Monday, March 22, 2021

කොළොම්පුරේ නිර්මාණ හොරකම් කළ රන් FM කලාගාරය

මාගේ කාර්යාලයේ කුඩා ගුවන් විදුලියක් තබාගෙන අනෙක් සගයන්ට බාදාවක් නොවන අයුරින් ගිතයන්ට සවන්දීම කරගෙන යන්නේ කාලයක සිටයි. එය රැකියාවේ තිබෙනා අධික වෙහෙස පීඩනය ආතතිය නිවා මනසට සැහැල්ලුවක් ගෙනෙනා බැවිනි. උදේම දමන එය යළිත් මා සේවයෙන් මිදි එනතෙක් නොනවත්වා ක්‍රියාත්මකවන නිසා එහි යන සියළු දෑ රැකියාව අතරතුර දෙසවනට වැටෙයි. පලකට නැති වැඩසටහන් මෙන්ම නපුංසක හඩින් කතාකරනා ගිරාපොතක නිවේදනයන් නැති පැරණි හා හොද ගීත නිර්මාණයන් යන ගුවන් විදුලි චැනලයක් ලෙසින් රන් එෆ්එම් තොරාගත්තේ එබැවිනි. සැබවින්ම එය හොඳ රසාද්වාදනයක් අපට ලබාදෙයි. සිකුරාදා දිනෙක අතිකාලසේවයේ යෙදී සිටියදි සවස 6.30ට පමණ කලාගාරය නම් වැඩසටහන විකාශනය වන්නට විය. මාගේ දෙසවනට වැටුනේ හොදින් හුරුපුරුදු වාක්‍ය කන්ඩ කිහිපයක් නිසා තවත් සැලකිල්ලෙන්  අසන්නට ගත්තෙමි. අදෝවකි මේ කිසිම ඉස්පිල්ලක් පාපිල්ලක් ඇද නැතිව ගෙඩිපිටින්ම කොපිකර කියන්නේ රික්ෂෝකාරයා ගැන ලියවුනු මාගේ බ්ලොග් ලිපියයි. එම වැඩසටහන අසා සිටි අනෙක් මේසයේ සිටි කාර්යාල සගයන්ට මේ මුන් හොරකම් කර කියන්නේ මාගේ නිර්මාණයක් බව කියා බ්ලොග් ලිපියද ඒ ලිපිය අනුසාරයෙන් මුද්‍රණයෙන් පළවු ආයතනයේ තෛයිමාසික විනිවිද සගරාවේ ලිපියද ඔවුනට පෙන්විමි. ඇත්නේම මේ ලිපිය උපුටාගත් මාගේ බ්ලොග් අඩවිය ගැන සඳහන් කරන්නට කලාගාරයේ වැඩසටහන් නිෂ්පාදක හෝ නිවේදිකාවට සදාචාරයක් තිබුනේ නැත. ආසා සිටිවුන්ගේ අදහසවූයේ රන් එෆ් එම් ආයතනයට මේ ගැන කියා ලිපියක් යවන්නටය. නමුත් මා එය අමතක කර දැම්මේ තිබුන වැඩ රාජකාරි අස්සේ ලිපියක්වත් ලියන්නට කාලය නොමැතිවූ බැවිනි. 

යළිත් වරක් 19-03-2021  සිකුරාදා දිනයේ මාගේ බ්ලොග් ලිපියක් වන කොළඹ කොඩිගස ගැන ලියවුනු චන්ඩි උපන්න සුප‍්‍රකට ගසක් ලිපිය ආපසු කලාගාරය වැඩසටහනේ විකාශනය විය. එයත් අවසාන වනතුර ආසා සිටියත් මේ ලිපිය උපුටාගත් බ්ලොග් අඩවිය ගැන සඳහනක් නොවිනි. එය ඔප්පු කිරීමට වැඩසටහන අතරතුර ලබාගත් විඩියෝ රේකොඩින් එකක් මා සතුව ඇත. මාගේ දෙසවනට නොවැටුනු අසුනොවූ නිර්මාණයන් හා ලිපි කොතරම් ප්‍රමාණයක් මේසේ ඔවුන්ගේ නිර්මාණයන් සේ විකාශය කරඇද්දැයි නොදනිමි. මහාචාර්ය සුනිල් ආරියරත්නලා රෝහණ විරසිංහලා වැනි කලාලොවේ පතාක දැවැන්තයන්ගේ නිර්මාණ මහ දවාලේ තවත් කලාකරුවන් කොල්ලකන අවදියක මා වැනි ඇච්චෙක්ගේ නිර්මාන කොල්ලය ගැන කියා වැඩක් නැත.

  රන් එෆ්එම් වැඩසටහන් කරුවනි මේ බ්ලෙග් අඩවිය ඇරඹුනේ දැනුම ලොවට බෙදා දෙන්නට මිසක් බදාගන්නට නොවන බැවින් මාගේ නිර්මණ උපුටාගත්තාට කමක් නැත, කතෘභාගය ඉල්ලන්නට අදහසක් නොමැති බැවින් අඩුම වශයෙන්වත් නිර්මාපකයාගේ නම හා බ්ලොග් අඩවියේ නම සඳහන් කරන්නට සදාචාරසම්පන්න වෙන්න. 



10 comments:

  1. නිර්මාණ උපුටා ගත්තාට කමක් නැත . එහෙත් අවම වශයෙන් එහි මුල් නිර්මාණකරුවාගේ නමවත් බ්ලොග් අඩවියේ නමවත් සඳහන් කරන්නට තරම් සදාචාරයක් තිබිය යුතුය

    ReplyDelete
  2. 'දැනුම ලොවට බෙදා දෙන්නට මිසක් බදාගන්නට' නොවීම, 'කතෘභාගය ඉල්ලන්නට අදහසක් නොමැති' වීම, 'පතාක දැවැන්තයන්ට සාපේක්ෂව ඇච්චෙක්' කියලා සිතීම; ඔය ඔක්කොම පැත්තකින් තියමුකො. කෙනෙක් අපේ වරදක් පෙන්නුවම පිලිගැනීමට වගේම තව කෙනෙක් වැරැද්දක් කලාම පෙන්නා දීමටත් අපට වගකීමක් තියෙනවා. ඒ නිසා මේ වගේ දෙයක් ගැන මේ අදාල පාර්ශවයට ලිඛිතව විරෝධය පාන්නෙ නැත්තෙ ඇයි. මේ රටවලනම් අපි ඊමේල් එකකින් වුනත් ඔය දේ කරනවා. කතා නොකර ඉන්න තරමට අනිත් කෙනා දිගටම ඒ වැරැද්ද කරයි. දැන් මේ පෝස්ට් එක මේ බ්ලොග් එක කියවන අයට මිසක් රන් FM කලමනාකාරිත්වයට specifically address කරලා නැති නිසා මේකෙන් වැඩක් නැහැ. යාලුවො කිව්ව වගේ ලියුමකින් විරෝධතාව දක්වන එක හොඳ නැද්ද.

    ReplyDelete

  3. ලජ්ජා නැති රටේ- නැති පොල් හැටට හැටේ
    ගුණ යහපත්කම් සේරම වළට වටේ
    ‘කොඳු නැති ගිරවු’ හඬ දෙනවා හතර වටේ
    මෙහෙමයි ගිරා පෝතක තතු අමුතු ඇටේ

    ReplyDelete
  4. ඒ ආයතනයට formal ලිපියක් ලියන්න

    ReplyDelete
  5. ලජ්ජා නැති උන් බං. කම්ප්ලේන් කරපං ඕකේ මහා එකාලට

    ReplyDelete
  6. ඔබගේ ලිපි දෙක කියෙව්වා. මේ ලිපි වල ඇති දේ බොහෝ අය දන්නා දේවල්. අලුත් යමක් මෙහි නැහැ. මා මෙම ලිපිය කියවන් යනකොට හිතුවේ ඔබ ලියා ඇති කෙටි කතාවක් ඔය නාලිකාවෙන් ප්‍රචාරය උනාද කියා, ඔබට නොදන්වා.

    දැන් ඔබත් ඉහත සදහන් ලිපි දෙක ලියන්න අවශ්‍ය පින්තුර, දත්ත ලබාගෙන ඇත්තේ වෙනින් අයගෙන්. ඒවා නැතිනම් ඔබේ ලිපි දෙකේත් යමක් ලියන්න වෙන්නේ නැහැ ඔබට.

    ඔබ ලබා ගත්තු පින්තුර, ඔබ සංචාරය කොට සොයාගත් දේ කවුරුන් හෝ කොපි කරා නම් මා අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන් පෙනී ඉන්නවා අසංග මහත්මයා.

    ReplyDelete
    Replies
    1. පලකට නොමැති කවුරුත් දන්නා හරසුන් ලිපි දෙකක් ලිවීම ගැන මාගේ නැනස පෑදුවාට ඔබට බොහෝ පිං අත්වේවා.....

      Delete
  7. නාවිකයා කවදාවත් වයසට නොයන්නේ ඇයි?
    නාවිකයා කාලය සමග වියැකී යනවා පමණයි..

    නාවිකයාගේ සදා කාලින ප්‍රේමය මහා මුහුද වන්නේ ඇයි?

    බෝල්ටික් මුහුද පිහිටා ඇත්තේ යුරෝපා මහද්වීපයේය. බෝල්ටික් රටවල් ලෙස සැලකෙන ස්කැන්ඩිනේවියා, ෆින්ලන්තය, ලැට්වියා, ලිතුවේනියා, එස්තෝනියා වැනි යුරෝපා රටවලට මැදිව බෝල්ටික් මුහුද පිහිටා ඇත. ඒ, වර්ග කිලෝ මීටර් 3,77,000 ක් පුරාය. බෝල්ටික් මුහුදේ උපරිම ගැඹුර අඩි 1,506 කි. දූපත් රැසක් ද පිහිටා ඇත. බෝල්ටික් මුහුද අබිරහස් පිරි ගුප්ත තැනක් පමණක් නොව, නැව් ගිලින තැනක් බවට ප‍්‍රකටය. මුහුදු පතුළේ ඇත්තේ නැව් සොහොනකි. දහස් ගණනක් නැව් බෝල්ටික් මුහුද විසින් ගිල ගෙන ඇතැයි පැවැසෙයි. සීතල මෙන්ම ප‍්‍රචණ්ඩ බෝල්ටික් මුහුදේ ගමන් කිරීමට ඉදිරිපත් වන්නේ නිර්භීත නාවිකයන් අතරින් අතලොස්සක් පමණි.

    මේ මොහොතේදීත් සීතල ,අඳුරු, ප්‍රචණ්ඩ බෝල්ටික් සාගරය හරහා යාත්‍රා කරනා ඒ නිර්භීත නාවිකයන් හිරු නැගෙනා විටත්, හිරු බැසයන විටත් සිහිපත් කරමු.

    ReplyDelete
    Replies
    1. නිර්භීත නාවුකයින්ව සැමදා සිහිපත්කරමින් ගරුකරන ඔබටත් එසේම වේවා....

      Delete
  8. නිර්මාණය කුමක් හෝ වේවා එය නිර්මාණය කිරීමට දරන වෙහෙස දන්නෙ නිර්මාණ කරුවා පමණයි. නම්බුකාර විදිහට හොරකම් කරනව කියන්නෙ මේවට තමයි.

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...