Monday, January 17, 2022

බ්ලොග් ලොවේ බ්ලොක් වීම

2022 වසර ලබද්දී ජනවාරි පළමුවෙනිදා බ්ලොග්වාසි සනුහරේට සුභපතා දමන ලද පොස්ටුව සින්ඩිවලට නොවැටී පළ නොවී  කිසිවෙකුගේ ඇස ගැටුනේ නැත. ලැබුනු එකම කොමෙන්ටුව අපේ හිතාදර නිදි ලොක්කාගෙනි. එයත් මෙහෙම පොස්ටුවක් දමා ඇතිබව දුරබනුවෙන් පැවසීමෙන් අනතුරුව ලැබුනි. මාගේ කාර්යාලීය ගුරුජී අන්දුබයියාගේ ත්‍රාසජනක වැඩ කෑලී ගැන දැමූ පොස්ටුවට උරනව අන්දුබයියා ගසනා ලද කුණු පොල්ගෙඩියක් වත් මෙයට බලපා ඇද්දැයි සැකයක් මසිත පහළවෙයි.  කොළොම්පුරේට හෙනහුරා ලබා ඇතිබව කිව් පසුව එයට පිලියමක් කොකොස සභාපති තැම්පත් ගරු  Praසන්ன   මහතා නිදිගේ පංචතන්තරේ අඩවියේ මෙසේ දමා තිබුනි.

සෙනසුරාද දවස් හතක් කපුටන්ට එළඟිතෙල් දාපු පාන්තිරේ බැගින් දෙන්න. ඔය සෙනසුරු අපල දුරුවෙනවා සත්තයි. හැක්..


(ප.ලි. ඔය වැඩේ කපුටන්ට මොන විදියට බලපායිද කියා නොදනිමි.)

 එය කරන්නට ගොස් හෙනහුරා ගුගල් දෙයියෝ සමග හැමිණී නිචවී සීඝ්‍රගාමි හැරෙන තැපෑලෙන් කාකයන්ට බලපා කපුටන්ගේ ගූ ගල් වෙයිද කියා මහත්වූ පරාණ බියක් සිතට නැගෙන්නට වුනි. කෙසේවෙතත් වත්පිලිවෙත් නිසිලෙස සපුරමින් දින සතක් ගූ ගල් කර සිටිමින් මේ පොස්ටුව දමා ඇති බවත් මෙයත් පළ නොවුනහොත් කොළොම්පුරයා බ්ලොග් ලොවේ බ්ලොක් වී ඇතිබව හදපිරි සෝකය මුසුව මින් දැනුම් දෙමි.  



කොළොම්පුරයාගේ බ්ලොග් ලොවේ බ්ලොක්විම නවතා සෙනසුරු අපලය දුරුකරදුන්  lktips.com අඩවියහි නදුන් රණවිර මහතාට බොහෝමයක් පිං අත්වේවා. 

21 comments:

  1. අසංග, පුතණ්ඩිලා දෙන්නගේ වික්රමයක්ද කියලත් හොයල බැලුවද?

    ReplyDelete
  2. අසංග, labels වලට යටින් තියෙන මේ location එක මොකක්ද? කලින් post ඒකෙ මෙහෙම දෙයක් තිබ්බේ නැහැනේ.

    ReplyDelete
  3. ඇත්ත වශයෙන්ම අසංග මහත්මයා යම් යම් අවස්ථාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග, සිත් තැවුල් ඇති වෙනවා. එසේ වන්නේ දෙවියන් වහන්සේ අප පරික්ෂා කරන විටදීයි. ඉතින් අසංග මහත්මයා එවැනි වේලාවන්හීදී අප කල යුත්තේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ගුණයහපත් කමත් බලයත් කෙරෙහි අසීමිත විශ්වාශය තැබීමයි. ඔබතුමා මේ මුහුණ දී ඇත්තෙත් එවැනි මොහොතකටයි. එම නිසා ගුණ යහපත් ක්‍රිස්තියානිකරුවෙක් වෙන අසංග මහත්මයා, ඔබතුමා දෙවියන් වහන්සේ කෙරෙහි ඔබගේ අචල භක්තිය ඉදිරියටත් තබා ගන්න. තව තවත් උන්වහන්සේ අගයමින් ලිපි ලියන්න ඔබට ශක්තිය ලැබේවා කියා මාත් හවස දිව්‍ය මෙහෙයේදී යාඥ්ඥා කරන්නම්.

    යෙසායා 26:3-13 | සෑම තත්ත්‍වයකදීම ආශ්චර්යමත් සාමයෙන් අපව පවත්වාගෙන යාමට දෙවියන්වහන්සේට හැකියාව ඇත (12 පදය). දෙවියන්වහන්සේගේ වෙනස් නොවන ස්වභාවය කෙරෙහි අවධානය යොමු කිරීම සහ කරදරකාරී කාලවලදී ස්වාමින්වහන්සේට මොරගැසීමෙන් අපගේ බලාපොරොත්තු වලට නැවතත් ජීවනයක් ලබා දෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සර්ව බලධාරි දෙවියන්ගේම පිහිටාධාර ලැබේවා..

      Delete
  4. දැන් හරි. මගේ බ්ලොග් රෝලටත් ආවා.

    ReplyDelete
    Replies
    1. බස්තුමාගේ ටැක්නිකල් ඇඩ්වයිස් එක මොකක්ද?

      Delete
    2. ලිස්සීම තමයි නොම්මර එක.😂🤣

      ඒත්, මේ කාරණාවෙදි නම් වරදකරු ජාවා ඉක්‍රිප්ට් විය හැකියි. ඒ කියන්නෙ, ඔය තර්ඩ්-පාටි ගැජමැටික්. අර පහල අජිත් කියල තියෙන්නෙත් ඒ ගැන වෙන්න ඕනෙ.

      Delete
  5. මේ පෝස්ට් එකේ මාතෘකාව 'පෙම් ලොවේ- සහනය මට දීලා' සිංදුව මතක් කරවනවා.

    ලඟදිම තව කතාවක් ලියනවද.

    ReplyDelete
    Replies
    1. ඔබ හා නිදි ඇතුලු පිරිසගේ අභිප්‍රේරණය කිරීම මට තව ලියවන්නට හොද තල්ලුවක් දෙනවා. තව කතාවකට වටපිටාවක් ගලපගන්නට තනමින් ඉන්නේ. ඔහේ ලියන්නන් වාලේ ලියා ඔබලාව අතරමං කරන්නට බෑ.

      Delete
  6. මගේ රෝලටත් පැමිණි බවට චිත්ත ප්‍රීතියෙන් යුතුව දැනුම් දෙමි. ඔය යට වැටෙන ගොඩ වදින්න කියන ගැජට්ටුව අයින් කරන්න. ඒක අවුල් මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔය කියන ගැජට්ටුව මගේ ඇස ගැටුනේ නෑ. කොතනද තියෙන්නේ?

      Delete
  7. හෙහ් හෙහ් හරි ගියා එහෙනං ඈ...ඕක උනේ අර නැවේ කතා ටික නවත්තලා දාපු සාපෙට...ඇත්තටම බ්ලොග් ටෙක්නිකල් ඉෂූ එකකදි පිහිට වෙන දෙවි කෙනෙක් නැද්ද- අටමා වගේ??

    ReplyDelete
    Replies
    1. නදුන් රණවිර පට්ට වැඩ්ඩෙක්.. ඔහුගෙන් උදව් ලබාගත හැකියි.

      Delete
  8. ඔය තියෙන්නෙ මොල්ගහට කිරි ගහෙන් ඇන්න වගේ. හැක්..

    හොඳ වෙලාවට කපුටන්ට පාංතිර කැවුවෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. දැන් කපුටෝ පාන්තිර කෑම ප්‍රතික්ෂේප කොරනවා.. උන් කන්නේ ලක්ශරි කෑම

      Delete
  9. මම ගත්තා ටෙලස්කෝප් එකක්. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර(GTRZ) එක්ක තමයි ඉස්සෙල්ලම තරු බැලුවේ. ඊයේ හවසත් අපි දෙන්න නෝර්වීජියානු සැමන් ෆිලට් එක්ක ගොට් චීස් කන ගමන් බියර් බිව්වා.

    මේ පහලින් තියෙන්නේ මගේ එකේ පින්තුරයක්.

    -මහේෂ් වලතර(Scurvy)

    මෙතනින් බලන්න

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...