Tuesday, July 4, 2017

කොළොම්පුරේට අවුරුද්දයි.


 

සියවස් කිහිපයක් පැරණි නගරයක් වුනු කොළොම්පුරේට අවුරුද්දයි? වෙන්න බැරිවැඩක් ? වෙන්න බෑ තමයි එත් වන්ඇන්ඩ් ඔන්ලි කොළොම්පුරේ බ්ලොග් එකට නම් අවුරුද්ද සපිරුනා. වැඩේ කියන්නේ මටත් උපන්දිනේ අමතකවුනා නේ.  අවුරුද්දක් ගතවෙනවා කියන්නේ මොනතරම් දේවල් සිද්දවෙලා ඇද්ද? මේ ගෙවුනු අවුරුද්දේ කොළොම්පුරේ නෙළුම්යායෙන් සම්මාන දෙකකින් පුදනු ලැබුවා. ඉතිං සතුටු නැද්ද? ඒවාගෙම අටෝරාෂියක් බ්ලොග්කරුවන් කාරිනියන් අදුනාගන්නත් ලැබුනා. ඉතිං කොළොම්පුරේට ගොඩවැදුනු විචාරක මහතාලා අටංපහුරේ අටංලා ප‍්‍රජේලා අජිත් ධර්මලා කන්ඩලා මෙන්ඩලා  බන්ඩලා දුමිලා මිතිලලා රොමාන්තික රස්තියාදුකාරයෝ තුශානිලා ඉයන්ලා ඉවාන්ලා රුවන්ලා අරුනලා කාර් පිස්සෝ දෙමළ නයන්නේ Praසන්னයා සුදු පුසෝ අරුලා ටිලාන්ලා හිලාකතේ කමියලා සොදුරු සදවතිලා එකී මෙකී නොකී බ්ලොග් බලන කොමන්ටුවක් කොටන නොකොටන අය කොළොම්පුරේට ශක්තියක් වුනා. කොළොම්පුරේට අතහිත දුන් ඒ ඔක්කෝටමත්  කලාවට ලැදි මගේ බොස්ටත් පොඩි බොස්ටත් ස්තූතියි.
එහෙනම් සයිබර් කෙක් කෑල්ලක් කාලා හිටිමු.   





40 comments:

  1. සුබ පැතුම් අසංග!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක පටන්ගත්තු මුල ඉදන් කොමෙන්ට් කරමින් දිරි දුන්නාට ස්තූතියි ප‍්‍රා

      Delete
  2. Replies
    1. අවුරුදු ගනනාවක් හිතේ හිරවෙලා තිබුන දෙයක් අමාරුවෙන් එලියට ඇදලා ලිව්ව පොස්ට් එකක් තමයි ඒ. මමත් කැමතිම එත් ආපහු කියවන්නට බැරි තරම් රිදුම් දෙන පොස්ට් එකක්. ඔබට බොහෝමත් ස්තූතියි.

      Delete
  3. කොළොම්පුරේ අවුරුද්දට සුබ පැතුම් !!

    ReplyDelete
  4. අවුරුද්දේ සැමරුමට කොළොම්පුරේට සුභ පැතුම්...

    ReplyDelete
  5. සුභ පැතුම් එහෙනම්

    ReplyDelete
  6. සුභ පැතුම්. . . ! ! !

    ReplyDelete
  7. මට එදා අෆ්ටර් පාටියෙදි සෙට් වුණ එලම එල බොලොග් කරුවෙක් තමයි කොලොම්පුරේ....
    සුභ පැතුම් බොක්කෙන්ම කොලොම්පුරේ.... දිගටම නෙක විසිතුරු බොලොග් වලින් මේ ඉසව්ව සරසන්න හැකියාව ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා...........

    ReplyDelete
    Replies
    1. මිවිත ඇදිරිය දෑසවසාගත් රාති‍්‍රයක සම්මාන දෝතබාදගෙන සිතක් පිරුනාවු සතුටක් සමගින් සමුගත් අයුරු තාමත් මතකයෙන් මැකිලා නෑ රෝමා. ස්තූතියි මිතුර

      Delete
  8. Replies
    1. බිටල් පෙන්නලා අපිට කාර් පිස්සුව වැඩිකරපු තරිදු ඔබට ස්තූතියි මිතුර

      Delete
  9. සුභ පැතුම් එහෙනම්. ඔහොම යං ලියන්න තියෙන ඒවා තියෙනකම් ලියමු

    ReplyDelete
    Replies
    1. ලියනවා ඔයාලාට එපා වෙනකම්. ස්තූතියි අජිත් මහතානනි

      Delete
  10. ලියන් නාවු ලිපි හැමදා සැරින් සැරේ
    කියන් නෙමිය ඒවා හැම ගුණෙන් පිරේ
    වියන් ගැවසි පෙරමග නුඹෙ මලින් පිරේ
    තියන් නෙමිය මගෙ සුපැතුම කොළොම් පුරේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බලාසිටිමි කවියක් හැමදාමත් සේ මෙදා සැරේ
      නොතිබුනොත් සිතත් මගේ දුකින් පිරේ
      මුවහත්වෙලා දුමියාගේ කවි සේ අකුණු සැරේ
      උඹ නැත්නම් මගේ කවිත් නෑ කොළොම්පුරේ

      ස්තූතියි දුමියෝ......

      Delete
  11. සුභපැතුම් සහෝදරයා... දිගටම ලියන්න ශක්තිය දහිර්ය ලැබේවා ....

    ReplyDelete
  12. සුබ පැතුම් අසංග අයියේ... මම ඔයාගෙ බ්ලොග් එක අඳුනගත්තෙ අජිත් කුමාර බ්ලොග් දර්ශකයෙ පොස්ට් එකක් දැකලා...

    ReplyDelete
    Replies
    1. ආරම්භේ ඉදන් කොමෙන්ට් කරලා දිරි දුන්න මිතිල මල්ලියාට බොහෝම ස්තූතියි.

      Delete
  13. සුභ පැතුම්.අපි තවත් අවුරුදු ගානක්ම කොළොම්පුරේ කියවන්ඩ බලාගෙන ඉන්නෙ .

    ReplyDelete
  14. ඔන්න අවුරුද්දට අපෙනුත් උණුසුම් සුබ පැතුම්..... කේක් කෑල්ලක් මේ පැත්තටත් එවයි නේද ... ;)

    ReplyDelete
    Replies
    1. කේක් නම් මොනාද අප්පා. ඔයාලා අපිත් එක්ක එක්ක ඉන්න එකත් ඉතිං සතුටක්නේ

      Delete
  15. සුබ පැතුම් මචන් .!

    ReplyDelete
    Replies
    1. මීට අවුරුද්දකට ඉස්සරින් කොළොම්පුරේ බ්ලොග් එක සකසාගන්නට උදව් උපකාර කරපු ඔබට ස්තූතියි නදුන්

      Delete
  16. සුබ පැතුම් ... ගමන තව බොහෝ දිගු වේවා

    ReplyDelete
  17. සුභ පැතුම් කොලොම්පූර් තවත් දුර ගමනක් ඔහොම යමු

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...