Monday, March 27, 2017

මඩින් මිදි උඩට මතුව ආ නෙළුම්යායේ සුපිපුනු නෙළුම් අතරේ


මාර්තු මාසේ කොළොම්පුරයා විශේෂයක් වෙන්නේ කොළොම්පුරයාගේ විතරක් නොවෙයි පුංචි කොළොම්පුරයාගේත් උපන්දිනයත් යෙදෙන්නේ මාර්තු මාසෙයි. ඒ නිසාම මාර්තු මාසේ මගේ ජීවිතේට බෙහෝම සමිපයි. මාර්තුවල නෙළුම්යායත් දිය අද්දර ඒ කියන්නේ වොටර්ස් එජ් එකේ තියනවා කිව්ව දවසේ ඉදන් බලාගෙන හිටියේ ඒ කට යන්න තමයි. සම්මාන වලට නිර්දේශවල ලැස්තුව දැක්කාම කොළොම්පුරේ නිර්දේශ තුනක තිබිමත් සතුට ති‍්‍රබල් වුනා. 



සම්මානය ලැබුනත් නොලැබුනත් ඔන්න
සිදුවෙනවා සැමට ජය පැරදුම බාර ගන්න
අත්පුඩියක් ගහලා හොද චියර් එකක් දෙන්න
කොළොම්පුරේත් දිය අද්දරට එනවා ඔන්න

කිව්ව කොළොම්පුරයා සම්මාන දිනිම කියන එක ගැන ලොකුවට බලාපොරොත්තු තියාගත්තේ නෑ. එහෙම හිතාගෙන ඉදලා නොලැබුනොතිං දුකක් මොකටද හිත්පොජ්ජට එක්කාසුකොරගන්නේ කියලා. සෙනසුරාදා වැඩ දවසක්නේ  ගෙදරින් ගියේ හොද කිටක් එහෙම ඇදලා. සාමාන්‍යයෙන් සෙනසුරාදා කියන්නේ කැෂුවල් ඇදන් එන දවසක්. ඒවගේ දවසක කිට මරලා ආව හින්දා සමහරු ඇහැව්වේ මොකද අද මගුල් ගෙදරකට යන්න තියේනවාද කියලයි. බත්තරමුල්ලට යන හිතවතෙකුගේ වෑන් රථයක් ලැබුනා දිය අද්දරට එන්න.  ඒසි නැති වෑන් එකක නැගලා ගිනි මද්දහනේ ආමර් විදියේ ට‍්‍රැෆික් එක මැදින් එනවා කියන්නේ හොදම තැම්බිල්ල තමයි. කොහොම හරි රාජගිරියට ඇවිල්ලා දිය අද්දරට හරවලා එද්දි වාසිතයේ මිතිල සහෝදරයා සීයා එක්ක ඇතුලට එනවා. වැන් එකෙන් බැහැලා වාසිතයත් එක්ක එකතුවුනු කොළොම්පුරයාත් ශාලාවට ගොඩවුනා.


 
 දන්න කියන කවුරුත් නෑ. අපි හිටපු පේලිය ඉස්සරයින් ඩෙනිමක් ඇදපු සිහින් සිරුරකින් යුතු එක්කෙනෙක් එහෙට මෙහෙට යනවා. පුද්ගලයා කවුද කියලා කෙළොම්පුරේට මිටර්වුනාට කතාකොරන්න පොඩ්ඩක් පැකිලුනා. මොකද මිනිහාගේ කඩුව මාර මුවහත් හින්දා. කොළොම්පුරයාගේ පිහිකොට කැල්ලට බෑනේ ඔය කඩු එක්ක හරඹ කොරන්න. සම්මාන උලේල පටන් ගත්තා  සම්මාන දෙන්න මැකොත් වේදිකාවට ගොඩවුනා මෙන්න බොලේ පලවෙනිම සම්මානය කොළොම්පුරේට. අත්පොලසන් නාදය මැද්දෙන් අතිතකාමය තෙවැනි ස්ථානයට සම්මානය ගන්න වේදිකාවට කොළොම්පුරේ ගොඩවුනා.

 


වාසිතයේ මිතිල ගිහිල්ලා එක්කගෙන ආපු 18 සන්නියේ පොල්වත්ත සහොදරයාත් අල්ලපු සිට් එකට ආවා. (බුදු පොල්වත්තයෝ උඹ් කොන්ඩේ අවුල් කරගෙන මහ රාත්තියේ පාරේ එහෙම යනවා නොවෙයි හරිය. දැකපු උන්ට 18 දෙකෙන් වැඩි කරලා  36 සන්නියත්  නටලා වත් හොදකරන්න නම් බැරිවෙනවා.)

ටික වෙලාවකින් කෙළොම්පුරාගේ පිටට කවුදෝ පිටි පස්සෙන් තට්ටුවක් දානවා . මෙන්න බොලෝ කලාහිතේ කල්්‍යාන මිත‍්‍ර නොහොත් කමියා මගේ සැටිපිකෙට් එක දිලා මචං ස්ටේජ් එකේදි මේක දෙන්න අමතකවුනා කියලා. ඔව්වා එහෙම තමයි. වැරදිම් විම දේවගතියක් සමාව දිම මනුස්සගතියක්ලුනේ. ඉතිහාසය තරග අංශයෙන් තෙවැනි ස්ථානය මාත් එක්ක හිටපු වාසිතයේ මිතිල සහෝටත් දෙවන ස්ථානය ආයෙමත් කොළොම්පුරේටත් ලබාගන්න හැකිවුනා.


  

 පිටිපස්සේ පේලියේ හිටපු අර කඩුව මුවත් හාදයා ඔන්න ඒ පාර කොළොම්පුරයාට කතා කොළා. මචං "අසංග මම ප‍්‍රාජේ."  මමත් ඔන්න පිහිකොටේ අතහැරලා පිටිපස්සේ පේලියට ඇන්ටර්වුනා. සජ්ජා, ඉවාන් එහෙම ප‍්‍රාජේ අදුන්නලා දුන්නා. 18 සන්නියේ පොල්වත්තයාටත් දඩ උපහාර ගීතයටත් හොදම සම්මානයත් ලැබුනා. එකා දෙන්නා අඩුවෙද්දි ප‍්‍රා ඇහැව්වා මොනවා හරි කමුද කියලා. නාට්‍ය යන වේලාවේ හොල් එකෙන් එළියට ආවේ ටිකෙන්  ටික බඩේ පනුවෝ් අරගල කරන්න පටන්ගත්තු හින්දා . මෙන්න බොලේ කට්ටිය හොදට අඹරනවා. හිත විතරක් පිරිලා හරියන්නේ නෑනේ බඩත් පිරෙන්න ඔනේ හින්දා කොළොම්පුරයාත් අතහැරියේ නෑ දෙසැරයක්ම බැට්කළා. රෝමාන්තික රස්තියාදුකාරයා, කවි උල්පත දුමියා, ටෙක්සයුර එහෙමත් එළියේදි සෙට්වුනා. විරෝධාර රණවිරු අයිඩියානන්ද දොස්තර සරත් විමලසුරිය එක්කත් පොඩි චැටක් දාන්නත් ලැබුනා.  කාලා බිලා ඇතුලට එද්දි මෙන්න සම්මාන උළේල ඉවරවෙලා.

 
 

අහසින් එන්න සුරංගවත් එයාගේ බිරින්දෑ එක්කත් ඩිංගක් විතර කතාකොලා. (පස්සේ දන්නේ එයා බිරිද නොවේ කියලා. සමාවෙයන් මචං)  කොළොම්පුරයා පොත් පිස්සා හින්දා පොත් ගොඩ පැත්තේ ගියා මේන් අනිත් කොනේ දොස්තර බොධිනි පොත් විකුනනවා. දොස්තර කියලා ලොකුකම්  නැතිව බොහොම නිහතමානිව කතාබහකරලා බුකියේ රික්වෙස්ට් එකක් දාන්න කියලාත් කිව්වා. 

අෆ්ටර් සෙරමනි  පාටියක් තියේනවා යනවා නම් එන්න කිව්ව නිසා ප‍්‍රාගේ රියට ගොඩවෙලා සියල්ලන්ම තුටින්  මොනාච් ගියා බැලින්නම් එහේ නෙමෙයි පාටිය තියෙන්නේ. ජයන්තිපුර පැත්තතේ තියෙන මොනාස් එකේ කියලා කිව්ව නිසා ආයෙමත් රථවලට ගොඩවෙලා  මොනාස් එකේදි කට්ටිය සැට්වුනා. ඉයන් මහතා ප‍්‍රාජේ අජිත් සුදික ඉවාන් රෝමාන්තික රස්තියාදුකාරයා එක්ක කොළොම්පුරයාත් එක්වුනා. පාත්තයෝ හංස රාජයෝ කරන එලදබ‍්‍රා මෙන්ඩාත් ආවා කියහංකෝ .මෙන්ඩා ලස්සන කතා ගොන්නක්ම කිව්වා. දැන් මෙන්ඩාට කියනවා මෙන්ඩාට ලෙඩක් හැදිලාලු ඇදුම් සාප්පුවලට ගියාම එල්ලලා තියෙන බ‍්‍රා අතගාන්න හිතෙනවාලු. ඔ්කට නම් කියන්නේ බ‍්‍රා සින්ඩෝමය කියලා  මෙන්ඩෝ. මේ අතිශය සුන්දර ලෙඩේ අතිභයංකාර විදිහට වැඩි වෙන්නේ බ‍්‍රා වැඩියෙන් අතගානකොටලු. කොළොම්පුරේ කැනිම් කරනකොට ලන්දේසින් ලිව්ව පුස්කොල පොතක තිබ්බා මේ බ‍්‍රා සින්ඩෝමය නිට්ටාවටම සුව කරගන්න පුළුවන් ඇදගෙන ඉන්න බ‍්‍රා එකක් දෙකක් අතගාපු දවසට තමයි කියලා. ඉක්මනට හොදකරගන්න ඔනේ නම් කසාද නෝනාගේ හැර වෙනින් ඔනෑම නෝනාකෙනෙකුගේ බ‍්‍රා එකට අත තියලා බලහං අත්දුටුවයි ප‍්‍රත්‍යක්ෂයි එවලේම සුවයි. 


කස්ටිය පොඩ්ඩක් පොඩ්ඩක්  අනුමතවෙන්න වෙන්න  කතා බහ අස්සේ සුන්දර රාති‍්‍රය මොරන්න පටන්ගත්තා. උළේලේ අනුන්ගේ සම්මානත් එක්කම වැඩිම සම්මාන ගත්තු ජිවන  බොක්ස් ගිටාරය වයන්න ගත්තේ අපි ආස ගිත ගායනා කරමින්. පාටියත් අහවරවෙලා සුදිකගේ රියේ නැගලා කොළොම්පුරයායි රස්තියාදුකාරයයි ජිවනත් හිටියාද මන්දා දෙහිවල ගල්කිස්ස මහ නගරසභාව ලගටම ගෙනවිත් දැම්මා. කොච්චර කිව්වත් මාත් එක්ක ගෙදර යන්න වරෙල්ලා  කියලා උන් නෙමෙයි  කනකට ගත්තේ. එහෙනම් මම යනවා කියලා උන්ට ඩබල් සැලුට් එකක් ගහලා ප‍්‍රාජේ ගෙන් ඉල්ලාගත්ත සොපින් බෑග් එකක දාගත්තු  සම්මාන දෙකයි පොත් මිටියයි පපුවට තුරුල් කරන් තුන්සක රියකට අතදාලා ගොඩවෙචිච් කොළොම්පුරයා මීවිත ඇදිරියට කඩාහැලෙන දෑස අසිරුවෙන් ඇරගෙන ගෙදරට සම්ප‍්‍රාප්තවුනා. 


නෙළුම් යාය ලබන වසරේ මීටත් වඩා හොදට ජයට උත්කර්ෂවත් විදිහට තියන්න ලැබේවා. අටමා අජිත් ධර්මා හා කමියා ඇතුලු එකිමෙකිනොකි සැමට ස්තූතියි. 

(කොටං අදින අලි කොටං විතරක්ම ඇදලා බෑ පෙරහැරේ කරඩුව වඩම්මන්නත් ඔනේ. බ්ලොග් කියවලා බර ඇදපු අටමෝ උඹ සම්මාන උලේලේ ඉන්නම ඔනෑ එකෙක් වෙලත් අන්තිමේදි මොකැයි බං උනේ? )

Tuesday, March 7, 2017

ඔට්ටුයි ඔයාලට පුලුවනි.........



ඔන්න කොළොම්පුරේට පරන පින්තූරට ටිකක් ලැබුනා. අපේ කොළොම්පුරේට  ගොඩවදින නෝනලා මහත්තුරුන්ට පොඩි අභියෝගයක් දෙනවා පුළුවන්නම් කියමු මේ කොහේද කියලා. තම තමන්ගේ මතක ශක්තිය ඉතිහාසය ගැන තියෙන උනන්දුව එහෙම උරගාලා බලමු. මේ පින්තූර ටික බලලා මේ කොහේද කියන්න ලේසියෙන් පුළුවනි. එහෙනම් ඔන්න මොළේ වටේ බැදිලා තියෙන දුවිලි මකුණු දැල් එහෙම කඩලා පරන අතීතේ අවුස්සලා මේ කොහේද  කියලා කෙමෙන්ටුවක් විදිහට දාන්න. ඔට්ටුයි ඔයාලට පුලුවනි.........

1        



2        




3    





4     



5     



6        

Tuesday, February 14, 2017

අ සම්මත වැලැන්ටයින්


 

සුසුමක් සේ සමුගෙන
පැතු රුව ගියදිනේ
රිදවයිද විරහව
සැඟවි හදවත කොනේ
එක්කර බැඳුනේ
දෑඟිලි රන්හුයෙන්
නිවිය හැකිද හද ගිනි
අත වත්කල පැනින්
සිත් බැඳි ආලය
කෙලෙසක සැඟවන්නට
ඔබ මා හමුවන දිනකදී
යළි අප අද
හදවත අයදි සෙනෙහස
පුබුදාලන්නට ආලනුරාවන්
දෙනෙත් වසා
මුලූ ලොවට හොරෙන්

Sunday, February 12, 2017

පත්තර ලෝකයේ රජකල ටයිම්ස් මන්දිරය




කොළොම්පුරේ පත්තර ගැන මීට ඉස්සර ලිපියක් කතාකරා. මෙවර කොළොම්පුරෙන් කතාකරන්න යන්නේ කලකට ඉස්සර ලංකාවේ පත්තර ලෝකයේ දැවැන්ත පුවත්පත් සමාගමක්වු ටයිම්ස් සමාගම ගැනයි. කොළඹ ටයිම්ස් මන්දිරය තමයි එදා ලංකාවේ පත්තර මහගෙදරවුනේ.  1846 අගෝස්තු මාසේ 11 වෙනිදා තමයි සිලොන් ටයිම්ස් පත්තරේ කලඑළි බහින්නේ. පස්සේ කාලේක මේ සිලොන් ටයිම්ස් පත්තරේ ටයිම්ස් ඔෆ් සිලොන් නමින් වෙනස් වෙනවා. මේ පත්තරේ මුලින්ම පටන්ගන්නේ ඉහළ චැතැම් විදියේ බ්‍රෝඞ් සහ සමාගම පිහිටුවා තිබු තැනයි. පත්තරේ පටන් ගන්නේ ආරම්භක කර්තෘ හියු ස්ටුවට් මහතා හා කොරනේලිස් ඩයස් මහතා එකතුවෙලා තමයි. පස්සේ කාලෙක ලංකා ව්‍යවස්ථාදායක සභාවේ මන්ති‍්‍ර ධුරයක් දැරු ජෝන් කැපර් මහතා මේ පත්තරේ හියු ස්ටුවට් මහතාගෙන් මිලට ගන්නවා. එ් 1864 හෝ 1865 අවුරුද්දේ වෙන්න ඇති කියලා තමයි සඳහන් වෙන්නේ. 1866 අවුරුද්දේ ජෝන් කැපර් මහතා මේ පත්තර කන්තෝරුව චැතැම් විදියේ කුඩා ගොඩනැගිල්ලකට අරගෙන යනවා. මේ ගොඩනැගිල්ල තිබුනා කියන්නේ පසුකාලිනව ගොඩනැගු ලෝඞ් නෙල්සන් හෝටලය තිබුන බිම්කඬේ තමයි. 



මේ පත්තරේ තනි අයිතිය තිබු කැපර් පුත‍්‍ර සමාගම  1881 අවුරුද්දේ අගෝස්තු 1 වෙනිදා පත්තරේ සවර්ණ ජයන්ති  උළේල පැවැති අවස්තාවේදි සිලොන් ටයිම්ස් පත්තරේ ටයිම්ස් ඔෆ් සිලොන් නමින් නම වෙනස් කරනවා. මේ ටයිම්ස් පත්තර කන්තෝරුවට අලූත් ගොඩනැගිල්ලක් හදන්න  ඕනෑ කියා හිතුව ජෝන් කැපර් මහතා  හා එයාගේ පුතුන් දෙන්නා කොටුවේ බි‍්‍රස්ටල් විදියෙන් ඉඩමක් වෙන්දිසියකින් මිලදි ගන්නවා. එදා මේ මිලදි ගත්තු ඉඩමේ මිල වුනේ රුපියල් 27000ක්. ඔය ඉඩම පිහිටුවා තිබුනේ කොටුවේ මහවිදිය (මෙන් ස්ටි‍්‍රට්* හා බි‍්‍රස්ටල් ස්ටි‍්‍රට් එකතුවෙන ස්ථානයේ දකුණු කෙලවරයි. ඔවුන් තම මන්දිරය විශාලව හදාගන්න අවට බිම් කොටස්ද මිලට ගත්තා. එ් අක්කරය දසලක්ෂයකට තක්සේරුකරන ලද මිලගනන් වලටයි. මේ ගත්තු ඉඩමේ දෙමහල් මන්දිරයක් හදවා 1894 අවුරුද්දේ ඒ මන්දිරයේ ටයිම්ස් පත්තර කන්තෝරුව පිහිටුවාලූවා. 



ජෝන් කැපර් මහත්තයා 1912 අවුරුද්දේ ටයිම්ස් පත්තර ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් විදිහට ලියාපදිංචි කෙරෙව්වා. ඔවුන් 1923 අගෝස්තු මාසයේ 05 වෙනිදා ටයිම්ස් ඔෆ් සිලෝන් සන්ඬේ ඉලස්ට්රේටඞ් පත්තරය ඇරඹුවා. පසුව මේ පත්තර් හැදින්වුයේ ටයිම්ස් වික්එන්ඩර් නමින්. කැපර් මහතා ටයිම්ස් පත්තර කන්තෝරුවට 1929 දි මහල් හයකින් යුතු නව ගොඩනැගිල්ලක් හදන්නට වොකර් පුත‍්‍ර සමාගමට බාරදුන්නා. 1932 අවුරුද්ද වෙනකොට මේ ගොඩනැගිල්ලෙන් අඩක් නිමකරලා තිබුනා. පත්තර කන්තෝරුව අලූත් ගොඩනැගිල්ලට ගෙවදිලා පරණ දෙමහල් ගොඩනැගිල්ල කඩා ඉවත්කරලා දැම්මා. 1935 අවුරුද්ද වෙනකොට මේ සය මහල් ගොඩනැගිල්ල වොකර් පුත‍්‍ර සමාගම සාදා නිමකෙරුනා. මේ අලූත් මන්දිරය විවෘත කරන්න ආවේ ලංකාන්ඩුකාර සර් ඇන්ඩෲ කොල්ඞ්කොට් මහතායි.  මේ ටයිම්ස් මන්දිරය තමයි එදා දවස ලංකාවේ පිහිටි උසම ගොඩනැගිල්ලත්  ආසියාවේ විශාලතම පුවත්පත් ආයතන වලින් එකක්දත් වුනේ. 

ජෝන් කැපර් මහත්තයා රුපියල් ලක්ෂ 70 කට මේ ටයිම්ස් පුවත්පත් ආයතනයත් ගොඩනැගිල්ලත් එහි ඉඩමත් 1946 දෙසැම්බර් මාසයේදි විකුණා දැම්මා. ලංකාවේ ධනවත් ව්‍යාපාරික වැවිලිකරුවෙකුවු  සි.ටි. රස්ට් මහතා තමයි එය මිලදි ගත්තේ. ටයිම්ස් පත්තර සමාගමේ කොටස් විකුණා දමන්නට 1947 දි රස්ට් මහතා කටයුතුකළා. ඉන් වැඩිම කොටස් ප‍්‍රමාණයක් මිලදිගත් ආරුමුගම් සංගරපිල්ලේ මහතා ටයිම්ස් අධ්‍යක්ෂක මන්ඩලයේ සභාපති ධුරයට පත්වුනා. එහි කළමණාකාර අධ්‍යක්ෂක බවට එ්.සි. තංගරාජා මහතාත් පත්වුනා. මේ පත්විම් සිදුවිමත් එක්කම ටයිම්ස් පත්තර කන්තෝරුව ලංකීය ව්‍යාපාරයක් බවට පත්කරමින් දේශපාලන හා සංස්කෘතික පෙරලියන් ඇතිකරන්නට ඉවහල්වුන සිංහල පත්තර කලාවක උපතත් සිද්දවුනා. මෙයට පෙර මේ සමාගමේ අයිතිය තිබු විදේශිකයින් සිංහල පුවත්පත් මුද්‍රණය කිරිමට මැලිකමක් දැක්වන්නට හේතුවුනේ සිංහල පුවත් පතක් මුද්‍රණය කලහොත් සවදේශිකයින්ගේ අයිතිවාසිකම් රැකදිමට ඉංග‍්‍රිසි ජාතිකයින්ටම සිදුවන බව ඔවුන් තුල මුල් බැස තිබු මතයක් වු බැවිනි. සිංහල පුවත්පත් කතුවරයෙකුවු ඩි.ඩබ්ලිව් වික‍්‍රමාරච්චි මහතා කලකට පෙර ටයිම්ස් සාමාන්‍යාධිකාරි සි.එ්. ගැල්පින් මහතා සමග සිංහල පත්තරයක් මුද්‍රණය කරන්නට සාකච්ඡුා කලත් එය අසාර්ථකවුයේ මේ නිසාවෙනි.

ඩි.බි.ධනපාල මහතා 

ටයිම්ස් සභාපති ආරුමුගම් සංගරපිල්ලේ මහතා  ඩි.බි.ධනපාල මහතාගේ මැදිහත්විම යොදාගෙන ලංකාදිප නමින්  සිංහල පුවත්පතක්  1947 ඔක්තෝබර් 27 මුද්‍රණය කළා. මුල්ම ලංකාදිප පත්තරේ මුද්‍රණයවුනේ දිනපතා සවස පත්තරයක් ලෙසිනුයි. ලංකාදිප පත්තරේ ප‍්‍රධාන කර්තෘවුයේ  ප‍්‍රකට වියතෙකුවු ජුලියස්ද ලැනරෝල් මහතායි.  1948 දි ලැනරෝල් මහතා අස්වියාමෙන් පසුව එහි ප‍්‍රධාන කර්තෘ බවට ඩි.බි.ධනපාල මහතා පත්වුනා. ටයිම්ස් පත්තර කන්තෝරුවේ සවර්ණමය යුගය ආරම්භවුනේ ඉන් පස්සේ තමයි. හවස ලංකාදිප පත්තරේ උදෑසන පත්තරයක් ලෙසින් 1949 මැයි 01 දා සිට පළවෙන්නට ගත්තා. 1949 ඔක්තෝබර් 28 ඉරිදා ලංකාදිප පත්තරේ ටයිම්ස් මන්දිරයෙන් මුද්‍රණයෙන් පළවුනා. 1956 අවුරුද්දේ  බුද්ධජයන්ති උත්සවය නිමිති කරගෙන රසවාහිනි ශාස්ත‍්‍රිය සගරාව මැයි මාසයේදිද වනිතාවිත්ති කාන්තා පුවත්පත 1957 අපේ‍්‍රල් 12 වෙනිදාත් මුද්‍රණයෙන් පිටවුනා. මේ පත්තර කන්තෝරුවෙ මුද්‍රණය කෙරුනු සිංහල පුවත් පත් මගින් දේශිය වෙදකම නාට්‍ය කලාව සංගීතයේ හා සංස්කෘතියේ නව ප‍්‍රබෝදයක් ඇතිකරවුවා. 

එත් පසුකාලිනව මේ පත්තරකන්තොරුව බිඳවැටෙන්නට එහි දුර්වල පරිපාලනය විශාල වශයෙන් බලපෑවා. අන්තිමේදි විශාල පාඨකයින් සංඛ්‍යාවක් සිටි ලංකාදිප පත්තරේවත් නියමාකාරයෙන් පවත්වාගෙන යන්නට ඔවුන්ට බැරිවුනා. දුර්වල පරිපාලනය යටතේ අමාරුවෙන් කරගෙන ගිය ටයිම්ස් පත්තර සමාගම 1977 අවුරුද්දේ අගොස්තු මාසයේ 02 දා රජයට පවරාගෙන නිසිබලධාරියෙකුගේ පාලනයට පත්කළා. අවසානයේදි සිංහල පත්තරකලාවේ ජයකෙහෙලි නැංවු ටයිම්ස් පත්තර කන්තෝරුව වැහිලාම ගියා. 

Friday, February 3, 2017

නිතීඥ ජොන් ද සිල්වා ලියු නුර්ති ගී

නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා,  ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළොම්පුරෙන් මීට පෙර ඔහු ගැන ලිපියක් පළවුනා. එය මෙතැනින් බලාගන්න පුළුවනි. එහෙනම් දැන් මොනවාද ඔහු ගැන කතාකරන්න යන්නේ? මෙවර අපේ කොළොම්පුරේ ලිපිය සකස්වෙන්නේ අපේ කලා ලොවේ අදටත් නිතරම කියැවෙන එතුමා රචනා කරන ලද නුර්ති ගීත ගැනයි. මේ ගීතයන් ඔයාලත් හොඳට අහලා ඇති නේද? හැබැයි නිතීඥ ජොන් ද සිල්වා මහතා මේවා රචනා කළා කියලා දැනගෙන හිටියේ නෑ නේද?





අඹ දඹ නාරන් කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම් 
ගංගාවේ  ඕලූ ඇත්තේ  එ්වායේ කෑම නැත්තේ
ඇත පුෂ්ප  අත්තේ අත්තේ එ්වා පිපේ
(රමායණ නාට්‍ය)


දන්නෝ බුදුන්ගේ ශ‍්‍රී ධර්මස්කන්ධා  

පේවි රකීති  සොඳ සීලේ නිබන්දා
ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය  බෝසේ 
රහතුන් නිවසනා පාය ප‍්‍රකාසේ...... 
(සිරිසඟබෝ චරිතය)






සුවඳ පත්ම  ඕලූ ආදී නොයෙක් පුෂ්පයෙන් සැදී 
සරන හංස සේරු බෝම පොකුණු  ශිත පැන්පිරී 
සුවඳ ......
(දුටුගැමුණු චරිතය)

දන්න වම්හුම් අප කන්නසාමි රාජධුරයේ

රාජධුර   රාජධුර    රාජධුරයේ
දන්න වම්හුම් ......
රකී බුද්ධ ධරමේ සීල පුර්වේ රජුන් ලෙසේ
අධර්මිෂ්ඨ  නීච කි‍්‍රයා යයි මැකී ලකේ
(ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ චරිතය) 







අද වෙස්සන්තර රාජපුතා මංද්‍රි කුමාරි බඳී  
දේවෝපකාරෙ වේවා සෑදීසෙත් 
රට වැස්සන්ගේ කාලේ  හොඳා 
දුර්භික්ෂ යාය සිදී 
මංගල්ලේ සාරවෙවා සෑදී සෙත් 
(වෙස්සන්තර නාට්‍ය)






වාසනා දිනේක මේක පාමූ තුටින් සිතේ 
පාමූ තුටින් නටමු  මේ ලී දරා අතේ
වාසනා දිනේක ඔහෝ
වාසනා දිනේක මේක පාමූ තුටින් සිතේ 
(රත්නාවලි නාට්‍ය)






පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින් 
සංගීත සිංහලේ ද්වීපේ
මාවාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත
ඊට දුර්ජනා කෝපේ 
මහ  මෝඩකමක් තව ඇද්ද රටේ මා
එක්ක අනේ ඇයි කොපේ
ඇන්නෑ ඊර්ෂ්‍යා  මුන්ගේ  මෝඩකම් පේනා
(ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ)






මගේ මද්‍රී නම් බිසෝගේ 
යාඥාව  බෝය වේගේ
නෙක් චණ්ඩ ව්‍යාඝ‍්‍ර වාසේ 
හිමාල දේශ දේවී
හාමත්ව ඉන්ට වේමැයි
බෝදුක් විඳින්ට වෙන්නේ
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ 
(වෙස්සන්තර නාට්‍ය)

බෝ  දෝස් කියා  මාගේ බෝ දොස් කියා  

සිව් දෙසේ වැස්සෝ කිපී  පන්නා මා ලූහ මෙවන - දාසින්ව  ලබාගෙන - සම්භ වෙන්ටා සුන්දරී
යන්නටා හැක්කී වේදෝ  - දානා දෙයිද වෙස්සන්තර  
බෝ  දෝස් කියා  මාගේ බෝ දොස් කියා  
(වෙස්සන්තර නාට්‍ය)






සිරි ගණ ධර්ම සංඝ නමදිම් මෝ
බෝධිසත්ව  චරිතක්ද නාට්‍යකර 
ලොවට පාමු බැතිනී බෝ
සර්ව දෝෂයන් භංගවෙන්න සෙත
දෙවියෝ දෙත මෙත පා බෝ
(වෙස්සන්තර නාට්‍ය)


රකිනු ඊශ්වරා 

මේ අප සෑම සකල අපල
දුරැර නොහැර සිරි සැප සලසාද බැද්දේ ඉන්න අපට 
(රමායණ නාට්‍ය)

දේවදාර වෘක්ෂ චම්පාකශෝක වන්දනා 

පුගතාල මූණමල්ද  කදිර මෙ වන නන්දනා
බූරු ගෝන හස්ති  අශ්ව -  මේ වනේ පෙනෙත් විශාල
( උත්තර රාම චරිතය නාට්‍ය)

ඇයි තරහෙන් මාන්නකාරි

පලා දුවන්නේ  දමලා මා මෙහි
පලා දුවන්නේ  දමලා මා
ඉවසිලිවන්තී කෝප නොවේවී
ශාන්තදාන්ත වේ
(රත්නාවලි නාට්‍ය)

අමන දනෝ සිතති මෙ 

නාට්‍ය කලා නාඩගම් වගේය කියා
පවර ශාස්ත‍්‍ර සේ හින්දා
යාය පිරිහි රට වැටේ  ඉන් සජනෙනි
(රත්නාවලි නාට්‍ය)

ගුමුනාදේ  දෙන බඹරගේ දොසිනා 

කරදර විය බෝසේ
එ් මල දාලා ආවේ ගුම්ගාලා මාගේ මූණ රිද්දා
වත මාගේ මල වාගේ එහි භෘංගේ එයි රිංගේ
(ශාකුන්තලා නාට්‍ය)

සවන් දී  පෙර රාම චරිතේ  අසව්

පොරණ ලක්දිව්  උන්න රාවණ
ආලවි ජානකී ගෙනගියේ තම රියේ
කියමි  එය සංගීත බසිනා -  පෙර රාම චරිතේ  අසව්
(රමායණ නාට්‍ය)

පත්මෙකි පේන මූණා - සොඳ මූණා - දිලි සඳකි සරත් 

කාලේ - මෙම කාලේ - උම්මාද වෙන්නා  - සීත මූණ බලා
වාසනා  -  අහො පාවා ගනීදෝ මේ මා 
පත්මෙකි පේන මූණා - සොඳ මූණා - දිලි සඳකි සරත් 
(රමායණ නාට්‍ය)

මේ නුර්තී ගීත සම්පුර්නයෙන්ම ලියා එකතුකලේ නැත්තේ ලිපිය බොහෝ දිගුවන බැවිනි.


Friday, January 27, 2017

අමනකම




විදමින් දහදුක් දරුවන් තිදෙනෙකු හැදුවා තුටින්
කුසයට ආවනේ සිව්වෙනියෙකුත් නොදනිම ඉතින්
ඇතුල්වුනෙමි කෑගලූ රෝහලට පෙරදිම ලෙසින්
කොල්ලෙකු වැදුවා හතරවෙනියාට මගේ කුසින්

දරුවා මගේ තනක එල්ලිගෙන බොයි කිරි නිරතුරු
වාට්ටුවේ මිසී නෝනලා දක්වයි කරුනාව පියකරු
තවදරුවන් හදන්නට එපා අම්මාට වෙයිනේ අනතුරු
වදන්නට නෙවෙයි වඳ සැත්කමක් කෙරුවොත් නිරතුරු

දොස්තර හදයි එල් ආර් ටි බලයෙන් කරන්නට
මම කැමති නෑ මහත්තයෝ එවැනි දේ හිතන්නට
වැලේ ගෙඩි බර වැලට වැඩි නෑ තව දරුවන් හදන්නට
දුප්පත් උනත් නොකරමි උන් මහමග දමන්නට

කෝ දරුවන්ගේ පියා දොස්තර මහතාට පැනයකි එන්නේ
පොතක ලියපු කාසදක් මිනිහෙක් ඇයට නෑ ඉන්නේ
අනාචාරේ යන ගැහැණියක් නොවෙද මේ ඉන්නේ
පැමිණිල්ලක් දැම්මා දැන් පොලීස් මහතුනුත් එන්නේ

බැලූවේ පොලීසියෙන් ඇවිදිල්ලා  ඕ අයි සි මහත්තයා
එකතුවෙලා පැමිනිලිකාර  දොස්තර මහත්තයා
පරික්ෂන කරන්නට  ඕනේලූ කෝ තමුන්ගේ මහත්තයා
දරුවන් වදන්නට බැරිද නැතුවට කසාද මනුස්සයා

දරුවන් උපන්නට මම උන් අතරමං කරලායි නැත්තේ
ඔබලා උගතුන්වුවාට මොලේ කලඳක් ඇතුවයි නැත්තේ
මමත් ගැහැනියෙක් වෙමි සිරුරෙ ලේ මස් නහරයි ඇත්තේ
මනුස්සයා මගේ මලාට මම මැරිලා නැත්තේ

නිමිත්ත
තිදරු මවට සිව්වැනි දරුවා ලැබීම දොස්තර ප‍්‍රශ්නයක් කරගෙන.
මව්බිම පුවත්පත 26 ජනවාරි 2017

Thursday, January 26, 2017

පරම පිවිතුරු


 


නොයිදුල් සලකුණක්
සෙව්වෙමි සුදු පිරුවටයක
පවිටු හදවත සඟවා
ඉදුල්වුනු අතීතයක

කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව

 වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...