Friday, January 28, 2022

බංචිගේ පුංචි රසකතා


බංචිබෝලේ කියන්නේ කොළොම්පුරයාගේ පුංචි පුතන්ඩියා. පුංචිම පුංචිකාලේ බෝලයක් වාගේ උන්නාට දැන් නම් එයා කෙසඟ බටු ඇටයක්. කොස්ඇටයා ඉදිකට්ටා බංගොන්චි වාගේ නම් ගොඩාක් එයාට තියෙනවා. 



තාත්තා වීම

මීට අවුරුදු දෙකකට කලියෙන් දවසක මෙන්න මෙහෙම එයා  කොළොම්පුරයාට කිව්වා 

බංචි: තාත්තේ මම තාත්තෙක් කෙනෙක් වෙනකොට තාත්තා සීයා කෙනෙක් වෙලා එතකොට සීයා මැරිලා 

කතාව ඇත්ත නේ.


රස්සාව හා කාර් එක

ඔන්න තව දවසක් කොළොම්පුරයා ඉගෙනීමේ අගය කියාදෙන්න ගත්තා

කොළොම්පුරයා: පුතේ ඉගෙන ගත්තෝත් තමයි හොද රස්සාවක් කරන්න පුලුවන් වෙන්නේ.

බංචි: මොකකටද රස්සාවක්

කොළොම්පුරයා: කන්න බොන්න සල්ලි ඕන හින්දා

බංචි: ඉතිං අපිට කන්න බොන්න තියෙනවානේ.

කොළොම්පුරයා: කන්න ලැබෙන්නේ සල්ලී හින්දා 

බංචි: ඒකනේ තාත්තාට ඕනේ තරම් සල්ලි තියෙන්නේ

කොළොම්පුරයා:  ඔයාට කන්න ලැබෙන්නේ තාත්තා රස්සාකරලා සල්ලි හම්බකලොත් තමයි. ඔයා තාත්තාට වඩා ලොකු රස්සාවක් කරලා හොඳ කාර් එකක් ගන්න ඕනේ. ඒ කාලේ වෙනකොට කාර් වැඩක් නෑ හෙලිකොප්ටර් එකක්වත් ගන්න වෙයි.

බංචි: අපෝ මම කැමති නෑ හෙලිකොප්ටර් වලට

කොළොම්පුරයා: එහෙනම් ප්ලෙන් එකක් 

බංචි: එත් කැමති නෑ.

කොළොම්පුරයා: ඇයි?

බංචි: ඒවා අහසේනේ යන්නේ. බිමට කඩන් වැටෙන්න පුලුවන්නේ.

කොළොම්පුරයා: හැම එකක්ම බිමට වැටෙන්නේ නෑ පුතේ.

බංචි එත් මම ගත්ත එක වැටුනොත්? 

කොළොම්පුරයා: ඒවා බිමට වැටෙන්නේ නැති වෙන්න හදලා තියෙන්නේ. 

බංචි: වෙඩි තිබ්බොත් කඩන් වැටෙයිනේ?

කොළොම්පුරයා: කවුද වෙඩි තියන්නේ?

බංචි:සල්ලිකාරයින්ට සතුරෝ වැඩියිනේ එතකොට වෙඩිතියන්න පුලුවන්.  

කොළොම්පුරයා: හරි එහෙම නම් කාර් එකක් ගන්නකෝ. ලොකු සල්ලිකාරයෙක් වුනාම බංචි මටත් කාර් එකක් අරන් දෙයි නේද?

බංචි: තාත්තේ නාකි අයට කාර් එළවන්න දෙන්නේ නෑ නේද? ඒ වෙනකොට තාත්තා නාකියි නේ?


බල්ලාගේ අයිතිය

තව දවසක කොළොම්පුරයා බලුපැටියෙක් ගෙදරට ගෙනාවා. දැන් බලුපැටියාගේ අයිතිකාරයා ගැන සාකච්චාවක් ගියා. 

බංචි: මගේනේ බල්ලා.

කොළොම්පුරයා:  නෑ එයා මගේ. මමනේ බල්ලාව අරන් ආවේ. 

බංචි: හරි තාත්තට පස්සේ මගේ.

කොළොම්පුරයා: ඒ කියන්නේ?

බංචි: තාත්තා මැරෙනවානේ ඊට පස්සේ බල්ලා මගේ.

කොළොම්පුරයා:  බංචි බලන් ඉන්නේ තාත්තා මැරෙනකම්ද බල්ලාව අයිතිකරගන්න?

මිනිහා කපටි හිනාවක් දැම්මා.


ඉල්ලිම

බංචි: තාත්තේ මට බබෙක් ඔනේ

කොළොම්පුරයා උස්සලා පොළවේ ගහන ඉල්ලිම් නොවැ මේ බංචියා ඉල්ලන්නේ.

කොළොම්පුරයා:  මොන බබෙක්ද?

බංචි:  අර හිටියේ කවින් මාමලාගේ ගෙදර හිටියේ.

කොළොම්පුරයා:  බොනික්කෙක්ද?

බංචි: නෑ. අර බබා. අර මාමාගේ නැන්දා ගාව හිටියේ.

කොළොම්පුරයා:  කවුද? 

බංචි:  මියා නැති නංගි බබෙක්. මටත් ඕනා ඒවාගේ මියා නැති බබෙක්. අම්මේ ඔන්න මම තාත්තටත් කිව්වා.


බලුමස්

බංචි:  තාත්තේ අපිට කොරෝනා හැදිලා මැරුනොතින් මේ ගෙවල් කවද ගන්නේ? 

කොළොම්පුරයා:  ඔයාගේ මාමා ගනියි. නැත්නම් අල්ලපු ගෙදර ඉන්න අර වයසක අංකල් අපේ ගෙදර ගනියි. එයා නිතරම මෙහෙට එනවා නේ. 

බංචි:  එයා අපේ බල්ලාවත් ගනියිද?

කොළොම්පුරයා:  එයාට බල්ලාට කන්න දෙන්න විදිහක් නෑ. බල්ලා පාරේ ඉන්න බල්ලෝ වාගේ කවුරුහරි දෙන දෙයක් හරි කුණුගොඩවල් වලින් කාලා ඉදියි. 

බංචි:  මිනිස්සු බල්ලෝ කන්නේ නැද්ද?

කොළොම්පුරයා:  කනවා එත් මෙහේ නොවෙයි. 

බංචි: කොහේද?

කොළොම්පුරයා:  කොරියාවේ. 

බංචි: තාත්තා ගියාද?

කොළොම්පුරයා:  ඔව් කිහිප සැරයක් ගියා.

බංචි: බලු මස් කන්නද?

කොළොම්පුරයා:   පිස්සුද? මම ගියේ නැවක.

බංචි: එයාලා බල්ලෝ කොහොමද කන්නෙ?

කොළොම්පුරයා:  එයාලා බල්ලන් රෝස් කරලා කනවා. 

බංචි: එතකොට බලු මැක්කො? එයාලා මැක්කොත් එක්කමද කන්නේ?


බාගෙට  වැඩ

තව දවසක බංචිගේ අයියන්ඩිට කෙළොම්පුරයා වැඩක් පවරනවා. මිනිහා පොඩ්ඩක් සරීර හොරා හින්දා වැඩේ කරන්නේ  භාගෙට 

කොළොම්පුරයා:  පුතේ කරන වැඩක් ඉවරවෙනකම් හරියට කරන්න. භාගෙට වැඩ කරන්න එපා.

බංචි:  ඔයාට තාත්තා කිව්වාට එයාත් අම්මාගේ ලිපට දාන්න පොල්කටු පිච්චලා තිබුනෙත් භාගෙට. 

කොළොම්පුරයා:  මොකක් මම බාගෙට පිච්චුවා? 

බංචි: නෑ නෑ ගින්දර තමයි බාගෙට පිච්චුවේ. 


20 comments:

  1. අසංග මහත්මයා, පුතා බවුතිස්ම කරේ නැද්ද? යක්ෂයාගේ නියෝජිතයෙක් පුතාගේ ශරීරයට බලපෑම් කරන හැඩයි. මා අද රාත්‍රීයේදී අසංග මහත්මයාගේ පුතාගේ ආත්මය යක්ෂයාගෙන් ගලවා දෙන්න කියා යාඥ්ඥා කරන්නම්.

    ‘මුළු පොළොවම නොමඟ යවන්නේ යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුල් සර්පයාය.’—එළිදරව් 12:9.

    “යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි” (යාකොබ් 4:7)

    ReplyDelete
    Replies
    1. ඔබට මෙවැනි කොමෙන්ට් දමමින් ලොව පාපයෙන් ගලවාගන්න දරන තැතට ස්රවා ලෝක පාලන මහා දෙවියන්ටත් එතුමාගේ දෙව් පුත්‍රයාවූද යොහොවා යේසුස් වහන්සේගේත් ත්‍රීවිධ රත්නයත් අල්ලා දෙවියන්ගේ ශිවපාර්වතියගේ කතරගමට අධිපති ස්කන්ධකුමාරගේ විෂ්ණු දෙවිදුන්ගේ උපුල්වන් දෙවිදුගේ අයියනායක ගම්බාර කඩවර සිද්ධ සුනියම් දෙවිදුන්ගේ හා යමලොවට අධිපති වෙසමුනි දෙවියන්ගේ පිහිටාරාක්ෂාව ලැබේවා.

      Delete
    2. ඉතාම ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන ඔබතුමාටත් දෙවියන්ගේ පිහිටාරාක්ෂාව ලැබේවා අසංග මහත්මයා.

      Delete
  2. පොඩිඋන්නම් මහ ඇට්ටර සමහර වෙලාවට. අපේ අක්කගේ පොඩි එකත් ඉන්නවා...
    එක පොඩ්ඩේක් දවසක් පාරේ යන බල්ලෙක් පෙන්නලා අම්මට කියනවා 'අර අම්මේ බල්ලෙක්' කියල. අම්මට කියවෙනවා ඉබේටම ආ බැල්ලියෙක් කියල. පොඩි එකා අහපි සේරෝම මැද 'අම්ම කොමද ඌ බැල්ලියක් කියල හරියටම කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. එයාලා කියන අහන අපිට තමයි කට උත්තර නැති වෙන්නේ...

      Delete
  3. නියම කතා ටික.

    අපි පුංචි කාලේ දැනගෙන හිටියේ නංගි බබාලට මීයා නැහැයි කියලනේ. ඒ උනාට දැන් කාලේ ඒවා වලංගු නැහැනේ. කොල්ලා LGBT ගැනත් දන්නා හින්දාද කොහෙද හරියටම මීයා නැති නංගියෙක්ව ඉල්ලනේ!

    මගේ බාලම මල්ලි (මට වඩා අවු. 11 බාල) බහ තෝරන කාලේ කියාපු කියමනක් තාමත් ඉඳ හිටලා මතක් කරනවා. එයා ඇහුවා, "අත්හිටවන්නේ" ඇඟිලි කපලද කියලා.

    පුතාට සුභ අනාගතයක්!

    ReplyDelete
    Replies
    1. එයාලා අපිට වඩා දේවල් ගොඩාක් දන්නවා. දවසක් කියනවා මම ඉපදෙන්න ඉස්සර හිටියේ අම්මාගේ බඩේ මේන්න මේවගේ ගුලිවෙලා. අම්මාගේ පස්ස පැත්තෙන් තමයි එළියට ආවේ කියලා.
      අත්හිටවන්න හොදම වැඩේ

      Delete
  4. ඉතාම රසවත්- සජීවී ගෙදරක් හැදෙනව දරුවන් හුරතලයෙන්
    එච්චර ව්තරද- නියම අයිඩියා දෙනව එයාලා ක්ෂණයෙන්
    හැබැයි, බංචිලා මළ පන්නනවා තාත්තගේ එක විනාඩියෙන්
    හොඳ පුරවැසියන් වෙන්න පුතාලට තෙරුවන් සරණයි පතමි ඉතිං!

    ReplyDelete
    Replies
    1. කොම්පියුටරේට දුන්න වැඩේ හින්දා ලියපු වස්ගමුව චාරිකාව එතැනින්ම හබක්වෙලා ගියා.

      Delete
  5. ගසක කටු උල් කලයුතු නැත
    නැත
    ආරේ ගුණ නෑරේ
    නෑරේ
    හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ
    පෙනේ

    ReplyDelete
  6. Harima lassanayi!Obatath obe surathal puthatath theruwan saranayi.

    ReplyDelete
  7. අපොයි දෙයියනේ. හැක්..

    ඇත්තටම බල්ලො රෝස් කරනකොට මැක්කන්ට මොකෑ වෙන්නෙ කියල හොයල බලන්නෝන. බලුමස් කෑවත් බලු මැක්කො කන්න පුලුවනෑ.

    ReplyDelete
    Replies
    1. අපිට නොහිතෙන දේවල් එයාල හිතෙන එක තමයි අපුරුව..

      Delete
  8. රා අරක්කු බිල ගහ බැනගෙන නඋකාවේ ප්‍රශ්න විසදන්න බැහැ මල්ලි. නාවිකයෝ නැති නාස්ති වෙන්නේ සමහරු සමලිංගික සේවනය නිසා සහ අනික් අය ගණිකා ඇසුර නිසා. දෙගොල්ලම මත්ද්‍රවය ගන්නවා. ඔයා මල්ලි මේවාට හුරු වෙන්න එපා. අරක්කු ටිකක්, සිකරටෙකක් බිව්වට කමක් නැහැ. ඉදලා හිටලා බ්‍රොතෙල් හවුස් එකකට ගියාට කමක් නැහැ. අයිස් ටිකක්, ස්ටෑම්පෙකක් ,ජෝයින්ටෙකක් ගත්තට කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හොදමයි.....අද සිටන් ඔබ කියන්නාක් සේ හැසිරෙන්නට ඉටාගතිමි.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...