මල්වත්ත පාරේ ඉහළ සිට චාමර්ස් ධාන්‍යාගාරය පෙනෙන අයුරු
කොළඹ කොටුවේ ඩෙල්ෆ්ට් අට්ටාලයේ සිට පිටකොටුවේ කයිමන් දොරකඩ දක්වා තියෙන කෙලින් වීදිය (මේන් ස්ටි‍්‍රට්) හා දකුණු පැත්තෙන් සැන් ජුවන්ගේ ඇළ හා බේරේ වැවද උතුරු පැත්තෙන් ෆිෂර් ස්ටි‍්‍රට් (මල්වත්ත පාර) වලින් වටවු හිස් භූමියක් පිහිටලා තිබුණා. මුල් කාලේදි පොල් වගා කරලා තිබුන මේ ඉඩමේ බටහිර පැත්තට වෙන්න සුසාන භූමියක්ද පිහිටලා තිබුණා. 1819 - 1820 අතර කාලේදි කොළොම්පුරේ ඇතිවූ වසුරිය රෝගෙ හින්දා මළමිනි මේ සුසාන භූමියට ගෙනවිත් දැම්මා කියනවා. නැගෙනහිර පැත්තේ රැකට්කෝට් (Racquet Court) නමින් නම් කරපු මල්වත්තක්ද තිබුණා.
මේ රැකට් කෝට් එකේ තිබුණු මල්වත්තේ පුෂ්ප ශාලාව නොහොත් ෆ්ලෝරල් හෝල් (Floral Hall) නම්වු රංග ශාලාවක් ටකරං ගසා කුඩාරමක තනා තිබුණා. මේ පුෂ්ප ශාලාෙවේ ජෝන් ද සිල්වා මහතාගේ රමායණය රඟදක්වද්දී විරුද්ධවාදින් කිහිප දෙනෙක් මේ ශාලාවට ගිනි තිබ්බා. එ් හින්දාම රාමායණය නාට්ටිය ප‍්‍රසිද්ධවුනේ ගිනිගත් රමායණය නමින් තමයි.
කොළොම්පුරේටත් යකඩ යකාගේ සේවය නැත්නම් දුම්රිය සේවය ආවත් එක්කම වරායෙත් දියුණුවූනා. එ් එක්කම කොළොම්පුරේ මාර්ග පද්ධතියත් දියුණු කරන්න ඕනේ කියලා බි‍්‍රතාන්‍යයින් හිතුවා. කොටුවේ සිට පිටකොටුව දක්වා නොරිස් පාර (දැන් ඕල්කට් මාවත) ඉදිකලා. එහි ඉදලා වරාය දක්වා තිබුන ෆිෂර් වීදිය විශාල කරලා ඒක මල්වත්ත වීදිය නම් කලා. අද අපි අර කැසට් කඩ, බෑග් සපත්තු කඩ මැද්දෙන් යන මල්වත්ත පාර තමයි එ්. මේ අතර මැද හිස් භූමිය කොළඹ වරායට වෙළඳ දව්‍ය ගෙනආපු හා වරායෙන් පිටතට බඩු ගෙනයන කරත්තවල නැවතුම්පොලක් විදිහටත් යොදාගත්තා.
මේ හිස් භූමියේ යුනිවර්සිටි කොලිජියක් අරඹන්නට 1913 සිට 1916 දක්වා අප රටේ ආණ්ඩුවරයාවු රෝබට් චාමර්ස්ගේ පාලන කාලය තුලදි සැලසුම් කෙරුණා. මේක හදන්න හැදුවේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය විදිහට තමයි. කොහොම හරි අපේ උන්ගේ අවසනාවට එක කෙරුනේ නෑ.
රොබට් චාමර්ස්
කොළඹ වරායෙන් ගොඩබාන බඩු ප‍්‍රමාණය එන්න එන්නම වැඩිවෙන හින්දා මේ බඩු ගබඩාකරලා තියන්න විශාල ගුදමක් ඕනෑ වුනා. එ් හින්දා හදන්න හිටපු යුනිවර්සිටි කොලිජිය වෙනුවට මේ ස්ථානයේ බඩු ගබඩාවක් ඉදිකෙරේව්වා. අක්කර 9ක් පමණ විශාල මේ භූමියේ ගබඩා 64 ක් ගොඩනගලා චාමර්ස් ධාන්‍යාගාරය (Charmers Granary) නමින් 1916 මැයි 11 වෙනිදා ආහාර ගබඩාවක් විවෘත කෙරුණා.
කොළඹ වරායෙන් ගොඩබාන බඩු ධාන්‍යාගාරයට දුම්රිය මාර්ගයෙන් අරගෙන එන්න දුම්රිය පාරකුත් හදලා තිබුණා. ඔයාලා අපි කවුරුත් නොදැක්ක කොළඹ නැව්තොට දුම්රිය ස්ථානය තිබුනේත් මේ ධාන්‍යාගාරය ඇතුලට වරායේ සිට බඩු ගෙනියන දුම්රිය මාර්ගයේ වරායේ තාප්පයට මායිම්ව ඛාන් ඔරලෝසු කණුව ලගයි. මේ දුම්රිය පාර වැටිලා තිබුනේ වරාය ඇතුලේ ඉදලා ඛාන් ඔරලෝසු කණුව අසලින් කෙලින් විදිය හරහායි. පස්සේ කාලෙක මේ අපේ පාරවල් වල ලොකු තදබදයක් ඇතිවෙච්චි නිසා මේ දුම්රිය මාර්ගය 1976 දි වහලා දැම්මා. කොහොමත් සුද්දෝ හදපු දේවල් ඊටත් එහාට වැඩිදියුණු කරනවා වෙනුවට අපේ කළු සුද්දෝ කලේ එවා වහලා දැම්ම එකනේ.
වරායේ සිට චාමර්ස් ධාන්‍යාගාරයට දුම්රිය මාර්ගය වැටි ඇති අයුරු
දෙවන ලෝක යුද්දේ පටන්ගත්ත නිසා අඩුපාඩුවකින් තොරව ආහාර බෙදාහරින්නට ආහාර අධිකාරියක් පටන් ගත්තා. 1941 දි මේ ධාන්‍යාගාරය අධිකාරිය යටතට පැවරුණා. 1942 දිආහාර දෙපාර්තුමෙන්තුව පිහිටුවන ලැබිමත් එක්කම මේ චාමර්ස් ධාන්‍යාගාරය එයට පවරා ගත්තා. ඊට පස්සේ අපේ රටේ ප‍්‍රධාන ආහාර ගබඩාවවූනේ මේ චාමර්ස් ධාන්‍යාගාරයයි. මේක තමයි රටේ සියළුම රජයේ ආහාර ගබඩාවලට හාල්, පිටි, සීනි බෙදාහරින මුලස්ථානය වුනේ.
එන්න එන්නම ජනාකීර්ණවුනු කොළඹ නගරයේ වාහන තදබදය එක්කම මාර්ග අවහිරතාවයන් සිද්ධ වෙන හින්දා කොළඹ නගරයෙන් පිටතට ධාන්‍යාගාරය ගෙනියන්න තිරණය කෙරුවා. එ් නිසා 1980 දි ඔරුගොඩවත්තේ අළුතින් පිහිටවු මධ්‍යම ධාන්‍යාගාරයක් විවෘත කෙරුණා. 1916 ඉදලා ආණ්ඩුවේ හාල් ස්ටෝරුව නමින් අපි කවුරුත් හඳුන්වපු මේ චාමර්ස් ධාන්‍යාගාරය 1982 වර්ෂයේදි වහලා දැම්මා.
මේ චාර්මස් ධාන්‍යාගාරය විවෘත කිරිම පිළිබඳ සිහිවටනය නොරිස් පාරට නැත්නම් අපි අද හඳුන්වන ඕල්කට් මාවතට මුහුණලා ඉදිකරපු ඉදිරි තාප්පයේ කොරින්කියානු ගෘහ නිර්මාණ ශිල්පයට අයත් දැවැන්ත කුළුණු දෙකකට මැදිකරලා හදපු බිත්තිඵලකයේ CHARMERS GRANARY OPEND 11th MAY 1916 යන්න සටහන් කරලා තිබුණා. මේ සිහිවටනයත් 1994 දි ඕල්කට් මාවත පුළුල් කරද්දි කඩාදැම්මා. දැන් ඉතිං චාමර්ස් ධාන්‍යාගාරය තිබුනේ මෙතනයි කියන්න විතරයි පුළුවන්. ගිහිල්ලා බලන්න තරම් දෙයක් දැන් ඉතිරිවෙලා නෑ.
සියල්ල ඉවත් කරන්න කලින් ඇතුලට ගිහින් බලන්න ලැබීම වාසනාවක්
ReplyDeleteකොළඹ නැව්තොට කියන දුම්රිය ස්ථානය තිබුණේ මේක ඇතුලෙ නෙවෙයි. ඒක තියෙන්නේ ඛාන් ඔරලෝසු කණුව ලග වරායේ තාප්පයට මායිම්ව.
ReplyDeleteඔබ හරි. මට වැරදුනා. මම ඒක නිවැරදි කරන්නම්.ඔබ කියන ස්ථානයේ කුඩා ගොඩනැගිල්ලක් තිබුනා ඔරලෝසු රෙපයාර් කරන කඩ හා රේස් බුකි අතරේ. දැන් ඒ ගොඩනැගිල්ල තිබෙනවාදැයි දන්නේ නෑ.
Deleteඑක පට්ට.. තොරතුරු වලට ස්තුත්යි
ReplyDelete