මිට සියවසකට පෙර මරදාන ප‍්‍රදේශයේ කැලෑ රොදකින් වැසුනු පංචිකාවත්තේ වු මෙරෙඤඤෙගේ වත්තේ තමයි අපේ කොළොම්පුරේ පැරණි නෘත්‍ය ශාලා වලින් එකක්වු ටවර හෝල් එක හැදුනේ. රුපියල් පනහකට ගත්තු මෙරෙඤඤෙගේ වත්තේ ගොඩනැගුනු මේ ටවර් හොල් රඟහල රථවාහන අමතර කොටස් කඩ අතරේ අදටත් තම පැරණි ප්‍රෙෘඩත්වය පෙන්වමින් ඉන්නවා. යමුද මරදාන පැත්තේ ටවර් හොල් එකට ගොඩවැදිලා එන්න.
දහඅටවන සියවසේ අවසාන භාගයේ දි ගාල්ලේ උපන් දොන් හෙන්ද්‍රික් සිංඤෝ සෙනවිරත්න අප්පුහාමි කොළඹට ආවේ රස්සාවක් කරන්නයි. එයාට කවුරුත් කිව්වේ ලොකු අප්පුහාමි නමින්. ඔහු කරපු පළවෙනි රස්සාව වූනේ කාලේ ජනප‍්‍රිය ක‍්‍රීඩා භාණ්ඩයක්වු බමර කපා විකිණිමයි. කාලෙයක් එක එක ජාති වෙළෙඳ ව්‍යපාර කරපු පසු ඔහු පසුකාලේක පළාතේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූනා. ලොකු අප්පුහාමිගේ පැසෙන්ජර් යුනියන් නම් හෝටලය තමයි එ්කාලේ හොඳට ප‍්‍රසිද්ධ හොටලයක් විදිහට නම් දරාගෙන හිටියේ. ඒක පිහිටලා තිබුනේ දැන් ඇල්පින්ස්ටන් සිනමාහල තියෙන ස්ථානයේ තමයි. එ් හොටලයේ කලමණාකරු විදිහට හිටියේ බි. ජේ. පෙරේරා හෙවත් ජේමිස් අප්පුහාමි මහතායි. ජේමිස් අප්පුහාමි මරදානේ අභිනව නාට්‍ය සභාව නමින් නෘත්‍ය සමාගමක් පිහිටුවාගෙන තිබුණා. පැසෙන්ජ් යුනියන් හෝටලයට එහා පැත්තේ තාවකාලික ටකරන් මඩුවක් හදාගෙන එහි නාට්‍ය රඟ දක්වන්නට පටන්ගත්තා. දැනට මරදානේ ප්ලැට්ස් ගොඩනැගිල්ල පිහිටි භූමියේ නාගඩම් මඩුවක් ඉදිකරගත් ජේමිස් අප්පුහාමි සිංහල නෘත්‍ය සමාගම පිහිටුවා එහි නාඩගම් රඟ දැක්වුවා. එකාලේ රාති‍්‍ර නමයට පටන්ගත් නාඩගම පසුදා එළිවෙනතුරුම පෙන්වූවා.
දැනට ටවර් හෝල් පිහිටි භූමිභාගය අන්දර ගස් පෙළකින් මායිම් ව වල් බිහිවි ගිය කුඩා කඳුගැටයක් වූනා. 1909 දි දිගින් අඩි 250 ක් හා පළලින් අඩි125 ක් පමණ වූ පර්චස් 68 ක මේ මෙරෙඤඤෙගේ වත්ත නම්වු කඳුගැටය රුපියල් පනහකට මිලදිගත් හෙන්ද්‍රික් ලොකු අප්පුහාමි එහි කබොක් ගල් කප්පවා කන්ද සමතලා කෙරුවා.
දවසක් මේ හෙන්ද්‍රික් ලොකු අප්පුහාමි ජේමිස් අප්පුහාමි හා ආර් ජෝන් පෙරේරා කතාබහක වැටිලා හිටියා. තම මිලදිගත් මේ ඉඩමේ අශ්ව ඉස්තාලයක් හෝ කොප්පරා ගබඩාවක් හදන්නට හිතාගෙන ඉන්න බව ලොකු අප්පුහාමි කිව්වා. අපට දැන් අඩු පාඩුවකට තියෙන්නේ අංග සම්පුර්ණ නාට්‍ය ශාලාවක් නැති එක. නාට්‍ය ශාලාවක් හැදිමෙන් අපට සිංහල නාට්‍ය දියුණු කරවන්නට හැකියි ජේමිස් අප්පුහාමි කිව්වා. ජෝන් පෙරේරා ද මේ කතාව අනුමත කලා.
1910 දි ඉඩමේ සිව්කොන් සරසා වළවල් කපා පුන්කලස් හතරක පවුම් තුන බැගින් හා පස්ලෝ දමා කප් සිටෙව්වා. අනගාරික ධර්මපාලතුමන්, ඩි.එස්. සේනානායක, ඇෆ්.ආර්. සේනානායක, සර් ඩි.බි. ජයතිලක, නීතිඥ ජෝන්ද සිල්වා, වලිසිංහ හරිචන්ද්‍ර, පියදාස සිරිසේන, පොන්නම්බලම් රාමනාදන්, නීතිඥ චාල්ස් ඩයස් වැනි සම්භාවනිය අමුත්තන් අතින් මේ රඟහලේ වැඩ පටන්ගත්තා. කන්ද කපා ගන්නා ලද කබොක් ගල් වලින්ම රඟහල හදලා නිම කරන්නට අවුරුදු දෙකක්ම ගතවූනා. බොම්බායේ නාට්‍ය ශාලා ආකෘතියක් අනුගමනය කර ලන්ඩන් ටවර් ගෘහ නිර්මාණ ශිල්පියට අනුව යමින් රඟහල අභියස උස් ඔරලෝසු කණුවක්ද එකතුකලා. මේ ඔරලෝසු කණුව නිසාම රඟශාලාවට "ටවර් හෝල්" නම දැමුවා. නීතිඥ චාල්ස් ඩයස් මහතා තම මාමන්ඩියගේ රඟහල විවෘත කරනදා රාත‍්‍රියේ පෙන්වන්නට පණ්ඩුකාභය නම් ඓතිහාසික නාට්‍ය රචනා කළා. පණ්ඩුකාභය නාට්‍යයේ සින්දුවලට රාගතාල සැපයුවේ නීතිඥ ඩබ්ලිව්. සතාසිවම් මහතායි.
1911 දෙසැම්බර් 15 වෙනදා රාත‍්‍රියේ විද්‍යෝදය පිරිවේණාධිපති මහගොඩ ඥානේශ්වර නාහිමියන් ප‍්‍රමුඛ භික්ෂු සංඝයා සියයක් නමක් ශාලාව මැද විසිතුරු පිරිත් මණ්ඩප්පයක ඉදලා පිරිත් දේශනා කළා.
1911 දෙසැම්බර් 16 වෙනිදා උදාවුනේ මරදානටම එළියක් එක්කරවමින්. රඟහල විවෘත කරන්නට ආරාධනා ලැබුවේ ශී‍්‍රමත් අනගාරික ධර්මපාල තුමන්ට. උදේ හතට යෙදුණ ශූභ මුහුර්තියෙන් අනගාරික ධර්මපාලතුමා රිදිමය යතුරකින් මඟුල් බෙර සක්හඬ මැදින් ටවර් රඟහලේ ප‍්‍රධාන දොරටුව විවෘත කළා.
විවෘත කිරිමෙන් පස්සේ අනගාරික ධර්මපාලතුමා මෙසේ පැවසුවා.
"නාටකය හුදු විනා්දය සඳහාම කැප කළ යුතු නැත. මෙහි රඟදක්වන නාට්‍ය මඟින් සිංහල ජාතියෙත්, සම්බුද්ධ ශාසනයෙත් පුනරුද්දිප්තියක් ඇතිවේවායි මම ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි."
1911 දෙසැම්බර් 16 වැනිදා රාත‍්‍රියේ පණ්ඩුකාභය නාට්‍යයෙන් ටවර් රඟහල ආරම්භ විය. එදා නාට්‍යය පටන් ගත්තේ 9.30 දර්ශනයෙන්.හරියටම 9. 15 ට ආණ්ඩුකාර සර් හෙන්රි මැකලම් මහතා සහ මහමුදලි සර් සලමන් ඩයස් බණඩාරනායක මහතා සමග මහලේකම් පැමිණියා. දොන් හෙන්ද්‍රික් සිංඤෝ සෙනවිරත්න අප්පුහාමි ඔහුගේ පුතුන් වන ඇඞ්මන්ඞ් අර්වින් සහ ග‍්‍රැන්ඞ්විල් සෙනවිරත්න සහ බෑනණුවන් වන නීතිඥ චාල්ස් ඩයස්, කළමණාකාර බි.ජේ. පෙරේරා යන මහතුන් විසින් පිළිගනු ලැබුවා. නීතිඥ චාල්ස් ඩයස් මහතා පිළිගැනිමේ කතාව කෙරුවා. කළමණාකාර බි.ජේ. පෙරේරා මහත්තයා තමයි ස්තුති කතාව පැවැත්වූයේ.
රාත‍්‍රි 9.30 ට සීනුව නාද වීමත් එක්කම ලංකාවට ජාතික නාට්‍ය ශාලාවක් බිහිවුනා. පණ්ඩුනාභය නූර්තිය බලන්නට බැරිවුනු ගොඩාක් දෙනාට අපසු හැරියන්නටත් සිද්දවුනා. එ් නිසාම නාට්‍ය සතියක් පුරාවටම රඟදක්වන්නට සිද්ධවුනා.
ඉතිං මේ ටවර් හොල් එක 1911 ඉදන් 1931 දක්වාම තිබුනේ ලංකාවේ නූර්ති වේදිකාගතවන ප‍්‍රධාන රංඟශාලාව විදිහටයි. පසු කාලිනව සිංහල නාට්‍ය පෙන්විම අඩුවෙන්න ගත්තා. දොන් හෙන්ද්‍රික් සිංඤෝ සෙනවිරත්න අප්පුහාමි මිය ගියාට පස්සේ දරුවන් අතරේ අසමගියක් ඇතිවුනේ මේ රංඟ ශාලාව අයිතිය බෙදාගන්නයි. 1930 අවුරුද්දේ එෆ්. සි. ෆ‍්‍රෑන්ක් මහතා රුපියල් 2000 ක මාසික කුලියකට මේ ටවර් හෝල් එක බද්දට ගත්තා. එ් නිසා 1931 අගොස්තු මාසේ 29 දින දිනමිණ පත්තරේ මෙන්න මේ දැන්විම පළ කළා.
"මෙන්න ලංකාවේ චිත‍්‍ර දර්ශන හා නෘත්‍ය දර්ශන පිළිබඳ ශ්‍රේෂ්ඨකර සිද්ධිය. මරදානේ ටවර් චිත‍්‍ර හා නෘත්‍ය දර්ශන ශාලාව විවෘත විමේ දිනය බලාපොරොත්තු වන්න."
1931 සැත්තැම්බර් 12 වෙනිදා සයිරන් ඔෆ් බැග්ඩෑඞ් Siren of Baghdad නම් චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කලා. එ නිසා මේ ශාලාව චිත‍්‍රපට ප‍්‍රදර්ශන ශාලාවක් බවටත් පත්වූනා. චිත‍්‍රපට පෙන්විම විතරක් කරගෙන යද්දි අසරණ වෙච්චි නූර්ති ශිල්පින් කම්කරු නායක එ. ඊ.ගුණසිංහ මහතා හමුවෙලා තමන්ගේ අසරණභාවය ගැන කිව්වා. 1932දි ගුණසිංහ මහතා හා ෆ‍්‍රෑන්ක් මහතා අතර සාකච්ඡුාවකින් පස්සේ නූර්ති ශිල්පින්ගේ බලවත් ඉල්ලීම හින්දා සිකුරාදා රාති‍්‍ර නමයේ දර්ශනය පමණක් නූර්ති ප‍්‍රදර්ශණයට වෙන්කෙරුවා. මේ විදිහට චිත‍්‍රපට පෙන්වපු ටවර් හෝල් එක 1947 අපේ‍්‍රල් මාසේ සිලොන් තියටර්ස් සමාගම රුපියල් 125,000 කට මිලදිගත්තා. සිලොන් තියටර්ස් සමාගමේ අයිතිකරු කේ.ගුණරත්නම් මහත්තයා "ටවර් ටෝකීස් සමාගම " පිහිටවලා පුර්ණ කාලින චිත‍්‍රපට ශාලාවක් බවට පත්කෙරුවා.
ටවර් හෝල් එක රජයට පවරා ගන්න 1973 දි අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය කැබිනට් එකට ඉදිරිපත් කරපු සන්දේශයට ඇමති මන්ඩලයේ අනුමැතිය හිමිවූනා. 1978 වර්ෂයේදි අගමැති ආර් පේ‍්‍රමදාස මහතා මේ ටවර්හෝල් එක රජයට පවරාගත්තා. කැඩි බිදි ජරාවාස වෙමින් තිබුණු මේ රඟහල ආර් පේ‍්‍රමදාස මහතා විසින් ප‍්‍රතිසංස්කරණයෙන් පස්සේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් 1978 මාර්තු 15 දින නාට්‍ය ප‍්‍රදර්ශනයට විවෘත කළා.
1978 ඔත්තෝම්බර් මාසේ 19 වෙනිදා "ටවර් හෝල් රඟහල පදනම" පනත පාර්ලිමේන්තුවේදි සම්මත කරගත්තා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපති ධුරය හොබවන කාලේදි මේ රඟහල යළිත් වරක් නවිකරණයට පත්කරලා 2000 අගෝස්තු මාසේ 11 වෙනිදා නාට්‍ය ප‍්‍රදර්ශනයට විවෘත කළා. 2009 වර්ෂයේදි රඟහලේ සියවස වෙනුවෙන් පුර්ණ නවිකරණයකට පත්කරන්නට වැඩ ඇරඹුවා. ටවර් හෝල් රඟහලේ සියවස වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා හා සංස්කෘතික හා කලා කටයුතු ඇමති ටි. බි. එකනායක මහතා විසින් 2011 ජනවාරි 11 වෙනදා නවිකරණය කරපු රංඟ ශාලාව මහජනයාට විවෘත කිරිම කළා.
ඔය කාර් එකට අමතර කොටස් කෑල්ල දෙකක් ගන්න මරදාන පැත්තේ ආවොත් ටවර් හෝල් රඟහලටත් පොඞ්ඩක් ගොඩවෙන්න. නාට්ටියක් එහෙම බලලා එකේ පොඞ්ඩක් ඇවිදලා මම මේ කිව්ව ඉතිහාසෙත් මතකෙට ගන්න. රඟහල ඇතුලේ පොත් සාප්පුවක් එහෙම තියෙනවා. නාට්‍ය ගැන ලියැවුනු හොඳ පොත්පත් එහෙම මිළඳි ගන්න පුළුවනි. ටවර් හෝල් රඟහල පදනමෙන් නාට්‍ය විතරක් නොවෙයි ගොඩාක් දේවල් සිද්ධ කරනවා. ටවර් හෝල් රඟහල කියන්නේ නාට්‍ය රඟදැක්විමට කැපවු ප‍්‍රථම රංග ශාලාව විතරක් නොවෙයි ජාතික පුනරුදයට දායක වු සංස්කෘතික කෙන්ද්‍රස්ථානයක් බව අමතක කරන්න එපා.
ඉන්න ඉන්න තාම ඉවර නෑ. ඔය නිකං ලිපිය කියවලා විතරක් යන්න එපා ඔයාලගෙත් අදහස් ටිකත් පහලින් තියෙන කොමෙන්ටුවක දාලායන්න අමතක කරන්න එපා.
An excellent post. Thank you.
ReplyDeleteThankz Pra
Deleteමරදාන පුරා අවුරුදු 10 ක් තිස්සේ රවුම් ගැහුවත් කියන්න විලි ලැජ්ජයි ටවර් හෝල් එක වගේම එල්ෆිනිස්ටන් එකටත් සැරයකට දෙකකට වැඩිය ගොඩ වැදිලා නැති බව :(
ReplyDeleteටවර් හොල් ඇතුලට යන්න ඔනේ නට්‍ය බලන්න විතරක් නොමෙයි. ඇතුලේ පොත් සාප්පුවක් (මේකේ තියෙන පොත් ගහපු ප‍්‍රකාශකයෝ ගාවත් ගන්න නෑ.) කෞතුකාගාරයක් එහෙම තියෙනවා. ගිහිල්ලා බලන්න.
DeleteGreaat read
ReplyDelete