම්
ReplyDeleteස්තූතියි අරූ
Deleteසුභ පැතුම්. . . ! ! !
ReplyDeleteයාළුවා ඔබටත් ස්තූතියි
Deleteමට එදා අෆ්ටර් පාටියෙදි සෙට් වුණ එලම එල බොලොග් කරුවෙක් තමයි කොලොම්පුරේ....
ReplyDeleteසුභ පැතුම් බොක්කෙන්ම කොලොම්පුරේ.... දිගටම නෙක විසිතුරු බොලොග් වලින් මේ ඉසව්ව සරසන්න හැකියාව ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා...........
මිවිත ඇදිරිය දෑසවසාගත් රාති‍්‍රයක සම්මාන දෝතබාදගෙන සිතක් පිරුනාවු සතුටක් සමගින් සමුගත් අයුරු තාමත් මතකයෙන් මැකිලා නෑ රෝමා. ස්තූතියි මිතුර
Deleteසුබපැතුම්!
ReplyDeleteබිටල් පෙන්නලා අපිට කාර් පිස්සුව වැඩිකරපු තරිදු ඔබට ස්තූතියි මිතුර
Deleteසුභ පැතුම් එහෙනම්. ඔහොම යං ලියන්න තියෙන ඒවා තියෙනකම් ලියමු
ReplyDeleteලියනවා ඔයාලාට එපා වෙනකම්. ස්තූතියි අජිත් මහතානනි
Deleteලියන් නාවු ලිපි හැමදා සැරින් සැරේ
ReplyDeleteකියන් නෙමිය ඒවා හැම ගුණෙන් පිරේ
වියන් ගැවසි පෙරමග නුඹෙ මලින් පිරේ
තියන් නෙමිය මගෙ සුපැතුම කොළොම් පුරේ.....
ජයවේවා!!!
බලාසිටිමි කවියක් හැමදාමත් සේ මෙදා සැරේ
Deleteනොතිබුනොත් සිතත් මගේ දුකින් පිරේ
මුවහත්වෙලා දුමියාගේ කවි සේ අකුණු සැරේ
උඹ නැත්නම් මගේ කවිත් නෑ කොළොම්පුරේ
ස්තූතියි දුමියෝ......
My congratulations!
ReplyDeleteස්තූතියි සරත් මහතානනි
Deleteසුභපැතුම් සහෝදරයා... දිගටම ලියන්න ශක්තිය දහිර්ය ලැබේවා ....
ReplyDeleteස්තූතියි අම්බලන්ගොඩයෝ
Deleteසුබ පැතුම් අසංග අයියේ... මම ඔයාගෙ බ්ලොග් එක අඳුනගත්තෙ අජිත් කුමාර බ්ලොග් දර්ශකයෙ පොස්ට් එකක් දැකලා...
ReplyDeleteආරම්භේ ඉදන් කොමෙන්ට් කරලා දිරි දුන්න මිතිල මල්ලියාට බොහෝම ස්තූතියි.
Deleteසුභ පැතුම්.අපි තවත් අවුරුදු ගානක්ම කොළොම්පුරේ කියවන්ඩ බලාගෙන ඉන්නෙ .
ReplyDeleteස්තූතියි බක්කරේ
Deleteඔන්න අවුරුද්දට අපෙනුත් උණුසුම් සුබ පැතුම්..... කේක් කෑල්ලක් මේ පැත්තටත් එවයි නේද ... ;)
ReplyDeleteකේක් නම් මොනාද අප්පා. ඔයාලා අපිත් එක්ක එක්ක ඉන්න එකත් ඉතිං සතුටක්නේ
Deleteසුබ පැතුම් මචන් .!
ReplyDeleteමීට අවුරුද්දකට ඉස්සරින් කොළොම්පුරේ බ්ලොග් එක සකසාගන්නට උදව් උපකාර කරපු ඔබට ස්තූතියි නදුන්
Deleteසුබ පැතුම් සහෝදරයා!
ReplyDeleteඔබටත් ස්තූතියි ඉරංග සහෝදරයා
Deleteසුබ පැතුම් ... ගමන තව බොහෝ දිගු වේවා
ReplyDeleteසොඳුරු ඔබටත් ස්තූතියි
Deleteසුභ පැතුම් කොලොම්පූර් තවත් දුර ගමනක් ඔහොම යමු
ReplyDeleteස්තූතියි විචාරකතුමි
Delete