Friday, February 4, 2022

නිදහස් නොවුනු නිදහස් දිනය හා බොරු විරයෝ



අපේ රට ඈත අතීතයේ සිටම බොරුවෙන් ජීවත්වන්නන්ගෙන් පිරුණු රටකි. මේ පිලිබදව සිහිපත්වූයේ මා සේවය කරනා ආයතනයේ දචස ආරම්භයේ වැඩ පටන් ගන්නට පෙර වාදනය කරනා විවිධ දේශාභිමානි ගීතයන් අතරේ ඇන්ටන් රොද්‍රිගෝ ගායකයා ගයන සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා එඩිතර හොද පුංචි පුතෙක් ලක්මෑණීට නැතිවුනා ගිතය කනවැකෙද්දීය. 1948 දී අපට නිදහස ලැබුනා කියා උත්සව පවත්වන ජාතියකි නමුත් අපට ඇත්තටම නිදහස ලැබුනේ එදාද? සුද්දා කියා අප හඳුන්වන බ්‍රිතාන්‍ය කිරිටයෙන් මිදි අප නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4වැනිදාද? 48 දි අපට ලැබුනේ දේශපාලන නිදහස පමණි. ඩොමිනියන් තත්වය ( Dominion Status ) කියා බෙහෝමයක් නොදන්නා වචනයක් එළියට දමා විලි වසාගත් අපේ දේශපාලුවන් 1972 මැයි 22 වෙනිදා ජනරජ ව්‍යවස්ථාවෙන් අප රට ජනරජයක් වනතෙක් සිටියේ බ්‍රිතාන්‍ය කිරිටයට පකෂපාතිත්වය ඇතිවය. රාජ්‍ය ලාංජනයේ පවා උඩින්ම තිබුනේ ඔටුන්නයි. 





The term dominion means "that which is mastered or ruled". It was used by the British to describe their colonies or territorial possessions.

"ආධිපත්‍ය යන වචනයේ තේරුම ප්‍රගුණ කරණ ලද හෝ පාලනය කරණ ලද යන්නය. එය බ්‍රිතානයයන් විසින් යටත්විජිත හෝ භෞමික දේපල විස්තර කිරිමට භාවිතා කරන ලදී."

පෙබරවාරි 4 අප උඩපැන පැන නැටුවාට එදින ලැබුන නිදහසක් නැත. හරිහමන් නිදහස ලැබූ මැයි 22 කවුරුත් නොදන්නා සාමාන්‍ය වැඩකරනා දිනයක් පමණකි. 77 ආණ්ඩු පෙරලියෙන් පසුව ජනරජ දිනය ජාතික වීරදිනය බවට පත්කළ දේශපාලුවන් එය සිංහලයාට අමතක කරවලා දැමිය.

අප රටේ අන්තිම රජතුමාත් සුද්දාට පවාදී රජකමගන්නට තැත්කෙරූ නිලෙමෙවරුන් අප රටේ ජාතික විරයන්සේ  පාසල් පෙළපොත්වල පවා සඳහන් වී තිබුනා. එහෙත් මෑතක් යනතුරුම ඒ ජාතික විරයන් හිටියේ දේශදෝහි ලෑස්තුවේය. ඒ අපේ රජාට කොකා පෙන්නා පිටරට්ටන්ට පවාදුන් උන් ගැන සුද්දා හොඳින් අඳුනාගෙන හිටිය බැවිනි. ලබ්බට තියපු අත පුහුලටත් තියන්නට පුළූවන් කියා හිතූ නිලෙමෙවරුන් හා අධිකාරම්ලා ආපහු සුද්දාට කොකා පෙන්වන්නට ගොස් හොඳ පරිප්පුවක් කෑවේය. 

ඇත්තටම මද්දුම බන්ඩාර විරයෙක්ද? මට නම් නැත. ඔහු මෝඩයෙකි. ගෙල සිදින්නට එන ගහළයා දැක අම්මාට වහන්වු ලොකුබන්ඩාර සොහොයුරාට "අයියන්ඩි බිය නොවන්න මැරෙන සැටි මම පෙන්වමි" කියා බෙල්ල තැබිම ඇත්තෙම්ම මරි මෝඩකමකි. ඒක අපේ සිංහලයින්ට ජාතිඅභිමානය පෙන්වන්නකි. වීරකමක් වෙන්නේ ගහළයාට බෙල්ල තැබිම නොව ඉන් බේර්මට තැත්කිරිමයි. මැරෙන්නට ඕනේ කෙනෙකුට පුළුවන් එහෙත් ජීවත්විමයි අසීරු. කොහොමත් මැරෙන්න තියෙන එකේ "අඩෝ පල් දෙමළ වඩිගයා තොගේ මෑණියන්ට අහවල් එක කරවන්නට එවපං" කියමින් මද්දුම බන්ඩාර අඩුම තරමේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාට අභියෝගකළා නම් ඔහු මට විරයෙකි. 

1964 ඔක්තොම්බර් 14 තෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළේලෙ ලංකාව නියෝජනය කරමින් පිරිමි මිටර් 10000 ධාවන ඉසව්වේ අන්තිමයා වී ඔහුගේ නොසැලෙන උත්සාහය මුලුමහත් ජපානයම වසඟයට ගත් රණතුංග කරුණානන්ද මට විරයෙකි. ජපනුන් ඔහුව ආදර්ශයට ගෙන ජපානයේ පෙළපොත්වල ඔහුගේ නොසැලෙන ආත්මශක්තිය නොපසුබට උත්සාහය ගැන පළවුනි. නමුත් අපේ රටේ එහෙම කෙනෙක් හිටියාදැයි කවුරුත් දන්නේ නැත. එහෙත් ඒ උන් ගැන කවි ගී ලියවෙන්නේ නැතිව මොඩයෙක් වාගේ මැරෙන්නට ගිය එකෙක් ගැන රන් අකුරින් ලියවි ඇත්තේය. 




ලෝක යුද්ධයෙන් නැත්තට නැතිවිගිය ජපානය නැගි සිටියේ එවැනි නොපසුබට උත්සාහයෙනි. කාඩ්බොඩ් විර දේශපාලුවන් පසුපස ගොස් උන්ට ප්‍රශස්ති ගී ගයමින් උන්ගේ බොල් පිලිම සිටවමින් පාරවල් නම් කරමින් සිටින්නෙමු. ඇමෙරිකාවේ සර්කස් එකක් කරපු පි.ටි බානම් ගැනත් ලස්සන චිත්‍රපටයක් තනා ඇතත් අපේ රටේ මෙවැනි කරුණානන්දලා ආදරය වෙනුවෙන් ගුවන්යානයක් පැහැරගත් සේපාල එකනායකලා ගැන වාර්තා විත්‍රපටයක් වත් නැත්තේය. අපේ උන්ට අනුව සේපාල හොරෙකි කරුණානන්ද තරගෙන් ඉවත්වෙන්නේ නැතිව අවසානය තෙක් දිවිම මෝඩකමකි නින්දාවකි. අපේ කොතැන හෝ වැරද්දක් සිදුවි ඇත මෙය නිවැරදි කළයුතුය.  අපේ අනාගත පරපුරට හරි දේ කියා දිය යුතුය.  



47 comments:

  1. ඔබේ කතාවට 200% ක් එකඟයි. මමත් අපේ කොල්ලට හැම වෙලාවෙම කියල දෙන්නෙ ඉස්කෝලෙදි උඹල වීරයො කියල ඉගෙනගන්න එවුවො නෙමෙයි ඇත්තම වීරයො කියල. අපේ උංට ඉතිං අර 2500 මෙව්ව එක හරි ලොකුයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වීරයෝ කාලයේ වැලිතලාවෙන් වැසීයනවා. බොරුකාරයෝ වීරයෝ වෙනවා. ලමයින්ට උගන්වන්න ඕනේ පාසලේ පොතේපතේ තියෙන එකම නොපිලිගෙන සිහිබුද්ධියෙන් යුතුව සිතාබලන්න...

      Delete
    2. ඒ් කතාව ඇත්ත. සූරියමල් ව්‍යාපාරය සහ සමසමාජෙ කරපු අභියෝග දන්නෙ කවුද? අනික මද්දුම බණ්ඩාර කතාව තනිකර ම ජෝන් ඩොයිලි ගහපු ගේමක්.

      Delete
    3. The Doomed king - ගණනාඨ ඔබේසේකර ලියූ පොත පි එච් දයාසිසිර පරිවර්තනය කරා නෙරපූ රජු නමින්. ඒ පොතේ මේ ගැන ලියලා තියේනවා.

      Delete
  2. සම්පූර්ණ ඇත්ත. එක්කො බොරු වීරයින්, එහෙම නැත්නම් අනුන්ට හිරිහැර කරන අය මිසක් නොසැලෙන ආත්ම ශක්තිය ලංකාවෙ වීරකමක් නෙවෙයි. අනිත් එක තමයි තමන්ගෙ වැරැද්දක් කිසිදා පිලි නොගැනීම. සාමාන්‍යයෙන් දකුණු ආසියාතික අයට 'I apologise' කියන වචන කියවෙන්නෙම නැති තරම්.

    (කලින් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න හිටියත් බැරි වුනා. බබාගෙ කතා ටිකත් ලස්සනයි).

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න, කියන්න බැරිවුනා. සේපාල ඒකනායකනම් මත බේදාත්මකයි. මගේ අදහස නම් ආදරය නිසා අනිත් අයට කරදර කිරීම වැරදියි.

      Delete
    2. සේපාලව වීරයෙක්ම කියලා කිව්වේ නෑ. එත් එයාගේ අධිශ්ඨානය හා උත්සාහය තමන්ගේ ආදරය වෙනුවෙන්.ඒකරපු වැඩේ අනුන්ට කරදරයක් වෙයි කියලා නොසිතන්නට ඇති ඔහු හිටපු මානසික වාතාවරණය අනුව.මේවගේ කතා හොලිවුඩ් වල රිදීතිරයේ දිදුලන්නේ එයාලව වීරයින් කරලා.ඉතිහසයේ වෙච්චි සුලු සිදුවීමක්ම එයාලා වීරත්වයට පත්කරනවා1

      Delete
  3. ඔබගේ අදහස් වලට එකග නැහැ.ඇතැම් අදහස් මෙලෙස ප්‍රසිද්ධියේ පැවසීමද නුසුදුසු බවයි මගේ අදහස. ඔබගේ මෙම ලිපිය ගැන බ්ලොගර් ආයතනයට සහ සින්ඩි වලට දැනුම් දුන්නා. ඒ අය විමසා බලා සින්ඩිකේටර වලින් ඉවත් කිරීමේ සිට අනෙකුත් පියවර ගනියි අවශ්‍ය නම්.

    ඔබගේ බ්ලොග් අඩවිය කියා ඔබට අවශ්‍ය හැම දේම ලියන්න බැහැ. ඇතැමුන් හිතන් ඉන්නවා එහෙම පුළුවන් කියලා. ෆේස්බුක් වල උනත් එම පිරිවිතර වලට නොගැලපෙන ලිපි අයින් කරනවා, එවැනි සාමාජිකයන් බ්ලොක් කිරීම සිදු කරනවා. කණගාටුයි අසංග. ඔබගේ ලිපියත් රිපෝර්ට් කරා.

    -රංග තේනුවර (GTRZ)-
    ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්. (ලියාපදිංචි සාමාජිකයන් ලක්ෂ 6 කට වඩා සිටි)

    ReplyDelete
    Replies
    1. ලියා ඇත්තේ මගේ අදහස්.ඔබ දන්වා ඇත්තේ ඔබේ අදහස්. එකග්වීම හෝ නොවීම ගුගල් කරයි. දෙන තින්දුවකට මාත් එකගයි..

      Delete
    2. ඈ බං රංගයෝ උබට සමාජිකයෝ ලක්ස6ක් ඉන්න එලකිරි බොට්කොම තියෙනවා නම් ඇයි අනුන්ගේ වතුවල රීලා ගදගස්සවන්නේ. ගිහින් තොගේ එලකිරියේ රීගනින්.

      Delete
    3. # ඩ්‍රැකියානි,

      ඔබ දමා ඇති වෛරී කොමෙන්ටු මගින් ඔබ සිදු කරන්නේ මේ වන විටත් රිපෝට් වී ඇති බ්ලොග් අඩවියකට සිදු කරනා තවත් අගතියකි.

      ඔබ සතුරෙක්ද අසංගගේ?

      -රංග තේනුවර (GTRZ)-
      ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්. (ලියාපදිංචි සාමාජිකයන් ලක්ෂ 6 කට වඩා සිටි)

      Delete
    4. මම දැක්කා බ්ලොග් කීපයකම මේ නමින් කමෙන්ට් කරනවා. මට පේන්නේ කවුරු හරි වෙන ඇරියස් එකක් කවර් කරන්න්න පොර වගේ කමෙන්ට් දානවා

      Delete
    5. ගෝට් චීස් එක්ක නෝර්වේජියානු සැමන් ෆිලෙට් කන ජිටියාට පිස්සු දැන්

      Delete
    6. ඉතිහාසයේ පළවෙනි වතාවට, ඩ්‍රැකියානි එක්ක එකඟයි.

      "මගෙ බ්ලොග් එක මගෙයි. ඒකෙ ලියන්නෙ මට ඔිනෙ දේවල්. අකමැතිනං කියවන් නැතුව පලයව්!" කියල අසංගට කියන්ඩ අයිතිය තියෙනව.

      Delete
    7. අසංග කියපු හැමදේටම එකඟ නැති වුනත්, සමස්ථයක් වශයෙන් අදහසට එකඟයි. වැඩිහරියක් ඉන්නෙ බොරු වීරයො සහ බොරු කාරයො තමයි.

      අසංග කියල තියනදේ වැරැද්දක් තියේ නං, ඒක ගැන ආක්‍රමණශීලී නොවී සාකච්චා නොකර, රිපෝට් කරන්නේ කඩාකප්පල් කාරයො/බොරුකාරයො කියන හැඟීමක් තමයි මට නං එන්නෙ.

      Delete
    8. ඔන්න ඔහේ ලියාපුදෙන්. එයා අහිංසක සිගිති ආතල් එකක් ගන්නවා ඇති. මේ වගේ අයට බැනලා වැඩක් නෑ අනුකම්පාව දක්වන්නට ඕනේ.

      Delete
    9. මගේ බ්ලොගේත් පහරණ්න ආවා! මම නං මකෝලා දැම්මා!

      සත්තකින්ම වීරයන් හා ද්‍රෝහියන් තීරණය කරණුයේ පවතින ක්‍රමය විසින්ය. කියුබාව ෆිඩෙල්ලාට අල්ලා ගැනීමට බැරි වූවානම් ඔවුන්ගේ නම ලියැව්න්නේ රාජ්‍ය ද්‍රෝහී නම් ලැයිස්තුවේය!

      කරුණානන්ද ජපානයේ නවතින්නට තිබියදී මේ රටට පැමිණි (මෝඩයෙක්) අයෙක්! අවසාන කාලයේදී නැවතත් ජපානයට යෑමට දින කිහිපයක් තිබියදී අභිරහස් ලෙස නාමල් ඔය ජලාශයේ ගිලී මිය ගියා. එය අදටත් නොවිසිඳුනු අපරාධයක් ලෙසිනුයි පවතින්නේ.

      ඒ කෙසේ වෙතත් ඉදිරි කාලයේ ජාතික වීරයන් ලැයිස්තුව අළුතින් සැකසේවි.

      Delete
    10. වීරයින් දුෂ්ඨයින් කරවන දුෂ්ඨයින් වීරයින් කරවන ලොවක අපි ඉන්නේ. අලුතින් හිතන පරපුරක් ගොඩනගමු.

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. ලියාපදිංචි සාමාජිකයන් ලක්ෂ 6 කට වඩා සිටින එලකිරි ඩොට් කොම් එකේ රංග තේනුවර (ද කියලා හරියට නොදන්න) අනෝ නෑවිත් හරි ඇකකින් ආවනම් තවත් හොඳයි. මොකද නමක් දමපු පලියට අනන්‍යතාව අඳුනගන්න බෑ. ඒ වගේම ඔච්චර අන්තර්ජාලයේ වැඩ කරලත් තවමත් බ්ලොග් කියන්නෙ මොනවද කියලා නොදන්න එකම ලොකු අවුලක්. ඔබ ඔය සාමාජිකයින් ලක්ෂ 6 ක් සිටින සමූහයේ තියෙන දේවල් නියාමනයකට ලක් කරන්න ඔබ කටයුතු කරලා තියෙනවද? ඒකෙ තියෙන සමහර දේවල් 18+ නොව 25+ වයස් සීමාවටවත් සුදුසු වේ දැයි සොයා බැලිය යුතු බවයි මගේ අදහස.

      Delete
    14. බ්ලොග් ලියන අපේ සහෘදයෙකුට මඩ ගසන්නට මේ බ්ලොගය යොදාගන්නට ඉඩ දෙන්නේ නැත. මින් අනතුරුව මෙසේ පලකරන අනවශ්‍ය කොමෙන්ට් ඉවත්කර දමනු ඇත.

      Delete
    15. මේ මඩ ව්‍යාපාරය මීට කලිනුත් තිබුණා. මඩ ගහන්ඩ ම බ්ලොග් ලියපු ලකෆ්‍රෑන්ස් කියල එකෙකුත් හිටියා. මෙයින් පේන්නේ බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගය තරම් දියුණුව අවස්ථාවක් එළඹෙමින් තිබෙන බව සහ, අර මඩපාර වැදුණු සහෘදයා ඉති සාර්ථකව බ්ලොග් කරණයේ යෙදී සිටින බව.

      Delete
    16. කොළොම්පුරය කරපු වැඩේ හරි.. ඒ කොමෙන්ට් ඉවත් කලාම ඉවරයි. ආයේ ඒ ගැන පස්සෙන්පහු කතා කරන්න ඕන නෑනෙ එතකොට

      Delete
    17. කො.කා.ස.ස. විදියට මං මොකුත් නොකිය ඉන්නං.

      Delete
    18. සියළු සොයුරන් හට මගේ ආදර ස්තූතිය!

      Delete
  4. ඔබ කියන කතාවට අර්ධ වශයෙන් මාත් එකඟයි..
    අනිවාර්යය ඉරණම වන මරණය ඉදිරියේ බියගුළු නොවීම වීරකමක්.. මට අනුව නම්.
    රණතුංග වගේ අය ගැන අපේ දරුවන්ට කියා නොදීම නම් බරපතල වරදක්. සැඟවුණු වීරයන්ට hidden fingers, imitation game ෆිලුම් හොඳ උදාහරණ..

    ReplyDelete
    Replies
    1. මරණයට බිය නොවිම එඩිතරකමක් උනත් නිකන්ම මැරෙන්නේ නැතිව. කොකාවිල් කදවුරේ අණදෙන නිලධාරී ලුතිනන් සාලිය අලදෙණිය, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ, හසලක කොප්‍රල් ගාමිණී කුලරත්න මරණයට නිර්භීතව මුහුණ දුන්නු එඩිතර පුත්තු.

      Delete
  5. රන්ග මහත්මයා ඔබ නව බ්ලොග් පොලිස් සාජන් තනතුරට පත්වීම ගැන අපි බොහෝ සතුටු වෙනවා!
    වේලාවක සෙට් වෙලා නෝර්වේජියානු සැමන් ෆිලෙට් නමැති දේ කකා කසියා ටිකක් පානය කරමු.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් සාජන් මහතාට උපහාර උත්සවයක් තියමු. හවසට සෙට්වෙලා සමරමු.

      Delete
  6. අසංග,

    ඔයාගේ ලිපියේ සමහර අදහස් වලට මම එකග නැහැ. ඒ උනාට අර උඩින් රංග කියන උලුව උදුමවාගත්තු මිනිහා වගේ රිපෝර්ට් කරන්න නං මම කැමති නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ලිපි වගේ නෙමෙයි, සිංහල භාෂාවේ තියෙන ඇතැම් වචන නිසා ඒකෙන් වාසියක් අරගෙන මේ අර රිපෝර්ට් කරලා ලිපි ගලවන්නේ. ඒක ඇත්තටම අසාධාරණයක්. ඒකයි. කොහොම උනත් මේ බ්ලොග් එක ගැන රිපෝර්ට් කරලා නං ෆේස්බුක් එකේ එහෙම මේකේ ලින්ක් එක වත් දාන්න දෙන එකක් නැහැ. ඔය කුහකයා ඒ වගේ කරන්නත් ඉඩ තියෙනවා.

    නැවේ කතා සීරිස් එක ඉක්මනට ලියන්න. ඒක අසාවෙන් කියවනවා මම.

    මහේෂ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්.. මම හිතන්නේ නෑ එයාට රිපෝට් ගහලා මේක අයින් කරන්න පුලුවන් කියලා ෆෙස්බුක් එකේ වාගේ. මා වාගේම ඔබටත් ස්වාධීන විදිහට විවිධ අදහස් දරන්න පුලුවනි. ඒක කාටවත් වලක්වන්න බෑ. ඔය අපිවාගෙම බ්ලොග්කරුවෙකුගේ සිගිති ආතල් එකක් පමනයි.
      නැවේ කතාවේ ඊලග කොටස ලියමින් ඉන්නේ ඉතා ඉක්මනින් දානවා..

      Delete
    2. අපේ අදහස් එකඟ වෙන්න අවශ්‍ය නෑ. අදහස්/විස්වාස කියන්නෙ බොහෝ විට ඇදහිලි මිසක් පරම සත්‍යම නෙමෙයි. එක්කෝ ඒ ගැන සාකච්චා කරල පොදු මතයකට එතෑකි. එහෙමත් නැත්නම්, කැමති දෙයක් අදහගෙන හිටියෑකි.

      කෝඩෙ ගහලා හිටිය සිංහල බ්ලොග් ලෝකෙ, ආයෙත් යාන්තමට දළු දාගෙන එනවා. අපි බොහෝ දෙනෙක් කරන්නෙ, ලියන අයව උනන්දු කරන එකකි. ඒත් ගෝට්, චීස් සමඟ සැමන් ෆිලේ කන මහත්තයාගේ අරමුණ පැහැදිලි නෑ.

      Delete
    3. බකුස්තුමාගේ අදහසට එකගයි. සැමන් මාලු කන ගරු ඇනෝතුමාගේ විසුලු ගනන් ගත යුතු නෑ. අපි ඒ ගැන ප්‍රතිචාර දැක්වූවොත් තමා එයාගේ යටි අරමුණ සඵල වෙන්නේ. එයා ලියාපුදෙන් නොකියවා නොසිතා හිටියාම ඉබේම ඔහු එක නවත්වාවි.

      Delete
    4. බස්සා අපි නං දන්නවා ඔය කවුදැයි කියා? උංට වැලේ වැල් නැති උනාම කරන දේවල් ඔය! ගනං ගන්න එපා අපි අපේ ගමන යමු!

      Delete
  7. කොහොමත් උනේ අපි හැමදාම වංශෙ කබල් ගාපු එක අය්යෙ. මේ රට අද තියෙන තත්වෙට අපි හැමෝම වග කියන්න ඕනි. අපේ මිනිස්සු හැමදාම ඉන්නෙ ගිලෙන ටයිටැනික් නැවක වයලින් ගගහ. මෙච්චර දේවල් වෙලත්, ඇස්වලට පෙනි පෙනී නොදැක්කා වගේ කරපු මහ එකා සුද්ද කරන්න අපේ උන් හරි දක්ෂයි.

    ReplyDelete
    Replies
    1. ුඇත්ත... හැමදාමත් උන්ව සුද්දකරන්න අය ඉන්න හින්දා සැමදාමත් වෙන්නේත් ඒකම තමයි.

      Delete
  8. පමා වුණා එන්නට මෙහි දින ගාණක්
    දවස් තුනට සිද්ද වෙලා තියෙන දෙයක්
    හරි සතුටුයි, බැකින් එකට ඉඳිති ගොඩක්
    අලුත් මානෙකින් බැලීම මාර දෙයක්!

    ReplyDelete
    Replies
    1. පරක්කුයි හොදටෝම පරක්කුයි. ඒ හින්දා රිප්ලයි එකත් පරක්කු කරා

      Delete
  9. මද්දුම බණ්ඩාරටත් බොහෝ කලකට පෙර තවත් කුමාරයෙක් මුහුදටත් තවත් ජනකොටසකටත් බයේ අත පය අකුලාගන හිටි හැටිත් පැරණි පාඩම් පොත්වල තිබෙනවා. ඒ කුමාරයත් වීරයෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම එයාට තිබුනේ රජවෙන්න ඔනෑකමක්. සමහරවිට පොඩිකාලේ සිටම වෙනින් පුද්ගලයින් හාමුදුරුවරුන් එයාගේ මනසට ඒ දේවල් කාවද්දන්න ඇති. නැත්තම් මහාවංශය ලියපු මහනාම හාමුදුරුවන්ගේ අතිශෝක්තියක් වෙන්න පුලුවන්.

      Delete
  10. ජාතික වීරයින් ගැන සමහර සමාජ මාධ්‍යය වල කතාබහ නම් අන්ත අසික්කිතයි. අපි සමරන විරුවන් තනිකරම අමනයින් ගානට දමා ඔවුන් කතා කරන්නෙ. එහි සත්‍ය අසත්‍යය තාව කෙසේ වෙතත් ඔවුන් කිසිම දෙයක් කර නැද්ද. ධර්මපාලතුමාට පාවා අමුකුණුහරුපයෙන් බැන වදිනවා. මෙහෙම ගරහන අය පූර්ණ නිවැරදි, පව් නොකෙරු අයද. අපි ඔවුන් නියමුවන් නොවේ නම් නිවැරදි උන් හඳුනා ගනිමු. ඔවුන්ගේ ගුණ මතු පරපුරට බෙදමු. අහසට කෙල ගසා එය මුහුණට නැවත කැන්දා නොගෙන.

    bolg වල සංවරයෙන් මේ ගැන කතාබහක් දුටු නිසයි මේ අදහස එක් කරන්නෙ. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. ධර්ම පාලතුමා අනගාරික වූයේ ඔහු සම රිසි වූ නිසා යැයි අදහසක් පවතී. ඒ කොහොම උනත් ධර්මපාලතුමා ජීවත් වූ ඔහු පරිහරණය කල බහුතරයක් දේ හිමිව තිබූ භූමිය - කොළඹ මහා බෝධි පාසැල් භූමිය මේ වන විට ලංකාවේ අංක එකේ ධනපතියා අල්ලාගේන් අවසන් වීමට ළඟයි. නිකං වංසෙ කබ්ල් ගගා "ධර්මපාල! ධර්මපාල!!" කියමින් වැළලෙන්නේ නැතිව; අවම වශයෙන් ඔවුන්ගේ පෞරාණිකත්වය පිළිඹිඹුවන දේට අද සිදුවී ඇති දේ බලා කටයුතු කරණ්නේ නම් මැනවි! බොහෝ වීරයන් අහිංසක මිනිසුන් උසිගන්වාගෙන යුධ වැදුනේ ඔවුන්ගේ වරප්‍රසාද අහිමිවීම දරාගත් නොහැකිව කියලයි මටනම් හිතෙන්නේ!

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...