Posted: 16 Sep 2019 04:19 AM PDT
අප සමාගමේ අනෙකුත් නෞකාවන් සේ පේදුරු තුඩුවෙන් බඩු බෑමක් මා සිටි නෞකාවේ සිදු නොවුයේ අපට රැගෙන ආවේ ති‍්‍රකුණාමලය වරායේ සිට පාන් පිටි පමනක් බැවිනි. යලි ති‍්‍රකුණාමලය වෙත යාත‍්‍රා කරන්නට ප‍්‍රථම අපහට තවත් වැඩක් පැවිරුනි. පේදුරුතුඩුවේ වරායක් හෝ නැව් නැවැත්විමේ ජැටියක් නොතිබුනු හෙයින් එහි බඩු බෑමේ කි‍්‍රයාවන් සිදුකලේ බත්තල් (Barge) හරහායි. මේ බත්තල් නැව වෙත ඇදගෙන ආවේ ලීයෙන් ශක්තිමත්ව සෑදු තරමක් විශාල මාලු බොට්ටු වලිනි.
මුහුද රළු කාලයන් හිදි බත්තල් ඇදිමට බොට්ටු දෙකක් හෝ තුනක් යොදාගන්නවා පසු කාලයකදි දැක ගන්නට හැකිවුනි. බත්තල් බද (Hull) දිරායාම නිසා ඇතුලට මුහුදු ජලය වැස්සිම එහි ආයුකාලය ඉක්මනින් අවසන්විමට හේතුවිය. ත‍්‍රස්තවාදි යුධ කාලයේ නිසා එම බත්තල්හි අලුත්වැඩියා කටයුතු කිරිමට කිසිවෙකු පේදුරු තුඩුවේ නොසිටිමත් නිසා බත්තල ඇදගෙන ආපසු ති‍්‍රකුණාමලය වරායට රැගෙන එම සිදුකල යුතුවිය. කොඩ් බේ හි (Cod - Bay ) බත්තල් අලුත්වැඩියා කරනා ස්ලිප් වේ (Slip way) එකක් තිබුනි. දිරාගිය බත්තලක් ඇදගෙන එමේ කටයුත්තක් පැවරුනු නිසා කවුරුත් සිටියේ තරමක කලබලයකිනි. බත්තල ඇදගෙන යාම සදහා කඹ හා වයර් සුදානම් කරගැනිම නැවියන්ගේ කාර්‍යභාරයක් විය. නෞකාව කන්කසන්තුරයෙන් පිටත්ව පේදුරුතුඩුව වෙත ලගාවිය. පේදුරුතුඩුවෙ නොගැඹුරු මුහුදු තිරයට පැමිණි පසුව නැංගුරම් දැම්මේ බත්තල රැගෙන එනතෙක්ය. පේදුරුතුඩුවේ ප‍්‍රදිපාගාරය ඈතින් දිස්වෙද්දි ඈත ගොඩබිමේ සිට මාලු බොට්ටුවක් අප දෙසට යාත‍්‍රාකරන්නට විය. මාලු බොට්ටුවට කඹයකින් ඈදාගත් බත්තල නැව ලගට එන්නටත් බොහෝ වේලාවක් ගතවුනි. කඹ දෙකක් (Mooring Rope) හා දොඹකර සදහා යොදගන්නා වානේ වයරයක්ද (Steel Wire Rope) දමා බත්තලේ තිබු බොලාඩ්යකට (Bollard) හොදින් බැදගන්නට පෙර සුදානම් කරගෙන තිබුනි. නැව ආසන්නයට ගත් බත්තලයට ගොඩවුයේ එඩිසන් නම්වු (AB- Able Bodied Seaman))නැවියාත් පැස්සුම්කරුවු චමින්දත් පමණි. මුහුදු රළට උඩ පහල යන බත්තලේ ඔවුන් සිටියේ බොහෝ අපහසුවෙනි. ඉදහිට නැග එන විසල් රළගෙඩිවලට හසුවන බත්තල නැව් බදේ හැපෙන්නේ විශාල හඬක් නංවමිනි. වමනය දමමින් ඉතා අපහසුවෙන් සිටි පෑස්සුම්කරු චමින්ද කෙසේ හෝ දොඹකර වයරය ගැලවි නොඑන ලෙසින් බොලාඩයට යකඩ කලම්පයක් (Clamp) පාස්සා ගන්නට පුලුවන් විය. බත්තලක් මුහුදේ ඇදගෙන ඒම මහා මාර්ගයක කැඩුනු වාහනයක් ඇදගෙන යාමක් තරම් පහසු කාර්්‍යයක් නොවන බව වැටහුනේ මෙහිදිය. සියළු වැඩ අවසන්ව අප ආපසු ගමන් ආරම්භ කලෙමු. ඇදගෙන යන කඹ සියල්ලම පුලුවන් තරම් ලිහිල් කර බත්තල නෞකාවෙන් බොහෝ ඈතින් තබා ගන්නට නිලධාරින්ගෙන් අණ ලැබුනි. කිසිවෙකුට නෞකාවේ පිටුපස පෙදෙසට යෑම තහනම් කලේ හදිසියේවත් බැද තිබු කඹයක් කැඩිගියහොත් ආපසු කැරකි එන කඹය වැදිමෙන් ජිවිත හානිවන තරම් බරපතල අනතුරක් වියහැකි බැවිනි. ගමන ආරම්භ කල පලමු දින දෙකහිදි මුහුදේ වැඩි කලබලයක් නොතිබුනි. ටිකෙන් ටික අපට රිද්දන්නට මෙන් මුහුද රළුවන්නට විණි.
තුන්වන දිනයේදි බැදතිබු එක කඹයක් කැඩිගියේ මුහුදේ රළුබව උසුලාගත නොහැකිවය. අනෙක් කඹයද කැඩිගියහොත් ඇතිවන තත්වය ගැන නොසලකා අවධානමක් නොගෙන කැඩුනු කඹය නැව් තට්ටුවට ඇද ගන්නට ප‍්‍රධාන නිලධාරියාගෙන් අණ ලැබින. යම් හෙයකින් කැඩුන කඹය නෞකාවේ අවර පෙත්තේ එතුනොත් සිදුවන්නේ තවත් විනාසයකි. පේදුරු තුඩුවෙන් පසුව ති‍්‍රකුණාමලය තෙක් මුලතිව් ඇතුලු මුහුදු තිරය තිබුනේ මුහුදු කොටි ත‍්‍රස්තයන්ගේ අණසක යටතේය. කිමිදුම්කරුවෙකු යොදා එතුන කඹය කපා අවරපෙත්ත මුදවාගෙන මිස යාත‍්‍රා කලහැකිවන්නේ නැත. කිසිවෙකුටත් අතුරුආන්තරාවක් නැතිව කඹය ඇදගන්නට හැකිවුනි. හතරවන දිනය උදාවි පැය කිහිපයකින් දෙවන කඹයද කැඩි ගියේය. දැන් බත්තල රැදි තියෙන්නේ වානේ වයරය මගිනි. කපිතාන් හා ප‍්‍රධාන නිලධාරියා තීරණය කලේ බත්තල නැව ලගට ඇදගෙන ආපසු කඹය දමාගතයුතු බවය. වයරය කැඩි ගියහොත් බත්තල මහ මුහුද මැද අතහැර දමන්නට සිදුවේ. මහසයුර මැද නෞකාව නවත්වා කැප්ස්ටනය මගින් වයරය අදිමින් කෙසේ හෝ බත්තල නැව ලගට අරගත යුතු බවටත් ඉන් පසුව ආපසු කඹ දෙක සවිකල යුතු බවට ඔවුන්ගේ තීරණය විය. කපිතාන්ගේ තීරණයට විරුද්ධවන්නට කිසිවෙකු ඉදිරිපත්වුයේ නැත. කැප්ස්ටනයට මගින් වානේ වයරයක් ඇදිම කඹයක් අදිනවාට වඩා අසීරු කාර්්‍යයක්වේ. මේ කි‍්‍රයාවේ භයානකම දැන සිටියත් සියල්ලන්ම එකාවන්ව එකතුවුයේ බත්තල ලගට ඇද ගැනිමේ සටනටය. බත්තල ඇදගනිද්දි වානේ වයරය කැඩි ගියහොත් සිදුවන්නේ මහා විනාසයකි. එහෙත් නැවියන්ගේ ජිවිත ගැන කිසිවෙකු තැකිමක් කලේ නැත. වානේ වයරය කැප්සටනයේ එතෙන්නේ නැත. එය ග‍්‍රිස් ගැවුනාක් මෙන් ලිස්සා යන්නට වුනි. එහෙත් කිසිවෙකුත් පසු බැස්සේ නැත. දෙපැයක් පමණ වෙහෙස වි බත්තල නැව ලගට ඇදගත්තද එයට ගොඩවි කඹ ගැටගසන්නට හැකි තත්වයක් නොවිය. කුලප්පුවු මිමෙකු සේ මුහුදු රළින් වියරු වැටුනු බත්තල නැව් බදට පහරදෙන්නටවුයේ මුලු නෞකාවම දෙදරවාලමිනි. අවසානයේ කලයුතු කිසිවක් නොවුන තැන වයරය ආපසු මුදාහැර ති‍්‍රකුණාමලය තෙක් වයරය මගින් ඇදගෙන යන්නට තිරණය කෙරුනි. මේ කි‍්‍රයාවලියේදි කිසිවෙකුටත් අනතුරක් නොවුනේ හාස්කමකින් වාගේය. නෞකාවේ වේගය තවත් අඩුකරලන්ට සිදුවුයේ අවසන් වානේ වයරයද නොකඩාගෙන ඉන්නටය. කෙසේ හෝ බත්තල ත‍්‍රිකුණාමලය වරාය තෙක් රැගෙන යන්නට අපට හැකිවුනි.
ආධුනිකයින්ගේ දිනචර්්‍යාවේ කොටසක්වු උදෑසන පවිත‍්‍රතා කිරිමේ වැඩ මාහටද පැවරි තිබුනි. වෙල්ඩර් හෙල්පර් ලෙසින් කටයුතු කරනා දිනවලදි සියලුම ඩෙරික් විංචි (Derrick Winch) ආශි‍්‍රතව වැස්සුනු හයිඩ්‍රොලික් තෙල් පිස දැමිමයි. වරායේ බඩු පැටවිම හා බෑම් (Cargo Loading -Unloading) සිදු කරනා දිනවලදි වංචි වලින් වෑස්සෙන තෙල් ප‍්‍රමානය ඉහල යයි. තෙල් පිසදැමිම අප‍්‍රසන්න වෙන්නේ දොඹකර ක‍්‍රියාකරවන්නන් ගේ බුලත් කෙල හා හපය මේ වෑස්සුනු තෙල් ගොඩේ පාවෙමින් තිබෙන විටදීය. රාත‍්‍රි ෙදාලහේ පැයේ සිට පාන්දර හතරවනතෙක් වොච් ඩියුටියට මාරුවිම සිදුවු පසුව උදෑසනට මේ විංචි පිස දැමිම මාහට කරන්නට නොහැකිවුනි. පාන්දර හතරවන තෙක් වෙච් ඩියුටිය කරන මාහට උදෑසන ආහාරය ගන්නට යළි අවදිවිමක් නොමැතිව නිදාගන්නට ලැබෙයි. යළි මා අවදිවන්නේ එකෝලහට පමණය. දින කිහිපයකින් පිසනොදැමු නිසා විංචි අතර තෙල් පිරි ගලායන්නට පටන් ගත්තේය. මෙය ඩෙක් අංශයේ කාගෙන්දෝ පැමිණිල්ලක් ලෙසින් ප‍්‍රධාන නිලධාරියාටත් ඉන් අනතුරුව ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාටත් ගියේය. ඉන් අනතුරුව සිදුවුයේ මාහට හොදහැටි දොස් මුරයක් අහන්නටත් පිටාර ගලාගිය තෙල් පිසදමන්නට විශාල වෙහෙසක් දරන්නටත් විමයි. දොළහ හතර ඩියුටිය කරන්නා උදේ හතට යලි ඇහැරි තෙල් පිස දමන්නට බැරි වගක් කිසිවෙකුටත් මතක්වුයේ නැත. එසේ කීවත් එයට පිලියමක් යෙදුවේවත් නැත. එබැවින් පාන්දර හතරට ඩියුටිය අවසන්වු වහාම රෙදිකැබිලි පිරවු බාල්දියත් රැගෙන නෞකාවේ ඉදිරියට දිව යන්නේ හැකි ඉක්මනින් තෙල් පිසදමා පැමින නිදා ගන්නටය. සමහර දිනවලදි නැවේ පැද්දිල්ලත් සමගින් තෙල් පිටාර ගැලිම වැඩිවි ගොසිනි.
කෑලි කැපිය හැකි දැඩි අදුරේ විදුලි පන්දමක් අතැතිව නැවේ ඉදිරියට ගොස් හැකි උපරිමයෙන් හා ඉක්මනින් පිසදමා එන්නට පටන් ගතිමි. සති දෙකක් පමණ තෙල් පිසදමිල්ල කරගෙන ආවත් හදිසියේම මේ වැඩය නවතා දමන්නට සිදුවුනි. ත‍්‍රස්තවාදින්ගේ අඩවියන් ආසන්නයේදි නැවේ සියලු විදුලි පහන් නිවා දමා ඉතාමත් හොර රහසේ යාත‍්‍රාකරන්ට අප සමාගමේ නෞකාවන් පෙලබි සිටියහ. එක් දිනකදි විංචි පිසදමද්දි මාගේ විදුලි පන්දම් එළිය නැවේ විල් හවුසියේ සිටි කැප්ටන්ගේ ඇසට අසුවිය. මාගේ වාසනාවට දෝ පාන්දර අවදි නොවන කැප්ටන් එදින විල් හවුසියට පැමිණ තිබුණි. වැඩය නවත්වා වහාම විල් හවුසියට පැමිනෙන ලෙසින් ඔඑස් කෙනෙකු දැන්වුයේ නැවේ මැද තිබු මාස්ට් හවුස් හි තෙල් පිස දමමින් සිටි අතරතුරේදිය.
දෑත්වල තැවරුනු තෙල් පිසදමමින් විල්හවුසියට ගොඩවු මාහට කැපිටන් කඩා පැන්නේය.
”තමුසේ මොනවාද ඩෙක් එකේ කරන්නේ?”
”තෙල් පිහිදානවා සර්”
”කවුද තමුසෙට මේ වේලාවේ ඔය වැඩේ කරන්න කිව්වේ?”
”විංචිවල ලික්වෙච්චි තෙල් පිහිදාන එක මගේ මොනිං ක්ලිනිං ඩියුටිය.”
”ඉතිං අයිසේ මේ වෙලාවේ?”
”මමයි ටුවෙල් ටු ෆෝ වොච් එක කරන්නේ එක ඉවරවෙලා තමයි මේ.”
”තමුසේ දන්නේ නැද්ද අපි ඉන්නේ ටෙරරිස්ට් එරියා එකක කියලා. ටොර්ච් එලිය වුනත් ඇති අපේ නැව ටාගට් වෙන්න. අනික තමුසේ මුහුදට වැටුනත් කවුරුවත් දන්නේ නෑ. යනවා. යනවා ගිහින් නිදා ගන්නවා.”
කැප්ටන්ගේ ගොරනාඩුවෙන් පසුව ඉතිරි විංචි පිසදැමිල්ල පසෙක දමා නිදියන්නට හැකිවුනි.
”ආ බං උඹ මහ පාන්දර විංචි ක්ලින් කරන්න ගියා කියන්නේ ඇත්තද?”
දිවා ආහාරය ගන්නට ගැලියට ගියවිට කුක් මාගෙන් විමසීය.
”ඉතිං ඔක අහන්න දෙයක්ද අද විතරක් නොවෙයි මේ දිගටම කරගෙන ආවෙත් පාන්දර තමයි.”
මා ගනනට නොගෙනම පැවසුවෙමි.
දහවල් වන විට මේ සිද්දිය ලැව් ගින්නක් සේ පැතිරගොස් නැවේ සිටි හැම දෙනාම දැන ගෙන සිටියහ. කිහිප දෙනෙකු මේ පිලිබදව මාගෙන් ඇසුවේ නොහොබිනා වැඩක් කර අසුවෙකු සේ මා සමච්චලයට පත් කිරිමේ අභිලාෂය ඇතිවය.
එහෙත් මාගේ ප‍්‍රති පිලිතුරින් ඔවුන්ගේ අභිප‍්‍රායයන් හරිගියේ නැත.
එහෙත් දහවල් ආහාරය ගෙන ඩියුටියට යන්නට පෙර ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගෙන් කැදවිමක් ලැබින. ඔහු නිලධාරින්ගේ මෙස් කාමරයේ රැදි සිටියේය.
”ඇයි පාන්දර ක්ලින් කරන්න ගියේ? කවුද එහෙම කරන්න කිව්වේ?”
කිසිම දෙයක් නොදන්නා අයකුසේ ඔහු මාගෙන් ප‍්‍රශ්න කරයි.
”ඇයි චීෆ් ක්ලීන් කරලා නෑ කියලා මට බැන්නේ. ඉතිං ටුවෙල්ටු ෆෝ කරලා මට කරන්න පුලුවන් මේ වෙලාවට තමයි.”
කර කියා ගන්න දෙයක් නැතිව ටිකක් වේලා මා දිහා බලා සිටිය ඔහු.
”ඒවුනාට තමුසේ මහා මෝඩයෙක් වාගේ වැඩ කරන්නේ. මිට පස්සේ කල්පනා කරලා වැඩ කරනවා.”
ආධුනිකයින් යනු වැඩ ඉගෙන ගන්නට ආ තැනැත්තන් මිස සතුන් සේ මරව මරවා වැඩ ගන්නට පුලුවන් පිරිසක් නොවේ. මාගේ ඩියුටි වැටෙන වේලාව අනුව විංචි පිසදමන්නට වෙනත් වේලාවක් නොමැති නම් කලයුත්තේ වෙනත් වැඩක් පැවරිම මිස කෙසේ හෝ කලයුතු බව පවසමින් බැන වැදිම නොවිය. මාහට පැවරු රාජකාරිය නිසි ආකාරයෙන් සියලු අපහසුතා මධ්‍යයේවුවද ඉටුකලෙමි. මෝඩයා මාද ඔහුද යන්න මේ ලිපිය කියවන ඔබට බාර කරමි.
කෙසේ හෝ කැප්ටන්ගෙන් දෝෂාරෝපනය එල්ලවු අතර ඉන් පසුව ප‍්‍රධාන එන්ජිනේරුවරයා මාගේ උදෑසන පිරිසිදු කිරිම වෙනස් කලේය. ඒ කඩ්ඩා විසින් කරගෙන ආ නානකාමර හා වැසිකිලි දෙක සෝදා පිරිසිදු කිරිමට මාහාට පැවරිමයි. මෙය මාහට පැවරිමත් සමගින් ඩෙක් අංශයේ බක සිල්වාත් එඩිසන් ඇතුලු මාගේ සතුරන් කිහිප දෙනෙක් සතුටුවන අයුරු දැක ගන්නට හැකිවුනි.
පේදුරුතුඩුවේ ප‍්‍රදිපාගාරය |
බත්තල් නැව වෙත ඇදගෙන ආවේ ලීයෙන් ශක්තිමත්ව සෑදු තරමක් විශාල මාලු බොට්ටු වලිනි |
මුහුද රළු කාලයන් හිදි බත්තල් ඇදිමට බොට්ටු දෙකක් හෝ තුනක් යොදාගන්නවා පසු කාලයකදි දැක ගන්නට හැකිවුනි. බත්තල් බද (Hull) දිරායාම නිසා ඇතුලට මුහුදු ජලය වැස්සිම එහි ආයුකාලය ඉක්මනින් අවසන්විමට හේතුවිය. ත‍්‍රස්තවාදි යුධ කාලයේ නිසා එම බත්තල්හි අලුත්වැඩියා කටයුතු කිරිමට කිසිවෙකු පේදුරු තුඩුවේ නොසිටිමත් නිසා බත්තල ඇදගෙන ආපසු ති‍්‍රකුණාමලය වරායට රැගෙන එම සිදුකල යුතුවිය. කොඩ් බේ හි (Cod - Bay ) බත්තල් අලුත්වැඩියා කරනා ස්ලිප් වේ (Slip way) එකක් තිබුනි. දිරාගිය බත්තලක් ඇදගෙන එමේ කටයුත්තක් පැවරුනු නිසා කවුරුත් සිටියේ තරමක කලබලයකිනි. බත්තල ඇදගෙන යාම සදහා කඹ හා වයර් සුදානම් කරගැනිම නැවියන්ගේ කාර්‍යභාරයක් විය. නෞකාව කන්කසන්තුරයෙන් පිටත්ව පේදුරුතුඩුව වෙත ලගාවිය. පේදුරුතුඩුවෙ නොගැඹුරු මුහුදු තිරයට පැමිණි පසුව නැංගුරම් දැම්මේ බත්තල රැගෙන එනතෙක්ය. පේදුරුතුඩුවේ ප‍්‍රදිපාගාරය ඈතින් දිස්වෙද්දි ඈත ගොඩබිමේ සිට මාලු බොට්ටුවක් අප දෙසට යාත‍්‍රාකරන්නට විය. මාලු බොට්ටුවට කඹයකින් ඈදාගත් බත්තල නැව ලගට එන්නටත් බොහෝ වේලාවක් ගතවුනි. කඹ දෙකක් (Mooring Rope) හා දොඹකර සදහා යොදගන්නා වානේ වයරයක්ද (Steel Wire Rope) දමා බත්තලේ තිබු බොලාඩ්යකට (Bollard) හොදින් බැදගන්නට පෙර සුදානම් කරගෙන තිබුනි. නැව ආසන්නයට ගත් බත්තලයට ගොඩවුයේ එඩිසන් නම්වු (AB- Able Bodied Seaman))නැවියාත් පැස්සුම්කරුවු චමින්දත් පමණි. මුහුදු රළට උඩ පහල යන බත්තලේ ඔවුන් සිටියේ බොහෝ අපහසුවෙනි. ඉදහිට නැග එන විසල් රළගෙඩිවලට හසුවන බත්තල නැව් බදේ හැපෙන්නේ විශාල හඬක් නංවමිනි. වමනය දමමින් ඉතා අපහසුවෙන් සිටි පෑස්සුම්කරු චමින්ද කෙසේ හෝ දොඹකර වයරය ගැලවි නොඑන ලෙසින් බොලාඩයට යකඩ කලම්පයක් (Clamp) පාස්සා ගන්නට පුලුවන් විය. බත්තලක් මුහුදේ ඇදගෙන ඒම මහා මාර්ගයක කැඩුනු වාහනයක් ඇදගෙන යාමක් තරම් පහසු කාර්්‍යයක් නොවන බව වැටහුනේ මෙහිදිය. සියළු වැඩ අවසන්ව අප ආපසු ගමන් ආරම්භ කලෙමු. ඇදගෙන යන කඹ සියල්ලම පුලුවන් තරම් ලිහිල් කර බත්තල නෞකාවෙන් බොහෝ ඈතින් තබා ගන්නට නිලධාරින්ගෙන් අණ ලැබුනි. කිසිවෙකුට නෞකාවේ පිටුපස පෙදෙසට යෑම තහනම් කලේ හදිසියේවත් බැද තිබු කඹයක් කැඩිගියහොත් ආපසු කැරකි එන කඹය වැදිමෙන් ජිවිත හානිවන තරම් බරපතල අනතුරක් වියහැකි බැවිනි. ගමන ආරම්භ කල පලමු දින දෙකහිදි මුහුදේ වැඩි කලබලයක් නොතිබුනි. ටිකෙන් ටික අපට රිද්දන්නට මෙන් මුහුද රළුවන්නට විණි.
ගොඩට ගත් බත්තලක් |
තුන්වන දිනයේදි බැදතිබු එක කඹයක් කැඩිගියේ මුහුදේ රළුබව උසුලාගත නොහැකිවය. අනෙක් කඹයද කැඩිගියහොත් ඇතිවන තත්වය ගැන නොසලකා අවධානමක් නොගෙන කැඩුනු කඹය නැව් තට්ටුවට ඇද ගන්නට ප‍්‍රධාන නිලධාරියාගෙන් අණ ලැබින. යම් හෙයකින් කැඩුන කඹය නෞකාවේ අවර පෙත්තේ එතුනොත් සිදුවන්නේ තවත් විනාසයකි. පේදුරු තුඩුවෙන් පසුව ති‍්‍රකුණාමලය තෙක් මුලතිව් ඇතුලු මුහුදු තිරය තිබුනේ මුහුදු කොටි ත‍්‍රස්තයන්ගේ අණසක යටතේය. කිමිදුම්කරුවෙකු යොදා එතුන කඹය කපා අවරපෙත්ත මුදවාගෙන මිස යාත‍්‍රා කලහැකිවන්නේ නැත. කිසිවෙකුටත් අතුරුආන්තරාවක් නැතිව කඹය ඇදගන්නට හැකිවුනි. හතරවන දිනය උදාවි පැය කිහිපයකින් දෙවන කඹයද කැඩි ගියේය. දැන් බත්තල රැදි තියෙන්නේ වානේ වයරය මගිනි. කපිතාන් හා ප‍්‍රධාන නිලධාරියා තීරණය කලේ බත්තල නැව ලගට ඇදගෙන ආපසු කඹය දමාගතයුතු බවය. වයරය කැඩි ගියහොත් බත්තල මහ මුහුද මැද අතහැර දමන්නට සිදුවේ. මහසයුර මැද නෞකාව නවත්වා කැප්ස්ටනය මගින් වයරය අදිමින් කෙසේ හෝ බත්තල නැව ලගට අරගත යුතු බවටත් ඉන් පසුව ආපසු කඹ දෙක සවිකල යුතු බවට ඔවුන්ගේ තීරණය විය. කපිතාන්ගේ තීරණයට විරුද්ධවන්නට කිසිවෙකු ඉදිරිපත්වුයේ නැත. කැප්ස්ටනයට මගින් වානේ වයරයක් ඇදිම කඹයක් අදිනවාට වඩා අසීරු කාර්්‍යයක්වේ. මේ කි‍්‍රයාවේ භයානකම දැන සිටියත් සියල්ලන්ම එකාවන්ව එකතුවුයේ බත්තල ලගට ඇද ගැනිමේ සටනටය. බත්තල ඇදගනිද්දි වානේ වයරය කැඩි ගියහොත් සිදුවන්නේ මහා විනාසයකි. එහෙත් නැවියන්ගේ ජිවිත ගැන කිසිවෙකු තැකිමක් කලේ නැත. වානේ වයරය කැප්සටනයේ එතෙන්නේ නැත. එය ග‍්‍රිස් ගැවුනාක් මෙන් ලිස්සා යන්නට වුනි. එහෙත් කිසිවෙකුත් පසු බැස්සේ නැත. දෙපැයක් පමණ වෙහෙස වි බත්තල නැව ලගට ඇදගත්තද එයට ගොඩවි කඹ ගැටගසන්නට හැකි තත්වයක් නොවිය. කුලප්පුවු මිමෙකු සේ මුහුදු රළින් වියරු වැටුනු බත්තල නැව් බදට පහරදෙන්නටවුයේ මුලු නෞකාවම දෙදරවාලමිනි. අවසානයේ කලයුතු කිසිවක් නොවුන තැන වයරය ආපසු මුදාහැර ති‍්‍රකුණාමලය තෙක් වයරය මගින් ඇදගෙන යන්නට තිරණය කෙරුනි. මේ කි‍්‍රයාවලියේදි කිසිවෙකුටත් අනතුරක් නොවුනේ හාස්කමකින් වාගේය. නෞකාවේ වේගය තවත් අඩුකරලන්ට සිදුවුයේ අවසන් වානේ වයරයද නොකඩාගෙන ඉන්නටය. කෙසේ හෝ බත්තල ත‍්‍රිකුණාමලය වරාය තෙක් රැගෙන යන්නට අපට හැකිවුනි.
නැවක ඩෙරික් එකක් (Derrick ) |
ආධුනිකයින්ගේ දිනචර්්‍යාවේ කොටසක්වු උදෑසන පවිත‍්‍රතා කිරිමේ වැඩ මාහටද පැවරි තිබුනි. වෙල්ඩර් හෙල්පර් ලෙසින් කටයුතු කරනා දිනවලදි සියලුම ඩෙරික් විංචි (Derrick Winch) ආශි‍්‍රතව වැස්සුනු හයිඩ්‍රොලික් තෙල් පිස දැමිමයි. වරායේ බඩු පැටවිම හා බෑම් (Cargo Loading -Unloading) සිදු කරනා දිනවලදි වංචි වලින් වෑස්සෙන තෙල් ප‍්‍රමානය ඉහල යයි. තෙල් පිසදැමිම අප‍්‍රසන්න වෙන්නේ දොඹකර ක‍්‍රියාකරවන්නන් ගේ බුලත් කෙල හා හපය මේ වෑස්සුනු තෙල් ගොඩේ පාවෙමින් තිබෙන විටදීය. රාත‍්‍රි ෙදාලහේ පැයේ සිට පාන්දර හතරවනතෙක් වොච් ඩියුටියට මාරුවිම සිදුවු පසුව උදෑසනට මේ විංචි පිස දැමිම මාහට කරන්නට නොහැකිවුනි. පාන්දර හතරවන තෙක් වෙච් ඩියුටිය කරන මාහට උදෑසන ආහාරය ගන්නට යළි අවදිවිමක් නොමැතිව නිදාගන්නට ලැබෙයි. යළි මා අවදිවන්නේ එකෝලහට පමණය. දින කිහිපයකින් පිසනොදැමු නිසා විංචි අතර තෙල් පිරි ගලායන්නට පටන් ගත්තේය. මෙය ඩෙක් අංශයේ කාගෙන්දෝ පැමිණිල්ලක් ලෙසින් ප‍්‍රධාන නිලධාරියාටත් ඉන් අනතුරුව ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාටත් ගියේය. ඉන් අනතුරුව සිදුවුයේ මාහට හොදහැටි දොස් මුරයක් අහන්නටත් පිටාර ගලාගිය තෙල් පිසදමන්නට විශාල වෙහෙසක් දරන්නටත් විමයි. දොළහ හතර ඩියුටිය කරන්නා උදේ හතට යලි ඇහැරි තෙල් පිස දමන්නට බැරි වගක් කිසිවෙකුටත් මතක්වුයේ නැත. එසේ කීවත් එයට පිලියමක් යෙදුවේවත් නැත. එබැවින් පාන්දර හතරට ඩියුටිය අවසන්වු වහාම රෙදිකැබිලි පිරවු බාල්දියත් රැගෙන නෞකාවේ ඉදිරියට දිව යන්නේ හැකි ඉක්මනින් තෙල් පිසදමා පැමින නිදා ගන්නටය. සමහර දිනවලදි නැවේ පැද්දිල්ලත් සමගින් තෙල් පිටාර ගැලිම වැඩිවි ගොසිනි.
Derrick Winch |
දෑත්වල තැවරුනු තෙල් පිසදමමින් විල්හවුසියට ගොඩවු මාහට කැපිටන් කඩා පැන්නේය.
”තමුසේ මොනවාද ඩෙක් එකේ කරන්නේ?”
”තෙල් පිහිදානවා සර්”
”කවුද තමුසෙට මේ වේලාවේ ඔය වැඩේ කරන්න කිව්වේ?”
”විංචිවල ලික්වෙච්චි තෙල් පිහිදාන එක මගේ මොනිං ක්ලිනිං ඩියුටිය.”
”ඉතිං අයිසේ මේ වෙලාවේ?”
”මමයි ටුවෙල් ටු ෆෝ වොච් එක කරන්නේ එක ඉවරවෙලා තමයි මේ.”
”තමුසේ දන්නේ නැද්ද අපි ඉන්නේ ටෙරරිස්ට් එරියා එකක කියලා. ටොර්ච් එලිය වුනත් ඇති අපේ නැව ටාගට් වෙන්න. අනික තමුසේ මුහුදට වැටුනත් කවුරුවත් දන්නේ නෑ. යනවා. යනවා ගිහින් නිදා ගන්නවා.”
කැප්ටන්ගේ ගොරනාඩුවෙන් පසුව ඉතිරි විංචි පිසදැමිල්ල පසෙක දමා නිදියන්නට හැකිවුනි.
මල පැනපු කැප්ටන් |
”ආ බං උඹ මහ පාන්දර විංචි ක්ලින් කරන්න ගියා කියන්නේ ඇත්තද?”
දිවා ආහාරය ගන්නට ගැලියට ගියවිට කුක් මාගෙන් විමසීය.
”ඉතිං ඔක අහන්න දෙයක්ද අද විතරක් නොවෙයි මේ දිගටම කරගෙන ආවෙත් පාන්දර තමයි.”
මා ගනනට නොගෙනම පැවසුවෙමි.
දහවල් වන විට මේ සිද්දිය ලැව් ගින්නක් සේ පැතිරගොස් නැවේ සිටි හැම දෙනාම දැන ගෙන සිටියහ. කිහිප දෙනෙකු මේ පිලිබදව මාගෙන් ඇසුවේ නොහොබිනා වැඩක් කර අසුවෙකු සේ මා සමච්චලයට පත් කිරිමේ අභිලාෂය ඇතිවය.
එහෙත් මාගේ ප‍්‍රති පිලිතුරින් ඔවුන්ගේ අභිප‍්‍රායයන් හරිගියේ නැත.
එහෙත් දහවල් ආහාරය ගෙන ඩියුටියට යන්නට පෙර ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගෙන් කැදවිමක් ලැබින. ඔහු නිලධාරින්ගේ මෙස් කාමරයේ රැදි සිටියේය.
”ඇයි පාන්දර ක්ලින් කරන්න ගියේ? කවුද එහෙම කරන්න කිව්වේ?”
කිසිම දෙයක් නොදන්නා අයකුසේ ඔහු මාගෙන් ප‍්‍රශ්න කරයි.
”ඇයි චීෆ් ක්ලීන් කරලා නෑ කියලා මට බැන්නේ. ඉතිං ටුවෙල්ටු ෆෝ කරලා මට කරන්න පුලුවන් මේ වෙලාවට තමයි.”
කර කියා ගන්න දෙයක් නැතිව ටිකක් වේලා මා දිහා බලා සිටිය ඔහු.
”ඒවුනාට තමුසේ මහා මෝඩයෙක් වාගේ වැඩ කරන්නේ. මිට පස්සේ කල්පනා කරලා වැඩ කරනවා.”
ආධුනිකයින් යනු වැඩ ඉගෙන ගන්නට ආ තැනැත්තන් මිස සතුන් සේ මරව මරවා වැඩ ගන්නට පුලුවන් පිරිසක් නොවේ. මාගේ ඩියුටි වැටෙන වේලාව අනුව විංචි පිසදමන්නට වෙනත් වේලාවක් නොමැති නම් කලයුත්තේ වෙනත් වැඩක් පැවරිම මිස කෙසේ හෝ කලයුතු බව පවසමින් බැන වැදිම නොවිය. මාහට පැවරු රාජකාරිය නිසි ආකාරයෙන් සියලු අපහසුතා මධ්‍යයේවුවද ඉටුකලෙමි. මෝඩයා මාද ඔහුද යන්න මේ ලිපිය කියවන ඔබට බාර කරමි.
කෙසේ හෝ කැප්ටන්ගෙන් දෝෂාරෝපනය එල්ලවු අතර ඉන් පසුව ප‍්‍රධාන එන්ජිනේරුවරයා මාගේ උදෑසන පිරිසිදු කිරිම වෙනස් කලේය. ඒ කඩ්ඩා විසින් කරගෙන ආ නානකාමර හා වැසිකිලි දෙක සෝදා පිරිසිදු කිරිමට මාහාට පැවරිමයි. මෙය මාහට පැවරිමත් සමගින් ඩෙක් අංශයේ බක සිල්වාත් එඩිසන් ඇතුලු මාගේ සතුරන් කිහිප දෙනෙක් සතුටුවන අයුරු දැක ගන්නට හැකිවුනි.
No comments:
Post a Comment
අදහස් මෙතන නිදහස් කරන්න