Monday, January 24, 2022

තවසන්ඩ් තවුසන්ඩ

 


අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. තමන්ට සිද්දවෙච්චි දේවල් අනුන්ට වාගේ දොඩන්න අපේ අන්දුබයියා හොඳහැටි දන්නවා නොවැ. අපි  මේකේ කතානායකයා විදිහටත් අන්දුබයියාව දාමු එහෙම හොඳයි නොවෙද? හරි එහෙනම් ඔහෙලාගේ අනුමැතිය ලැබුනා නේ.  



අපේ අන්දුබයියා කසාද බදින්න හිටපු කෙල්ලගේ ගෙදර අම්මා තමයි ගෘහමුලිකයාවුනේ තාත්තා අම්මාගේ කීමට එහෙම ගිහිල්ලා ගෘහස්ත සාමය කඩකරගෙන ප්‍රචන්ඩත්වයට ලක්වෙන්න කැමති නැති නිහතමානි පොරක්. අම්මාගේ ටිකක් නොවෙයි අමු ලෝබයි අන්දුබයියාට නොදෙවෙනි නෑ. සියලු වියහියදම් පාලනය උන්දෑ තමයි කරන්නේ. කොහොමින් කොහොම අපේ ලොක්කා කෙල්ලව කරකාර බැන්දා. කෙල්ලගේ අම්මා වියදම් අඩුකරගන්නත් එක්ක මංගල්ලය තිබ්බේ ගෙදර.  දන්නවානේ අන්දුබයියා ඊටත්වඩා මසුරා කියලා  පොර බැඳලා පැනිහද බලන්න හනිමුන් ගියේ නෑ. මිනිහත් ගෙදර කාමරයක පැනි හද බැලුවා. පහුවදා අන්දුබයියා උදේ නැගිටලා වැසිකිලි ගතවෙනකම් දෙරකඩ කුරුමානම් අල්ලපු කෙල්ලගේ අම්මා කෙල්ලගේ වැඩේ හරිද බලන්න ගියේ පොඩ්ඩක් ඔරේප්පු පිට පිපිරි පිපිරි. කෙල්ලත් ඇදේ ඇලවෙලා හිටියේ පෙරදා අන්දුබයියා එක්ක  අල්ලපු නෙයියාඩගමේ කෙඩෙත්තුවත් එක්ක. අම්මා ආවාම කෙල්ල ඇදුමත් සකස්කරගෙන ඇදේ වාඩි ගත්තා. 

"ආ බං කෙල්ලේ උඹ දන්නවානේ මේ මගුලට වියදම් කොරන්න සල්ලි හොයාගත්තේ අමාරුවෙන් කියලා. ඉතිං උඹ මට මෙහෙම කරන එක හරිද?"

කෙල්ල උඩ බිම බැලුවේ අම්මා මොනවාද මේ කියන හතර බීරි කතා කියලා

"මොකක්ද අම්මේ මේ කියන්නේ?"

"කියන්නේ අනේ උඹත් මේ අම්මාගේ දුවනේ මටත් කොලේ වහන්න එනවානේ. මම උඹට වඩා හොදට එවා දන්නවා." 

කෙල්ලට හින්දාඩිය දැම්මේ අන්දුබයියා එක්ක එහෙ මෙහෙ ගිහිල්ලා කොරපුවා එහෙම අම්මාගේ කනට වැටිලාද කියලා. එත්  දැන් අන්දුබයියාව බැඳලා නේ මොකක් උනත් මොකද?

"මට තේරෙන්නේ නෑ මොකක් කියනවාද කියලා තේරෙන්න කියන දෙයක් කියන්න. "

"උඹගේ අන්දුවා හිතන්න ඇති නේද මට ඔය ඉංගිරිස් කෑලි දන්නේ නෑ කියලා. මම ඉස්කොලේ ගිහිල්ලා ලොකු විභාග පාස් නොකෙරුවාට මමත් ඉංගිරිස් කෑලිත් දන්නවා. "

"මොන ඉංග්‍රිසියක් ද අම්මේ?"

"ඇයි මගුලට හම්බවුනු සල්ලි ටික උබේ මිනිහා වෙච්චි ලෝබ අන්දුවා මට දෙන්න වෙයි කියලා හොරාට ගැන්නේ." 

"අපි ගැන්න සල්ලියක් නෑ."

"අනේ පලයං බොරු නොකියා මේ  මගේ කන්දෙකට ඇහුන දේ බොරු වෙන්නේ කොහොමද? උඹලා සල්ලි ගැන්නේ ඉන්ටනෙට් එකත් දාගෙන."

"ඉන්ටනෙට්?"

"ඔව් අන්දුවා ඇදට කතා කලාම උඹ කිව්වේ ඉන්ටනෙට් එක දාලා එන්නම් කියලා. ඊට පස්සේ තමයි අන්දුවා මට නොතේරෙන්න තවසන්ඩ් තවුසන්ඩ් කිය කියා ගැන්නේ? මමත් ඕය සල්ලි ටික අල්ල ගන්න බලාගෙනම ඊයේ රෑ කාමරේ බිත්තියට කන් තියාගෙන උන්නේ. "

වැසිකිලියට ගිහින් කාමරේට ආපු අපේ අන්දුබයියා ආපහු හැරිලා වැසිකිලියටම දිව්වේ ඊයේ රෑ කෙල්ලට තව උස්සන්න තව උස්සන්න කියපු එක අම්මන්ඩි අහන් හිටපු එකට ලැජ්ජාවෙන්.  


21 comments:

  1. අම්මට සිරි! අන්දුබයියාටත් වෙන මගුල්!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අන්දුබයියාගේ වැඩ ඔහොමමයි..
      තට්ට උන්නැහෑ දැක්ක කල්.. කොහේද අන්තරස්දාන වෙලා උන්නේ..

      Delete
  2. අන්දුබයියා කියල දැක්ක ගමන් පිඹගෙන ආවෙ, රෙජිස්ටරේ මාක් කරගෙන යන්න. ස්තූතියි. ආයෙ එන්නම්, කස්ටිය කෙමෙන්ට් කලාම.

    ReplyDelete
    Replies
    1. ආවට ස්තූතියි..
      ගියාට ඔරොප්පුයි..
      රෙජිස්ටරේ 2 දැම්මා..

      Delete
  3. අන්දු බයියා නං කියන්නේ මේක උනේ කොළොම්පුරේට කියල!! අනේ මංද ඉතිං ඔය කතා....

    ReplyDelete
    Replies

    1. අන්දු බයියාගේ හැටි ඔහොම තමා.. කටේ දිවේ නොගෑවී අනුන්ට පද ගොතන්ට රුසියා.

      Delete
  4. අන්දු බයියාගේ කතා අහලා මාත් හොඳටම නරක් වීලා
    තාත්තා හිටිය නං හෙම මං දඬු කදේකත් හිර කොරාලා
    තවත් තියෙනව නේද විස්තර එයා ගැන ලියවෙන්න කියලා
    නොවැරදීමත් එනව ආයෙම එයා ගැන කියවන්න බලලා

    ReplyDelete
    Replies
    1. හොද උන් විතරයි නරක් වෙන්නේ
      දගවැඩන් විතරයි දඬු කදේ හිර වෙන්නේ
      කතා ගොඩක් ඇති ඇයි මේ ලියවෙන්නේ
      ආවෙත් කියවන්න නොවැරදීම හැකි වෙන්නේ

      Delete
  5. අසංග මහත්තයා භක්තිමත් ක්‍රිස්තියානිකාරයෙක් නේද? ඇයි මේ වගේ යක්ෂයා විසින් පාපයට පෙළඹවන දේවල් මෙහි ප්‍රචාරය කරන්නේ? යක්ෂයාගේ ශාපලත් අඳුරේ බලවේග වලට අසුවන්නට එපා අසංග මහත්මයා.

    ReplyDelete
  6. හප්පොයි. තවුසන් ටෝක්...

    ReplyDelete
  7. තවුසන්ඩ් තවුසන්ඩ් කරල වෙන්න ඇති අන්දුබයියට පාන්දරම බොක චාජ් උනේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් තවුසන්ඩ් තවුසන්ඩ් කිව්වේ කෙල්ලද? අපොයි මොන හිතකින්ද මගුල්දා තමන්ගේ මිනිහාගේ පසුපස ආර තරණය කරන්නේ..

      Delete
  8. මෙහෙම හරි අන්දුබයියා ගැන ලියපු එක වටිනවා.

    ReplyDelete
  9. මාර අම්මණ්ඩියෙක් නෙ, ඊට ගැලපෙනම බෑකෙකුත් සෙට් වෙච්ච එක හොඳා

    ReplyDelete
  10. අන්දුබයිය ත් නිකන් ඇම්ඩා වගේනේ බලාගෙන ගියහම

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...