Wednesday, November 30, 2016

මුද්දර ලෝලීන්ට මුද්දර පොලක් “King of Hobbies and Hobby of Kings”


 


 


“King of Hobbies
and Hobby of Kings”


විනෝදාංශයක් විදිහට තැපැල් මුද්දර එකතුකරනා මුද්දරලෝලීන්ට පොඩි ආරංචියක් කියන්නයි  මේ යන්නේ. මේ අවුරුද්දේ තියෙන මුද්දර පොල කොළොම්පුරේ  මහ තැපැල් කාර්්‍යාලයේ මෙවරත් පැවැත්වෙනවා. දෙසම්බර් 2 වෙනිදා ආරම්භවෙන මේ මුද්දරපොලෙන්  මුද්දර මිලදි ගන්නත් පුළුවනි. එදා උදේ 9ට නොදුටු ශ‍්‍රී ලංකා "Unseen Sri Lanka"  නමින් රුපියල් 25 ක සමරු කාන්ඩයේ මුද්දර 12ක් නිකුත්වෙනවා. මේ මුද්දර පොල දෙසැම්බර් 4 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි ආරංචිය. 4 වෙනිදා නත්තල වෙනුවෙන්  නිකුත් කරන නිල සමරු මුද්දරය කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුරේදි නිකුත් කරනවා. ඉතිං වෙලාව පොඩ්ඩක් ඉතුරුකරගත්තා නම් දුවලා පුතාලා සමගින් කොළඹ ඩි. ආර්. විජේවර්ධන මාවතේ තියෙන මහ තැපැල් කාර්්‍යාලය පැත්තේ ගිහිල්ලා මුද්දර ටිකක් බලලා හරි එන්න. මතක තියා ගන්න ඇතුල්විම නොමිලේ. 

 

8 comments:

  1. පොඩි කාලෙනං ඔය මුද්දර සෙල්ලම කලා. දැන්නං ඒව අතෑරල දාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ඒවා තාම අතහැරගන්න බෑ. ඒ නිසා කරගෙන යනවා.

      Delete
  2. මන් ගාවත් මුද්දර 5000කට වැඩිය තියෙනවා... පුදුම ආසාවකින් මුද්දර එකතු කරේ...

    ReplyDelete
    Replies
    1. Stamp collector කෙනෙක් අදුනගන්න ලැබිමත් බොහෝම සංතෝෂයි.

      Delete
  3. පොඩි කාලේනම් මන් ගාවත් පොතක් තිබුණා,සුනාමියට ගියා,ඊට පස්සෙ එපාවුණා

    ReplyDelete
  4. අපරාදේ ගොඩාක් වටිනා එවත් තිබුනාද? ආයෙමත් ආරම්භයක් ගන්නත් එක්ක ප‍්‍රදර්ශනේ පැත්තේ යන්න.

    ReplyDelete
  5. mage laga muddara one million walata wada tiyenawa.

    ReplyDelete
    Replies
    1. මුද්දර ගැන බ්ලොග් එකක් ලිව්වොත් නරකද?

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...