Saturday, November 8, 2025

බලමුද විසදන්න?

වෘත්තාකාර උද්‍යානයක් වටා මීටර් 440ක වට ප්‍රමාණයක් ඇත. එම වට ප්‍රමාණය දිගේ මීටර් 5 බැගින් ගස් සිටුවා ඇත. සෑම තුන්වන ගසක් අසල බංකුවක් ද තබා ඇත. එමෙන්ම සෑම හතරවන ගසක් අසල ලාම්පුවක් සවි කර ඇත.


(අ) උද්‍යානයේ ඇති සම්පූර්ණ ගස් ගණන කීයද?
 (ආ) බංකු ගණන කීයද?
 (ඇ) ලාම්පු ගණන කීයද?
 (ඈ) ගසක් අසල බංකුවක් සහ ලාම්පුවක් යන දෙකම ඇති ස්ථාන ගණන කීයද?

5 comments:

  1. ඕවා කීයක් තිබ්බත් අපිට මොකද? හැන්දෑවට අතපය වෙවුලනවට බෝතලයක් ගහලා හාන්සි වෙන්න තිබ්බා නං ඉහටත් උඩින්.

    ReplyDelete
  2. තුන්වන ගහ අසල බංකුවක් තියල හතරවෙනි ගහ අසල ලාම්පුව හයි කරපු මෝඩය කවුද?

    ReplyDelete
    Replies
    1. ඔය ටෝච් එක නැතිකරගත්තු අලබස්නාමානේ ආදිපාත තුමාගේ වැඩ නේ...

      Delete
  3. සාමාන්‍යයෙන් වාහනයකට පර්මිට් එකක් දෙන්න පුළුවන් ආණ්ඩුවට. බදු රහිතව උපරිම සීමාවකට යටත් කරන්නත් පුළුවන් ඕන නම්.

    බද්දෙන් ලක්ශ 20ක් වගේ නිදහස් කරලා බලපත්‍ර දුන්නා නම් වැගන් R වගේ වාහන සියලුම මන්ත්‍රීලට දෙන්න පුළුවන්. එහෙම දෙද්දී දොස්තරලා වගේ අය අතේ තියෙන බලපත්‍ර ටිකටත් වාහන ගේන්න දෙන්න වෙනවා.

    ආණ්ඩුව ඒකට කැමති නෑ. සාමාන්‍ය රාජ්‍යය සේවකයට නොදී මන්ත්‍රීලට විතරක් වාහනයක් දෙන්න තමයි මේ දත කන්නේ.

    ඔය පර්මිට් එකට ආණ්ඩුවට යන වියදම 0යි. හැබැයි රජයෙන් නඩත්තු වෙන වාහන දුන්නම වෙන්නේ මෙන්න මේක.

    මුලින්ම ඔය මිලියන 12500 /225= කෝටි 5ක් වගේ. එච්චර එපා ලක්ශ 150ක් තියමු වාහනේකට.

    දැන් ඔතන වාහන 225ක් ගේනවා. ගෙනාවම රජයට බදු ලැබෙනවද? නෑ නේ. 225ක් වාහන ගෙනෙද්දී පවා රජයට ලැබෙන ආදායම 0යි.

    වාහන ගෙනාවම කියලා හිතමු. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වාහනයක් මාසෙකට දෙපාරක් සර්විස් එනවා. මොකද ඒ අයට අපිටවගේ ගෙදර වාහන තියාගෙන ඉන්න බෑ.

    පටම් ගද්දීම ගෙනාව ගමන් වාහන ටික මොඩිෆයි කරලා, අවශ්‍ය පොඩි පොඩි කෑලි හයි කරලා ටින්ටඩ් එක ගහන්න අඩුම එකෙන් 100,000ක් තියමු.
    වාහනේ පාරට දැම්මා දැන්.

    දාපු ගමන් ආණ්ඩුවේ වාහනයක් නම් පදින්න රියදුරු ඕන. අඩුම පඩියක් OT එක්ක 60,000ක් තියමු. මදි උනාට රට අමාරුවෙන් නේ දුවන්නේ.

    Ford Ranger වගේ එකකින් හදමු. ඊට හොද එකක් ගන්නේ නෑ කියලා හිතලා.
    මාසෙකට කිලෝමීටර් 8000යි දුවන්නේ. ඊට වඩා දුවනවා. ඒ උනාට සාධාරණ වෙන්න එපැයි.

    සාමාන්‍යයෙන් තෙල් ලීටර් එකකින් 9Km දුවනවා කියලා ගමු. 7,8න් තමයි පත බැලන්ස් වෙන්නේ කමක් නෑ.

    ඔය වගේ වාහනේකට සුපර් ඩීසල් ගහලා 8000න් හැදුවොත් අවුරුද්දකට තෙල් වලට යනවා 3,338,664 අවුරුදු 5ට තෙල් විතරක් Rs. 16,693,320 . ලක්ශ 166. මිලියන 16ක් තෙල් හොදේ.

    රියදුරුට 60,000න් තිබ්බොත් 3,600,000. ලක්ශ 36. මිලියන නම් 3.6ක්.
    10,000 න් සර්විස් කරනවා. සර්විස් එක 35,000න් තියමු. ආණ්ඩුව වාහන සර්විස් කරද්දී ඔයිට වැඩිවේවි. කිරිටොයිය වාහන නේ.අවුරුද්දකට 336,000ක් යනවා ඒකට. විශේෂ ඔයිල් දාන විශේෂයෙන්ම ෆිල්ටර් දාන එව්වා නෑ හොදේ. අවුරුදු 5ට 1,680,000ක්. මිලියන 1.6ක්.

    ඔය වාහනේක ඔරිජිනල් ටයර් එකක් 70,000ක් වගේ වෙනවා. ඔය ගානට දිව්වම 480,000ක් වගේ එනවා අවුරුදු 5ට. එතකොට ටයර් වියදම 2,240,000. මිලියන 2.2යි.

    බැටරියක් 55,000ක් වගේ අඩුවට ගන්නවා. බැටරි දෙකක් දාන්න වේවි අවුරුදු 5ට. 110,000ක් තියමු. අඩුවට.

    රෙපයාර් වලට මාසෙට 12,000 වගේ ආසන්නව බලලා. අවුරුදු 5ටම 750,000ක් තියමු. ඔය අතරේ ඕකුන් ශුවර් එකටම හප්ප ගන්නවා. ඒවා අමතර වියදම් හොදේ.

    ඉශුවරන්ස් එක 1.25%ක් කියකා තියමු.අවුරුදු 5ට 937,000ක් වගේ. හැපෙන තරමට වැඩි වෙනවා. ඒවා අතාරිමු.

    ලයිශන් එකරන්න අවුරුදු 5ට 125,00ක් වගේ තියමු.

    වැදගත්ම එක වාහන ක්ෂය වෙන්න එපැයි. 15%න් හදමු. අවුරුදු 5 ඉවර වෙද්දී වාහනේ වටින කමෙන් ඉතුරු 45%යි. ඒ කියන්නේ ඒ වෙද්දී වාහනය වටින්නේ. මිලියන 6.7. මිලියන 15කට ගත්ත එක.

    ඔය ඔක්කොම හදලා මාසෙකට බෙදලා ගත්තම මාසෙකට එක වාහනේකට අපි අමතර බදු ගෙවන්න ඕන 573,000ක්.(ක්ෂය එක්කම)
    අවුරුද්දකට නම් 6,876,000ක් ශුද්ද පාඩුව.

    අවුරුදු 5ට එක මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් අපි පාඩු ගන්න ඕන 34,385,820ක්. ලක්ෂ 343ක්. මිලියන 34ක්. කෝටි 3.4ක්.

    225ම ගන්නවා නම් ලක්ෂ 99,675. මිලියන නම් 9967. කෝටි නම් 996.
    දඹුල්ලයි දෙනියායයි ඉස්පිරිතාල දෙකටම වෙන් කලේ මිලියන 1000යි. ආසන්න වශයෙන් අවුරුදු 5 ඇතුලේ ඒ ජාතියේ ඉස්පිරිතාල 20ක් හදන්න පුළුවන් මේ මන්ත්‍රීලට සැප දෙන සල්ලී වලින්.

    ඉස්පිරිතාල 20ම හදන්න පුළුවන් වාහනගේන එකෙන් නෙවෙයි. නඩත්තුවෙන් විතරක්.

    පර්මිට් එක දීලා පුකට දෙකක් දීලා පුළුවන් නම් ගනින් , බැරිනම් ඒක විකුණලා තමන්ට පුළුවන් එකක් ගනින් නොකියා ගහපු කයිය වහගන්න ආණ්ඩුව රටට කරන පාඩුවක්.

    මේවා තමයි දවල් මංකොල්ල කියන්නේ.

    ReplyDelete
    Replies
    1. දවල් මංකොල්ල නම් මොනාද ලොක්කා... දැන් දවල් මර්ඩර් නේ වෙන්නේ

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

බලමුද විසදන්න?

වෘත්තාකාර උද්‍යානයක් වටා මීටර් 440ක වට ප්‍රමාණයක් ඇත. එම වට ප්‍රමාණය දිගේ මීටර් 5 බැගින් ගස් සිටුවා ඇත. සෑම තුන්වන ගසක් අසල බංකුවක් ද තබා ඇත...